• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

චීන නැවයි-ඉන්දීය විදේශ ලේකම්වරයායි-අමෙරිකාවේ ආරක්ෂක ලොක්කයි එකම සතියේ ලංකාවට ආවා! අනුරගේ ආණ්ඩුවත් ජාත්‍යන්තර අර්බූදයක පැටලෙයිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News‍

October 13, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජවිපෙ ප්‍රතිපත්තිය අවසන්! මනාප සටන පටන් ගනී!

රන්ජන්ටයි කමල්ටයි වෙච්ච දෙයක්!

හර්ෂට ලංකාදීපෙන් ආ ප්‍රහාරය!

චමල් සංජීව ආපහු ලොකු බෝම්බයක් පත්තු කරයි!

අනුර චීනෙට ඉඩදුන්නා

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී මේ ගතවෙන්නේ තෙවැනි සතියය. පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන්නේ අනුර ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඔහුගේ හැසිරීම දෙස, විශේෂයෙන් ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය දෙස ඉන්දියාව ඇතුළු බටහිර රටවල් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවකි. විශේෂයෙන්ම චීනය මුල්කරගෙන ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය දෙස ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා යැයි කියාය. අප කී මෙම කරුණ මේ සතිය වනවිට තහවුරු වන්නේ ජනාධිපතිවරයා ඇතුළු අලුත් ආණ්ඩුව බලයට පත්වී සති දෙකක් ඉක්ම යෑමට පෙර චීනයේ ආරක්ෂක නෞකාවකට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබාදීම හරහාය. මේ බව තහවුරු වූයේ පසුගිය සඳුදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මාධ්‍යවේදීන්ට කළ දැනුම් දීමත් සමගය. ඔහු කියා සිටියේ චීන රජය මේ සඳහා අවශ්‍ය අවසරය ඉල්ලා තිබුණු බවත්, ආණ්ඩුව එම අවසරය ලබාදුන් බවත්ය.Sri Lanka Latest News

කෙසේ වෙතත් චීන නෞකාවල අර්බුදය පටන් ගත්තේ අද ඊයේ නොවේ. ජනාධිපතිවරු දෙදෙනෙක් පරාජයට පත්වීම දක්වා වූ ප්‍රබල තැනකට මේ චීන නෞකා සිද්ධිය අතීතයේදී ලංකාවට බලපා තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ චීන සබ්මැරීනයකට ලංකාවට පැමිණීමට ඉඩ ලබාදීම හේතුකොට ගෙන එකල මහත් ආන්දෝලනයක් මතුව තිබිණි. ඒ, ඊට ඉන්දියාව දැඩි විරෝධයක් එල්ලකොට තිබීම හරහාය. පසුව එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළී යාම දක්වාම වර්ධනය වී ගියේය. එමෙන්ම ගෝඨාගේ පාලන සමය කාලයේදීද චීන යුද නැව්වලට ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීමට ඉන්දියාවේ දැඩි විරෝධය මැද අවසර ලබාදී තිබිණි. එසේ වී මාස කීපයක් යද්දී ගෝඨාගේ ආණ්ඩුව පෙරලුනා පමණක් නොව, ගෝඨාට රට අතහැර පලායන තැනට තත්ත්වය වර්ධනය විය. පසුව පැමිණි රනිල්ගේ ආණ්ඩුව මීට පිළියමක් ලෙස කළේ මේ දෙසැම්බරය දක්වා චීන ආරක්ෂක නැව්වලට ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීම තහනම් කිරීමය. අනුරගේ ආණ්ඩුව චීනයේ ආරක්ෂක නෞකාවකට ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදී තිබුණේ මේ පනවා තිබූ තහනමද ඉවත් කොටය.

