ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී තිබේ.Sri Lanka Latest News
ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඊසාන දිග වොරන්ඩයිට් ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයෙන් මෙම යුවළගේ සිරුරු හමුවී තිබුණේ ඊයේ පෙරවරු කාලයේදී ය.
එක් සිරුරක් යුවළට අයත් බවට පැවසෙන මෝටර් රථය තුළ සහ අනෙක් සිරුර ඒ ආසන්නයෙන් සොයා ගෙන තිබුණි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළක් බව අනාවරණ වී තිබේ.
ඔවුන් වයස අවුරුදු 70-80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඔවුන්ගේ මරණයට හේතුව දැනගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටිය යුතු බව පොලීසිය පවසා තිබේ.
කෙසේවුවද මෙය සැකකටයුතු මරණයක් නොවන ලෙස පොලීසිය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය ගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25ක පමණ කාලයක් ජීවත්ව තිබුණි.
එමෙන්ම ඩොයින් කැස්ප්ර්ස්, ඔස්ට්‍රේලියාවේ වාර්ගික ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන බර්ගර් සංවිධානයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.










