• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවේදී ලංකාවේ 6 දෙනකු මරා දැමූ ඝාතකයාගේ නැන්දා කැනඩා මාධ්‍යයට කතා කරයි! ‘පුතා මුලින්ම කැනඩාවට ඇවිත් හිටියේ අපිත් එක්ක! හරිම හොඳ ළමයෙක්! ඒත් අවුරුද්දකට පෙර පුතා අපි සමඟ ඇති සබඳතා සියල්ල නතර කළා! දුරකථන අංක බ්ලොක් කළා! සමාජ මාධ්‍ය තුළ පවා ඔහු අපිව ඉවත් කළා! මම හීනයකින්වත් මේ වගේ දෙයක් නම් හිතුවේ නැහැ! දැන් මට නින්ද යන්නෙත් නෑ!’ I Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

කැනඩාවේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලේ දිවි බේරා ගනු ලැබු ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති අතර ඔහු සැත්කමක් සඳහා ද යොමුකර තිබේ. Sri Lanka Latest News

එම ප්‍රහාරයෙන් ධනුෂ්කගේ අතේ ඇඟිල්ලක් ද අහිමිවී ඇති බව වාර්තා වෙයි.

මේ අතර එම ප්‍රහාර සිදුකළ 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසාගේ නැන්දණිය පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ  පසුගිය වසර ඇතුළත ඔහුගේ හැසිරිමේ දැඩි වෙනස්වීමක් සිදුව ඇති අතරම ඔහු සිය ඥාතීන්ගෙන් සම්පූර්ණයෙන් දුරස්වී හුදෙකලා ජීවිතයකට හුරුව ඇති බවය. 

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු  සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුණේ පසුගිය බදාදා රාත්‍රීයේ දී ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනය සිදු වූ නිවසේම පදිංචිව සිටි  19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට පත් වුණි.

මේ වනවිට එම තරුණයාට මිනිමැරීම් හයක සහ මිනී මැරීමට උත්සාහ කිරීම් එකකට චෝදනා එල්ලවී තිබේ. 

ඔටාවා ඉතිහාසයේ සිදුවු දරුණුතම සමූහ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකාර ෆ්‍රෑන්ක්ගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ ඔහුගේ හැසිරීම මෑත කාලයේදී ඉතා ඉක්මනින් වෙනස්වීමකට ලක්වු බවය. 

ඒ සම්බන්ධයෙන් ෆ්‍රෑන්ක් ද සොයිසාගේ නැන්දණිය වන අනූෂා ද සොයිසා කැනේඩියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. 

“මේ සිදුවීම අහලා මාව වෙව්ලන්න ගත්තා, ඒ පවුල ඔහුට ඉතා හොඳින් සැලකුවා. ඒ වගේම එම පවුල හරිම හොඳ පවුලක්, මේ දේ අහලා මම ගල් ගැසුණා, මට තවමත් නිදාගන්න බැහැ.” 

“මගේ සහෝදරයාගේ වැඩිමහල් පුතා තමයි ෆ්‍රෑන්ක්, මීට අවුරුදු දෙකකට පෙර තමයි ඔහු කැනඩාවට පැමිණියේ,  ඔහු ඉතා නිහඩ තරුණයෙක් ඒවගේම ඉතා යහපත් පුද්ගලයෙක්.”

ෆ්‍රෑන්ක් කැනඩාවට පැමිණි පසු පළමු මාසයේදී පදිංචිව සිට ඇත්තේ නැන්දණිය වන අනූෂා ද සොයිසා සමගය.

ඇල්ගොන්ක්වින් විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදරූ ෆ්‍රෑන්ක් එහිදි ඝාතන සිදුවීමෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන ධනුෂ්ක වික්‍රමසිංහ හඳුනාගෙන තිබේ.

“ධනුෂ්කගේ පවුලේ සමාජිකයින් ඔටාවා වෙත පැමිණියාට පසු, ධනුෂ්ක ජිවත්වුණු බෙරිගැන් ඩ්‍රයිව් නිවසේ පදිංචියට ගියේ ඒ හැඳුනුම්කම මතයි.” 

කෙසේවෙතත් ධනුෂ්කගේ නිවසේ පදිංචියට යාමට පෙර ෆ්‍රෑන්ක් ඔටාවා හී තවත් ඥාතියෙකුගේ නිවසක වාසය කර ඇති බව ද නැන්දණිය පවසයි. 

ඇය පෙන්වා දෙන්නේ, පසුකාලීනව සිය ඥාතීන් සියලුදෙනා මගහැරි ෆ්‍රෑන්ක් ධනුෂ්කගේ නිවසේ වාසය කිරීමට ගොස් ඇති බවය. 