අමෙරිකාවෙන් ප්‍රතිචාර

නව ආණ්ඩුව පත්වීමත් සමග මේ චීනය සමග ගැටලුව කරළියට එන බව අප මීට පෙරද සඳහන් කර සිටියෙමු. පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අනුර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුකළ අතිශය රහසිගත චීන සංචාරයක් පිළිබඳද තොරතුරු වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. එම තොරතුරු වාර්තා කොට සතියක් යෑමට මත්තෙන් චීන නැවේ ප්‍රශ්නය කරළියට පැමිණ ඇති අතර, එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වන ලකුණු පහළ කොට ඇත්තේ ඇමෙරිකාවද වහ වහා ඊට ප්‍රතිචාර දැක්වීමට තීන්දු කොට තිබීමත් සමගය. ආණ්ඩුව මෙම පුවත පළකොට පැය 24ක් යෑමට මත්තෙන් නිකුත් වූ නිවේදනයක දැක්වුණේ ඇමෙරිකානු රජයේ නාවික හමුදාවේ තරු හතරේ අද්මිරාල්වරයකු මෙන්ම ඇමෙරිකානු පැසිෆික් බළඇණියේ අණ දෙන නිලධාරී ස්ටීව් කේලර් ලංකාවට පැමිණීමට නියමිත යැයි කියාය. හෙතෙම 2021 වසරෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම මට්ටමේ ඇමෙරිකානු හමුදා නිලධාරියාය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අද්මිරාල් කේලර්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීම, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් වීම, ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා වන එක්සත් ජනපදයේ කැපවීම නැවත තහවුරු කිරීමට මෙන්ම ඇමෙරිකාව සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කරනු ඇතැයි කියාය. එමෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකාවේ ඇති කැපවීමද මෙම සංචාරයේදී අවධාරණය කරන බවද එම නිවේදනයේ සඳහන්ව තිබිණි.

ඉන්දියාවෙන් ආරාධනා

මේ ආකාරයට චීන ආරක්ෂක නෞකාවකට ලංකාවට පැමිණීමට ආණ්ඩුව අවසර දෙද්දී ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ එක්දින සංචාරයක නිරතව සිටියේය. එම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ලෙසට ආරාධනා කිරීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස ඉදිරි සති කිහිපය ඇතුළත ඉන්දියාවේ සංචාරය කිරීමටද නියමිතය. මෙහිදීද මේ චීන යුද නෞකා ප්‍රශ්නයට මුහුණ දීමට ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවනවා නොඅනුමානය.

අයි.එම්.එෆ්. වාරිකය පරක්කුයි

අලුත් ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති ඊළඟ ගැටලුව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුවන ගනුදෙනුව ඉදිරියට පවත්වාගෙන යෑමය. ජනාධිපතිවරණ සමයේදී කුමක් කීවද ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ වනවිට සිටින්නේ මූල්‍ය අරමුදල සමග වූ ගිවිසුම ඒ අයුරින්ම තවදුරටත් ඉදිරියට රැගෙන යායුතු බවට වූ ස්ථාවරයේය. නමුත් මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකාව සම්බන්ධයෙන් වන ඊළඟ සමාලෝචනය නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිදුකරනවා යැයි කියාය. එසේ නොමැති නම් එය සිදුකිරීමට නියමිතව තිබුණේ පසුගිය මාසයේය. ඒ අනුව මෙම සමාලෝචනය කල් යෑමත් සමග ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තුන්වැනි වාරිකය ලැබීමද ලබන වසරේ පළමු කාර්තුව දක්වා කල් යෑමට නියමිතය. කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින්නේ ලබන වසරට පෙර කෙසේ හෝ මෙම ණය වාරිකය මේ වසර ඇතුළතදීම ලබාගැනීමටය.
ඒ සඳහා ආණ්ඩුව යොදාගැනීමට සූදානම් වන්නේ මෙම මස 25 සිට 27 දක්වා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සම්මේලනයය. ඊට සහභාගි වීම සඳහා මේ වනවිටත් ආණ්ඩුවේ ඉහළම දූත කණ්ඩායමක් නම්කොට ඇති අතර, ඊට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද ඇතුළත්ව සිටිති. මෙම සාකච්ඡාවලදී කෙසේ හෝ මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය මේ වසර ඇතුළතදීම ලබාගැනීමට ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්ව සිටින නමුත්, අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ එය ලබන වසරේ ජනවාරි-පෙබරවාරි දක්වා කල් යෑමට ඇති ඉඩකඩ වැඩි යැයි කියාය. කෙසේ වෙතත් දැනටමත් මේ සඳහා වූ මාර්ගගත (ඔන්ලයින්) සාකච්ඡා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ආණ්ඩුව පැත්තෙන් ආරම්භ කොට ඇති බවත් ආරංචිය.

