ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියෙන් හමු වූ නාදුනන කාන්තා මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සති 3 කින් නිකුත් කිරීමට නියමිතයි. (Sri Lanka Latest News)
මේ අතර ඇයගේ වම් අතේ මධුශංඛ යනුවෙන් පච්චයක් කොටා තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණා.
තලවකැලේ වෙස්ටර්න් කදුවැටියේ තිබූ මෙම කාන්තා මළසිරුර සොයා ගැනුණේ එහි කදවුරු බැදීම සදහා පැමිණි පිරිසක් සිරුර දැක පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.
මේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය වීරසේකර මහතා විසින් සිදු කරනු ලැබුවා.
මියගිය කාන්තාව අවුරුදු 40 ත් 45 ත් අතර වයසේ පසුවන්නියක බවත් ශරීර කොටස් තවදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය නිසා මරණ පරීක්ෂණ වාර්තාව සති තුනකින් නිකුත් කරන බවත් වෛද්‍යවරයා පවසා තිබෙනවා.
මෙම සිරුර හමු වූ ප්‍රදේශය ආශ්‍රිතව පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බවයි ලිදුල පොලීසිය පවසන්නේ.
මෙම සිද්ධියත් සමග ග්‍රේට් වෙස්ටර්න් රක්ෂිතයට ඇතුළු වීම සහ කදු මුදුනේ කදවුරු බැදීම තහනම් කර තිබෙනවා.
itnnews










