• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් බිලියන 100ක් ණය තියෙන රටක ඩොලර් බිලියන 10ක් ප්‍රතිව්‍යුහගත කළාම ඒක සුබ ආරංචියක්ද? ගිවිසුම හෙළිනොකර අනුමැතිය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිත් මොකටද? මේ හදන්නේ තවත් දේශපාලන උප්පරවැට්ටියක් කරන්න! VIDEO I Sri Lanka Latest News

July 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ඩොලර් එක අඩු වෙලා තියෙන්නේ විකෘතියකින්! මේ රට තනි මිනිහෙකුට ගොඩදාන්න බෑ! හොඳ වැඩපිළිවෙළක් එක්ක හොඳ කණ්ඩායමක් දැන් රටට ඕනේ! ඉදිරි මාස 6 ඇතුළත මහමැතිවරණයක් තියන්නම වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේදී ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් කිසිදු කරුණුක් ඉදිරිපත් නොකර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ආණ්ඩුව උත්සහ කරන බවත් නෛතිකව එලෙස අනුමැතියක් ලබාගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් එය දේශපාලන උප්පරවැට්ටියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුව 2024 මාර්තු මාසය අවසන් වනවිට රටේ සමස්ථ ණය බර ප්‍රමාණය ඩොලර් බිලියන 100.2 ක් වනවා.  එයින් දේශීය ණය අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 57.3 ක්. විදේශීය ණය අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 37 ක්. ඒ වගේම රජය රාජ්‍ය ආයතනවලින් අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 5.9 ක්.  සමස්ත විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42.9 යි. එයින් ද්විපාර්ශ්වීය ණය තිබෙනවා ඩොලර් බිලියන 10.6 ක්. 

රජය පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙන්නේ ඩොලර් බිලියන 4.2 කට. පැරිස් සමාජයට අයිති නැති ද්විපාර්ශ්වික රටවල් වලින් ඩොලර් බිලියන 6.4 ක් අරගෙන තිබෙනවා. එයින් ඩොලර් බිලියන 5.8 ක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙනවා. විදේශ ණය වලින් ඩොලර් බිලියන 10 ක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙනවා. ඩොලර් බිලියන 42.9 ක් වන විදේශ ණය වලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙන්නේ ඩොලර් බිලියන 10 යි. ප්‍රතිශතයක් වශයෙන් සියයට 23.3 ක්.

ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් කිසිදු කරුණුක් ඉදිරිපත් කරන්නේ නෑ. ඒ වගේම ‍ණයප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනුමැතියක් ගන්න ආණ්ඩුව උත්සහ කරනවා. ණයප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් නෛතිවය අනුමැතියක් ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ. එම එකඟතාවය ගන්න යන්නේ ණයප්‍රතිව්‍යුගතකරණය පිළිබඳව කිසිදු දෙයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර.

ඒ වගේම ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් තිබෙන්නේ වාණිජ ණය. එය ඩොලර් බිලියන 14.7 ක්. ඒ ණය ප්‍රමාණයට කුමක් සිදුවෙනවද කියලා කියන්නේ නෑ. ඩොලර් බිලියන 100 ක් ණය තිබෙන රටක ඩොලර් බිලියන 10 ක් ප්‍රතිව්‍යුගතකරණය කරා කියලා එය රටට සුබ ආරංචියක් වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර ගන්න අවස්ථාවේ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83 යි. දැන් ඩොලර් බිලියන 100.2 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා.

ඩොලර් බිලියන 14.7 ක් වන වාණිජ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුගතකරණය කිරිමට ආණ්ඩුව යොමුකළ යෝජනාව වැරදියි. වාණිජ ණය හිමියන්ගෙන් සියයට 28 ක මුහුණත අගය කපා හැරීමක් තමයි ශ්‍රි ලංකාව ඉල්ලලා තිබෙන්නේ. නමුත් ඒ සියයට 28 ට වාණිජ ණය හිමියන් එකඟ වෙලා නෑ. වාර්තා වන අකාරයට වාණිජ ණය හිමියන් සියයට 7 ක මුහුණත අගය කපා හැරීමක් සඳහා තමයි එකඟවෙලා තිබෙන්නේ.

ලංකාව ඩොලර් ආදායමට සාපෙක්ෂව නෙවෙයි වාණිජ ණය හිමියන්ට යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ රුපියල් ආදායමට සාපෙක්ෂව. රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 82 ක් බවට පත් වෙන්නේ වැට් ආදායම ,
බදු ආදායම , පුද්ගලික බදු ආදායම් විශාල ලෙස වැඩි කළ නිසා. එයින් තීරණය වෙන්නේ නෑ රටේ ණය ගෙවීමේ හැකියාව විශාලයි කියලා.