ජවිපෙ ප්‍රතිපත්තිය අවසන්

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ සටහනක් තබමින් අප කියා සිටියේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ විශාල නිශ්ශබ්දතාවක් හිටි හැටියේම මතුව ඇති බවකි. ජවිපෙ සාමාජිකයකු ඉතිහාසයේ පළමු වතාවට රටේ ජනාධිපතිවරයා බවට පත්වුවද ඒ පිළිබඳ සතුටු වනවාට වඩා කිසියම් ඉදිරි සැලසුමක් සම්බන්ධයෙන් ජවිපෙ සාකච්ඡා කරමින් සිටින බවද අපි එහිදී අනාවරණ කළෙමු. විශේෂයෙන්ම ජවිපෙ මෙවර මාලිමාව වශයෙන් වෙනස් මුහුණුවරකින් තරග කිරීම හේතුකොට ගෙන මහමැතිවරණයේදී ජවිපෙටත්, මාලිමාවටත් තරග කිරීම සඳහා ලබාදෙන කෝටාව සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක සිටින බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. එමෙන්ම වෙනදා මෙන්ම මහ මැතිවරණයේදී මාලිමාව මනාප සටනකට නොගොස් පක්ෂයේ තීරණය අනුව ඒ ඒ දිස්ත්‍රික්ක ලැබූ ජයග්‍රහණයන්ට අනුව මන්ත්‍රීවරුන් නම්කිරීමට තීරණය කොට ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
සාමාන්‍යයෙන් අතීතයේ සිටම ජවිපෙ යනු මනාප සටන ප්‍රතික්ෂේප කළ පක්ෂයකි. අනෙක් පක්ෂ සියල්ලම මහ මැතිවරණයේදී මනාප සටනට පිවිස එකිනෙකා මරාගන්නා දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වුවත්, සියල්ලන්ටම ආදර්ශයක් දෙමින් එදා සිටම ජවිපෙ කළේ මනාප ප්‍රතික්ෂේප කළ ඡන්ද ව්‍යපාරයකි. එය කිසිදු අවස්ථාවක වෙනස් නොකළ ප්‍රතිපත්තියක් බවට ඔවුන් පත්කරගෙන තිබිණි.

මාලිමාවත් මනාප සටනට

කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ රැකගෙන ආ එම ප්‍රතිපත්තියේ ප්‍රබල වෙනසක් සිදුව ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ජවිපෙ සහ මාලිමාවේ නියෝජිතයන්ට ඒ ඒ දිස්ත්‍රික්කවල තරග කිරීමට අවස්ථාව ලබාදීමත් සමග ජවිපෙද මේ වනවිට තීන්දු කොට ඇත්තේ මනාප සටනට පිවිස ඉහළම මනාප ගත් නියෝජිතයන් පාර්ලිමේන්තුවට එවීමටය. මේ බව මේ වනතෙක් ජවිපෙ කිසිදු නායකයෙක් එළිපිට කතාකොට නැතත්, එවිපෙ එක් අයකු පමණක් මේ බව පසුගිය සතියේ ප්‍රසිද්ධියේම රටට කීමට කටයුතු කළේය. ඒ, වෙන කවුරුවත් නොව මහනුවර මාලිමා කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන කේ.ඩී. ලාල්කාන්තය. ලාල්කාන්ත පසුගිය සතියේදී ජවිපෙ වෙනස් වුණු මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැනි කතාවකි.

