අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන පරීක්ෂණයන් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. Sri Lanka Latest News
මේ වනවිටත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග ලබාගෙන තිබෙන බවයි කියන්නේ.
ඊට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, මර්වින් සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවයි අල්ලස් දූෂණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර ඇත්තේ.