ඒ වගේම ණය ගෙවන්න තිබෙන්නේ රුපියල්වලින් නෙවෙයි ඩොලර් වලින්. ණය ගෙවීමට ඩොලර් සංචිතය අඩුවෙන අවස්ථාවට පිටතින් ඩොලර් මිලදී ගන්න වෙනවා. එවිට සාමාන්‍ය ඩොලර් අගයට වඩා විශාල අගයකට ඩොලර් මිලදී ගන්න රජයට සිදුවෙනවා. රජයේ රුපියල් ආදායම වැඩිවෙන්නේ රටේ ජනතාවට අධික බදුබරක් පටවලා එයින් ලබාගන්න ආදායමෙන්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී රටේ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සහ අපෙක්ෂකත්වය තහවුරු කර ගැනීම සඳහා තිබෙන කලබලය හේතුවෙන් නිසි සාකච්ඡාවක් නොකිරීමෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකිරිම නිසා රටේ ජනතාවට එයින් කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ.

රටේ තිබෙන ප්‍රධාන අභියෝගය තමයි මේ ණය ප්‍රමාණය ගෙවා දැමීම. වචන වලින් හරබ කරලා මේ ණය ප්‍රමාණය ගෙවා දමන්න බෑ. ඒ වගේම බදු වැඩිකරලා රටේ ජනතාව පීඩාවට පත් කරලා මේ ණය ගෙවීම් සිදුකරන්න බෑ. මේ ණය ප්‍රමාණය අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම බදු බර ලිහිල් වෙලා යම් සහනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. එය සිදු කරන්න නම් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලබාගත හැකි උපරිම සහන ලබා ගත යුතුයි. ඒ වගේම ඩොලර් ආදායම වැඩි කිරිම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. අපනයනයෙන් දැනට ලැබෙන්නේ ඩොලර් බිලියන 12 ක මුදලක්. ඩොලර් බිලියන 12 කින් රටක ආර්ථිකයක් ගෙනියන්න බෑ. ඩොලර් ආදායම වැඩි කළ හැක්කේ අපනයන වැඩි කිරිමෙන් සහ සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමෙන්.

ඒ වගේම මුහුණත අගය කපා හැරීම සියයට 7 කට ලබා ගැනීමට සමගි ජනබලවේගය විරුද්ධයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙතෙක් ශ්‍රී ලංකාව නොගෙවපු ණය ගෙවීම නැවත ආරම්භ කළ යුතුයි. මුහුණත අගය සියයට 28 ක් ලෙස ලබා ගත්තත් ඩොලර් මිලියන 800 ක් මේ වසරේ සිට ගෙවිය යුතුයි. ඒ මුදල ගෙවන්න භාණ්ඩාගාරයේ මුදල් සංචිත නෑ. රටේ අපනයනය වැඩි වුණේ නැත්නම් ඒ ණය මුදල ගෙවන්න බෑ. වාණිජ ණය හිමියන් මුහුණත අගය කපා හැරීම සියයට 7 ක් ලබාදෙනවානම් ගෙවිය යුතු ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් මිලියන 1500 ට වඩා වැඩි වෙයි. එපමණ මුදලක් ගෙවන්න ශ්‍රී ලංකාව සතු මුදල් සංචිත නෑ. ඒ මුදල ගෙවන්න රටේ මුදල් අච්චු ගහන්නත් බෑ. එහෙම වුණොත් බදු වැඩි කිරිම තමයි රජය සිදුකරන්නේ.

ඒ වගේම රාජ්‍ය සම්පත් විකුණලා රට වැටි තිබෙන අගාධයෙන් ගොඩ ගන්නත් බෑ. ඒ නිසා අයෝජන සහ අපනයන වැඩි කර ගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. එය තනි පුද්ගලයෙකුට සිදුකරන්න නොහැකියි. ඒ සඳහා වැඩපිළිවෙළක් සහ දැක්මක් තිබෙන කණ්ඩායමක් සිටිය යුතුයි. ප්‍රායෝගිකව ඉලක්කයක් ඇතිව වැඩකරන්න පුලුවන් දශක්ෂ කණ්ඩායමක් සිටින්නේ සමගි ජනබලවේගයට පමණයි.

එමෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබනවානම් ඒ බර රටේ ජනතාව මත පැටවිය යුතු නෑ.
ඒ වගෙම පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම සිදුකළ යුතුත් නෑ. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පරිපර්තනය කිරිම තමයි සිදුකළ යුත්තේ. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව මත පටවන්නේ නැතිව පවත්වාගෙන යන්න නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයට යා යුතුයි. ‘‘

SendShareShare
Previous Post

දැන දැනම කරපු වැරැද්දට එරෙහිව අල්ලස් කොමිසම ඩයනා පස්සේ පන්නන්න පටන් අරන්!  I Sri Lanka Latest News

Next Post

ත්‍රිකුණාමලයේදී අතුරුදන් වූ ඊශ්‍රායල තරුණිය දවස් 3කට පසු කැලයකින් හමුවෙයි! ඔළුව ටිකක් අවුල් වෙච්ච ගතියක්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.