‘මනාපවලින් තේරී පත්වෙන අය පාර්ලිමේන්තු යවනවා. ඒක තමයි ක්‍රමය. මැතිවරණ නීතියත් ඒක. ඊට වෙනස්ව කිසිවක් කෙරෙන්නේ නෑ. ඔය පරණ කතා. ඉස්සර කතා. ඉස්සර අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට ඡන්ද කරන කාලේ අපි මනාප කැම්පේන් කළේ නෑ. පක්ෂයෙන් තෝරලා කට්ටිය යැව්වා. මේක එහෙම එකක් නෙවෙයි. පොදුජන, බහුජන, දැවැන්ත ව්‍යාපාරයක්. මහජනතාව මනාප ලබාදීපු අය මනාප ලබාගන්නා අනුපිළිවෙළට තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාවට හරියන්න පාර්ලිමේන්තු යනවා…’ යනුවෙන් ලාල්කාන්ත එහිදී සඳහන් කොට තිබිණි.

යවන්න කලින් ගෙදර ගිහින්

මෙවර මහ මැතිවරණය මෙතෙක් ඉතිහාසයේ පවත්වන අපූර්වතම මැතිවරණය යැයි කිවහොත් එහි විවාදයක් නැත. මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ හොරු, දූෂිතයන්, වයෝවෘද්ධ පුද්ගලයන් දේශපාලනයෙන් ඉවත් කළ යුතු බවට රට ඇතුළෙන් නිරායාසයෙන්ම ගොඩනැගුණු දැවැන්ත විරෝධයකින් අනතුරුවය. රට බංකොලොත් කළ ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරු ගෙදර යැවිය යුතු බවට ජන මතයක් ගොඩනැගී ඇති පසුබිමකය. ජනතාව පාරට බැස අරගලයක් කොට ජනාධිපතිවරයෙක් ගෙදර යැවීමෙන් පසු වය. ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් අතිබහුතර මන්ත්‍රීවරු ප්‍රමාණයක් ගෙදර යවනු ඇති බවට ජනතාව කල් තියාම අනාවැකි පළකොට තිබිණි.

ඒ බව තහවුරු වීම නිසාදෝ කල් තියාම මෙවර ඡන්දයෙන් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් ප්‍රබල චරිත රැසක් තමන් මහමැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කොට තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිතිවරුන් තිදෙනකුම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවී ගෙදර සිටීමය. ඒ, මහින්ද රාජපක්ෂත්, මෛත්‍රීපාල සිරිසේනත්, රනිල් වික්‍රමසිංහත්ය.

මෙහිදී මහින්ද සම්බන්ධයෙන් නම් විශේෂ කරුණක් සඳහන් කළ යුතුව ඇත. අනෙක් දෙදෙනා කෙසේ වෙතත් මහින්ද නම් සිටියේ මෙවර මැතිවරණයටද තරග කිරීමේ සූදානමකය. නමුත් මහින්දට තරග නොකරන ලෙසට ලොකුම බලපෑමක් එල්ල කර තිබුණේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ගෝඨා, මහින්දට පණිවුඩයක් යවමින් දැනුම් දී තිබුණේ මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙසත්, මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වුවහොත් බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය. එහිදී මහින්ද ගෝඨාට දැනුම් දී තිබුණේ නාමල්ට හයියක් වීම සඳහා තමන්ද මහ මැතිවරණයට ඉදිරිපත් වන බවකි. කෙසේ වෙතත් අවසානයේදී රාජපක්ෂ පවුල ඇතුළෙන්ද මහින්දට එල්ල වූ බලපෑම හමුවේ මහින්ද තීරණය කොට තිබුණේ මහ මැතිවරණ සටනින් ඉවත් වීමටය.

මීට අමතරව රාජපක්ෂ පවුලේ ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක හැරුණු විට අනෙක් කිසිදු රාජපක්ෂවරයකු මෙවර මහ මැතිවරණයේදී දැකගන්නට ලැබුණේ නැත. චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පමණක් නොව නාමල් රාජපක්ෂද මෙවර මහ මැතිවරණයට තරග නොවදින අතර, නාමල් සූදානමින් සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමටය.

