ජනාධිපතිවරණ සමයේ කඩිමුඩියේ බෙදා හරින ලද තැබෑරුම් බලපත්‍ර 50 ක් අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. Sri Lanka Latest News
මෙම බලපත්‍ර සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම හෝ ඒවා පිළිබදව සමාලෝචනය කිරීම පසුව සිදු කිරීමට නියමිත ය.
ජනාධිපතිවරණයට කිට්ටුව බෙදා දුන් මෙම බලපත්‍ර දේශපාලන සබදතා මත ලබා දුන් ඒවා බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම බලපත්‍ර පිළිබදව යලි සමාලෝචනයක් කරන විට, මහජන විරෝධය සහ ආගමික සිද්ධස්ථානවලින් එල්ල වන විරෝධය පිළිබදවද සැලකිල්ලට ගැනීමට නියමිත ය.










