ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය. (Sri Lanka Latest News)
මෙම දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ 579 දරන ගුවන් යානයෙන් උදෑසන 08.37ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .
දේහය භාරගැනීම සදහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දුව, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බව , ජයනි මධුවන්ති මහත්මිය පැවසුවාය.
gossiplankanews