මෙන්න ලයිස්තුව

මීට අමතරව පොහොට්ටුව ඇතුළු ප්‍රධාන පක්ෂවල සිටි බලකණු රැසක්ම, මෙවර මහ මැතිවරණයේදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමකි. බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, එස්.බී. දිසානායක, ගාමිණී ලොකුගේ, විමලවීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජෝන් සෙනෙවිරත්න, ෂෙහාන් සේමසිංහ, තිස්ස කුට්ටිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, එස්.බී. දිසානායක, ශාන් විජයලාල් ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් කිරිඇල්ල, සී.වී. විග්නේෂ්වරන්, කනක හේරත්, මයන්ත දිසානායක, ගීතා කුමාරසිංහ, වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, විජයදාස රාජපක්ෂ ඒ අතර ප්‍රධානය. එමෙන්ම පසුගිය කාලයේ ප්‍රබල චරිත වූ විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවකද මෙවර පාර්ලිමේන්තු සටනින් ඉවත් වීමට කල් තියාම තීන්දු කොට තිබිණි.

මීට අමතරව පසුගිය පාර්ලිමේන්තුවට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු කළ කරු ජයසූරිය, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි පිරිස්ද මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීන්දු කොට ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තබමින් නවීන් දිසානායක කියා සිටියේ දූෂිතයන් සමග තරග කිරීමට නොහැකි බැවින් මහමැතිවරණයට ඉදිරිපත් නොවන බවකි. අනියමින් නවීන් පහර එල්ල කොට තිබුණේ පොහොට්ටුවේ සිට සිලින්ඩරයට එක්වූ හිටපු මන්ත්‍රීවරුන්ටය.

රන්ජන්ට වෙච්ච දේ

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ හිටිහැටියේම දේශපාලන ක්ෂේත්‍රයට මතුවූ චරිතය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ රන්ජන් රාමනායකය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් හේතුකොට ගෙන රන්ජන් සිරගත කෙරුණු අතර, පසුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ සමාව යටතේ ඔහුට යළි මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහුරා තිබිණි.

එසේ තිබියදී පසුගිය ජනාධිපතිවරණයේදී රන්ජන් වක්‍රව අනුරට සහාය දක්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එසේම අනුර ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසු ඔහු හමුවීමට රන්ජන් ජනාධිපති ලේකම් කාර්යාලයටද ගියේය. නමුත් එදින වැඩ රාජකාරි බහුල දිනයක් යැයි කියා ජනාධිපතිවරයා රන්ජන්ව හමුවීමට කටයුතු කළේ නැත. රන්ජන් මෙසේ ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබුණේ මාලිමාවෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාගැනීමට සහ තමන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති බාධා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. නමුත් ඒ අවස්ථාව රන්ජන්ට හිමි නොවූ අතර, පසුව මාලිමාව පැත්තෙන් කළ ප්‍රකාශවලින් කියැවුණේ රන්ජන්ට මාලිමාවෙන් තරග වැදීමට අවස්ථාවක් නැතැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ රන්ජන් මෙවර මැතිවරණයට කිසිදු පක්ෂයකින් ඉදිරිපත් නොවනු ඇති බවකි.

නමුත් හිටිහැටියේම පසුගිය අඟහරුවාදා දිනයේ මාධ්‍ය හමුවක් කැඳවූ රන්ජන්, තමන් මෙවර ‘ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ‘ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව අනාවරණ කළේය. එහිදී රන්ජන්ගේ දෙපසින් සිටියේ සජබයෙන් කළුතරට ඉදිරිපත් වෙන බව කී තිලකරත්න ඩිල්ෂානුත්, සජබයෙන් පාර්ලිමේන්තු පැමිණ රනිල්ගේ ආණ්ඩුව සමග එක්වී ඇමැතිකමක් භාරගත් වඩිවේල් සුරේෂුත්ය.

කෙසේ වෙතත් මේ ආකාරයට රන්ජන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන පක්ෂය පිළිබඳ සඳහන් කරන විට කිසිවකුත් එවැන්නක් පිළිබඳ ඊට පෙර දැන සිටියේ නැත. ඒ නිසාම සියලු දෙනා රන්ජන් කී මේ අලුත් පක්ෂය පිළිබඳ වහ වහා සොයා බලන්නට කටයුතු කළහ. එහිදී අනාවරණ වූ විශේෂ කරුණ වූයේ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ නමැති පක්ෂය යනු රන්ජන්ලා ඩිල්ෂාන්ලා අද ඊයේ හදපු එකක් නොව, සුබාස්කරන් අලිරාජාගේ ‘එක්සත් කොංග්‍රස් පක්ෂය‘ යන්නය. එහි ‘ඔටුවා‘ ලකුණ වෙනුවට මෙර ඊට ‘මයික්‍රෆෝනය‘ ලකුණ ලබාගෙන ඇති බවක්ද අනාවරණ විය. ඒ අනුව රන්ජන් මෙවර මහ මැතිවරණයට තරග වැදීමට සූදානම් වූයේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල චරිතයක් වූ අලිරාජා සුබාස්කරන්ගේ පක්ෂයෙනි.

කමල්ටත් දොර වහයි

රන්ජන් ගැන කතාකරන විට මෙවර මහ මැතිවරණයේදී අමතක කළ නොහැකි තවත් විශේෂ කලාකරුවකුද සිටී. ඒ, වෙන කවුරුවත් නොව සම්මානනීය රංගන ශිල්පියකු වන කමල් අද්දරආරච්චිය. කමල් මෙවර සූදානමින් සිටියේ මාලිමාවෙන් තරග වැදීමටය. ඒ සඳහා පසුබිම සකස් කරගනිමින් කමල් ජනාධිතිවරණයේදී අනුර වෙනුවෙන් විශේෂ වැඩකොටසක්ද කළේය. නමුත් අවසන් මොහොතේදී කමල්ටත් මාලිමාවේ දොර වැසිණි. ඒ අනුව අවසානයේදී කමල් තීන්දු කළේ තමන්ට මාලිමාවෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි නම්, ජවිපෙ නිර්මාතෘවරයා වූ රෝහණ විජේවීරගේ පුතා නියෝජනය කරන දෙවැනි පරපුර සංවිධානයෙන් හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වීමටය. ඒ අනුව අවසානයේදී ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ රෝහණ විජේවීරගේ චරිතයට පණ පෙවූ කමල් අද්දරආරච්චිට සිදුවූයේ රෝහණ විජේවරගේම පුතාගේ පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමටය.
එජාපය කුජීතයි

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයටද මුහුණ දීමට සිදුව ඇත්තේ අතිශය බරපතළ ඛේදනීය ඉරණමකටය. පසුගිය මහ මැතිවරණයේදී එජාපය කිසිදු ආසනයක් ජය නොගත් අතර, යන්තම් ලැබුණු ජාතික ලැයිස්තුවට පින් සිදුවන්නට රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට හැකි විය. මෙවර රනිල් මැතිවරණයට ඉදිරිපත් නොවන බව කල් තියාම ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම රනිල් වෙනුවට පාර්ලිමේන්තුවට පැමිණි වජිරද පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කළේ වෙන කවුරුවත් නොව, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනය. රුවන් එසේ කියද්දීම අප ‘රාජ්‍ය රහස්’ ඔස්කේ කියා සිටියේ රනිල් මේ සූදානම් වන්නේ නැවත වතාවක් ගේමක් ගැසීමට යැයි කියාය. රනිල්ට අවශ්‍යව තිබුණේ තමන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව රුවන් හරහා ප්‍රකාශ කොට, එජාපය හා සජබය එක්කොට, සජබයේ පිහිටෙන් එජාප කණ්ඩායමක් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමටය. මේ නිසා රුවන් සජබ ප්‍රධානීන් අතර සාකච්ඡා පැවැත්වෙද්දී හර්ෂට සහ ඉරාන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් රනිල් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත්, රනිල්ගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ පවා රනිල්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවත් කියා තිබිණි. නමුත් රුවන් මේ කරන්නේ බොරු රඟපෑමක් බව ඒ අවස්ථාවේදීම අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කර සිටියෙමු. මන්ද යත් රුවන් යනු පසුගිය කාලය පුරාම සජබයෙන් මන්ත්‍රීවරු කඩාගැනීමේ ‘හයිඩ්පාර්ක් කෝනර්‘ කුමන්ත්‍රණය දියත් කළ පුද්ගලයාය. ඒ සියලු කුමන්ත්‍රණ සාකච්ඡා සිදුවූයේ රුවන්ගේ හයිඩ්පාර්ක් කෝනර් හි පිහිටි එම නිවෙසේය.

හර්ෂට ප්‍රහාරයක්

මේ ආකාරයට සජබය කැඩීමේ කුමන්ත්‍රණයේ සිටි රුවන් විජයවර්ධනගේ පවුලට අයත් ලංකාදීප පුවත්පත පසුගිය සතියේ හර්ෂ සම්බන්ධයෙන් පුවතක් පළකිරීමට පියවර ගෙන තිබිණි. එම පුවත ඔවුන් උපුටාගෙන තිබුණේ හර්ෂ විසින් ‘නෙත් එෆ්.එම්.’ ගුවන්විදුලියට ලබාදී තිබූ ප්‍රකාශයකිනි. නමුත් ලංකාදීප එය සඳහන් නොකොට හර්ෂ ලංකාදීපයට ලබාදුන් ප්‍රකාශයක් සේ පළකිරීමට පියවර ගෙන තිබීම හරහා හර්ෂ මහත් අපහසුතාවට පත්ව තිබිණි. ඒ අනුව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් හර්ෂගෙන් ප්‍රශ්න කරද්දී දැඩි කෝපයෙන් යුතුව ඔහු ලංකාදීපයටත්, ලංකාදීපයේ මාධ්‍ය භාවිතයටත් එරෙහිව දැඩි විවේචනයක් කළේය. හර්ෂ කියා සිටියේ තමන්ව මෙවර කොළඹින් පරාජයට පත්කිරීමට යම් යම් පිරිස් විශාල කුමන්ත්‍රණයක් දියත් කොට ඇතැයි කියාය. මේ සම්බන්ධයෙන් තමන් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා නමුත්, ලංකාදීප පුවත්පතේ සභාපතිවරයා වූ රුවන්ගේ සහෝදර සුජාන් විජේවර්ධනට මේ සම්බන්ධයෙන් තමන් හා සාකච්ඡා කරන ලෙසට අභියෝග කරන බවද මෙහිදී හර්ෂ කියා සිටියේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පහුගිය කාලයේදී හර්ෂලා කරේ තියාගෙන සිටි ලංකාදීපයෙන්ම මේ වනවිට හර්ෂලාට ප්‍රහාර එල්ල කරන තැනට පත්ව තිබීමය.

තවත් අතේ රෝලක්

මේ ආකාරයට යමින් පසුගිය සතියේ ලංකාදීප පුවත්පත රනිල් සම්බන්ධයෙන් තවත් අසත්‍ය පුවතක් පැළකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් කියා තිබුණේ රනිල්ට එතෙක් ලබාදී තිබූ ආරක්ෂාව වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාද සමගින් පොලිස් නිලධාරීන් 307ක් සහ තාවකාලිකව අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් 24 දෙනෙක් මෙසේ ඉවත් කර ඇති බවද එම පුවතෙන් අනාවරණ කොට තිබිණි.
නමුත් මෙම පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා එදිනම මාධ්‍ය වෙත අවධාරණය කොට තිබිණි. රනිල්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 50 දෙනකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එලෙසම රනිල්ට ආරක්ෂාව සපයන බවද එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කොට තිබිණි. මේ අනුව ලංකාදීපය පළකොට තිබූ තවත් ගල් පැලෙන බොරුවක් පසුගිය සතියේ රටට අනාවරණ විය.

චමල්ගෙන් යළි බෝම්බයක්

මෙවර මහ මැතිවරණයේදී සියල්ලන්ගේම අවධානය යොමුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තු දෙසය. පසුගිය කාලය පුරාම කොළඹින් අවුරුදු 30-40 පාර්ලිමේන්තු පැමිණි මැති ඇමැතිවරුන් අපේක්ෂක ලැයිස්තුවට අරක් ගෙන සිටියද මෙවර එවැනි තත්ත්වයක් දැකගන්නට නැත. ඒ වෙනුවට මෙවර සෑම පක්ෂයකින්ම පාහේ අලුත් මුහුණු කොළඹින් තරගයට ඉදිරිපත් වී ඇති ආකාරයක් දැකගන්නට ඇත.

එහිදී සජබ අපේක්ෂක ලැයිස්තුව දෙස මෙවර බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. සජිත්ගේ නායකත්වයෙන් යුතුව තරග වදින සජබ අපේක්ෂක ලැයිස්තුවේ විශේෂ පුද්ගලයන් දෙදෙනකු තරගයට ඉදිරිපත් වී ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ දෙදෙනා වෙන කවුරුවත් නොව දොස්තර චමල් සංජීව සහ අප්සාරි සිංහබාහු තිලකරත්නය.

දොස්තර චමල් සංජීව යනු මේ රටේ සිදුවෙමින් පැවැති අතිභයානක ඖෂධ වංචාව පළමු වරට රටට හෙළිදරව් කළ පුද්ගලයාය. කෙහෙළියගේ කාලයේ සිදුවූ අති දැවැන්ත ඖෂධ වංචා රටට හෙළිදරව් කිරීම හේතුවෙන් චමල් සංජීවට ආණ්ඩුවේ රස්සාවද නැතිවිය. එසේ වූවා කියා චමල් සංජීව සටන අතහැරියේ නැත. පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් පවා කෙහෙළිය ජය ගනිද්දී ඒ කිසිවකට පසුබට නොවූ චමල් සංජීව, කෙහෙළිය සිරගත කරන තැන දක්වාම අඛණ්ඩව සටන් කළ ආකාරයක් දැකගත හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ මේ රටේ ජනතාවට ඖෂධ වංචාවේ අලගිය මුලගිය තැන් දැනගැනීමට හැකිවූවා පමණක් නොව, පළමු වතාවට මාස ගණනක් තිස්සේ සිරගතව සිටීමට සිදුවූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ දොස්තර චමල් සංජීවද මෙවර තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සජබ ලැයිස්තුවෙන්ය. චමල් නියෝජනය කරන්නේ එදා එජාපයේ පතාක යෝධයකුව සිටි ලලිත් ඇතුලත්මුදලි නියෝජනය කළ රත්මලාන ආසනයය.

මේ ආකාරයට තමන් කොළඹින් ඉදිරිපත් වන බවට ප්‍රකාශ කොට පැය 24ක් යෑමට මත්තෙන් චමල් සංජීව තවත් දැවැන්ත දේශපාලන බෝම්බයක් අතහැරීමට පියවර ගත්තේය. ඒ, නැවත වතාවක් ඖෂධ ජාවාරම්කරුවන් අලුත් ආණ්ඩුව යටතේ වැඩ පටන්ගෙන ඇති බවත්, ලබන වසර සඳහා ඖෂධ ආනයනය කිරීමේදී රමේෂ් පතිරණ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාම යම් යම් සංශෝධනවලට ලක්කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් කියමිනි. මේ හේතුවෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක්ම ප්‍රතික්ෂේප වී ඇති බවද වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කර සිටියේය.

මාධ්‍ය එය වාර්තා කර තිබුණේ මෙසේය.

හිටපු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ විසින් ඉදිරිපත් කරනු ලැබූ ඖෂධ ගෙන්වීමට අදාළ ආන්දෝලාත්මක කැබිනට් පත්‍රිකා නැවත යම් සංශෝධනයන්ට ලක් කර එම නිලධාරීන් විසින්ම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරිය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවට සැකයක් පවතිනවා යැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ 2025 වසර සඳහා දේශිය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවිම හරහා එය මානව පැහැදිලි වන බවය.

වසර 15ක් 20ක් එකම නිලධාරි ජාලය විසින් පාලනය කළ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ අත්හල නොහැකි වගකීමක් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය, ඇමතිවරිය සහ ජනාධිපතිවරයා සතු වන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ගැලවීමක් නෑ වගේ! මහින්දානන්ද-ප්‍රසන්න-රෝහිත-ජොනී-අනුප-මර්වින් වත්කම් උපයාගත් හැටි හොයන්න අල්ලස් කොමිසම වැඩ පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

ගංවතුර නිසා පාසල් රැසක් දින 2ක් වහයි! සමහර පාසල් හෙට විතරක් වහලා! I Sri Lanka Latest News‍

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.