“ඔහු අවුරුද්දකට පෙර අපි සමඟ ඇති සබඳතා සියල්ල නතර කළා. දුරකථන අංක සබඳතා සියල්ල අවහිර කළා, ඒ වගේම සමාජ මාධ්‍ය තුළ පවා ඔහු අපිව ඉවත් කළා. ඔහුගේ ජිවිතයෙන් අපිව අවහිර කර දැම්මා. මම කවදාවත් හීනයකින්වත් මේ වගේ දෙයක් නම් හිතුවේ නැහැ.”

මේ අතර දැඩි කැපුම් තුවාල සහිතව රෝහල්ගතව සිටින ධනුෂ්කගේ  එක් අතක ඇඟිල්ලක් සම්පූර්ණයෙන් වෙන්ව ගොස් ඇති බව ඔහුගේ සුවදුක් විමසා බැලූ ඔටාවාහී හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේ පූජ්‍ය සූනිත හිමියන් පවසයි. 

ඔටාවාහී හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේ පූජ්‍ය සූනිත හිමියන්,

“ඔහුගේ මැද ඇඟිල්ල සම්පූර්ණයෙන්ම කැපීමෙන් ඉවත්වෙලා, අනෙක් ඇඟිල්ලට ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔහුගේ ඇගේ පිටුපස හා ඉදිරිපසට තුවාල සිදුව තිබෙනවා. ඔහුගේ මුහුණේ නාසයට සහ ඇස අතර කොටසේ විශාල කැපුම් පහරක් පවතිනවා.”

තම බිරිඳ ඇතුළු දරුවන් ඝාතනයට ලක්කළ බවට පැවසෙන සැකකරු පිළිබඳවත් අනුකම්පා සහගතව බැලිය යුතු බව ධනුෂ්ක රෝහලේ සිට පවසා ඇත.

“මගේ ජීවිතය විනාශ වුණා. නමුත් අපරාධය සිදුකළ පුද්ගලයාත් තරුණයෙක්. ඒ නිසා ඔහු පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව ඔහු පැවසුවා.” යැයි කැනේඩියානු බෞද්ධ කොංග්‍රසයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු පවසා තිබුණි.

එමෙන්ම වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසේ හිමිකරු වන හර්ප්‍රීත් චාබ්රා ද ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කැනඩා මාධ්‍යයට අදහස් පළකළේය. 

“මම මේ ෆ්‍රෑන්ක් ද සොයිසා කියන පුද්ගලයාව දන්නේ නැහැ. මම මේ නිවස කුලියට ලබාදුන්නේ මේ පවුලේ අයට පමණයි. මම මේ පුද්ගලයා මොවුන් සමග ජිවත්වුණාද කියලා දන්නේ නැහැ. ඒ වගේම අමරකොන් කියන පුද්ගලයාත් මෙම නිවසේ ජීවත් වුණා ද කියලත් මම දන්නේ නැහැ.”

නිවසේ හිමිකරු වැඩිදුරටත් පවසන්නේ පසුගිය සරත් සමයේදී පිරිස මෙම නිවසේ පදිංචියට පැමිණි බවය. 

“ධනුෂ්ක ඉතා කරුණාවන්ත හොඳ පුද්ගලයෙක් ඔහු නිසි වේලාවට නිවසේ කුලිය ගෙව්වා වගේම මේ නිවසත් හොඳින් රැකබලා ගත්තා.”

“ඇත්තටම මට මේ සිදුවීම ගැන කියන්න චචන නැහැ, මම කම්පනයට පත්වෙලා වගේම මේ පවුල පිළිබඳව ලොකු කණගාටුවක් ඇතිවෙනවා.” 

සය පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔටාවා පොලිසියේ අත්අඩංගුවේ පසුවන ෆ්‍රෑන්ක් ද සොයිසා ලබන 14වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් පුද්ගලයින් 6දෙනෙකු ඇතුළු කුඩා දරුවෙකු සමූහ ඝාතනය කිරීම සඳහා ෆෑන්ක්ගේ පෙළඹවීම කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත. 

මේ අතර ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටින ධනුෂ්ක වික්‍රමසිංහ බැලීමට ගිය බව විදෙස් කටයුතු අමාත්‍යංශය අද නිවේදනය කළේය. 

එම නිවේදනයේ දැක්වෙන්නේ, මරණ පරීක්ෂණවලින් පසුව වින්දිතයින්ගේ ඥාතීන්ගේ කැමැත්තට අනුව මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන බවය. 

නිවසේ හිමිකරු හර්ප්‍රීත් චාබ්රා,

“නිවසේ හිමිකරු විදිහට මම ගොඩක් පුදුම වුණා. ඒ පවුල සමගම සිටි කෙනෙක් මේ දේ කළේ. එහෙම කෙනෙක් සිටින බව මම දැන සිටියේ නැහැ.”

SendShareShare
Previous Post

වටපිට ආසනවලින් සෙනග ඇදලා නෑ! වන්නි හත්පත්තුව හෙවත් යාපහුව ආසනේ ජනතාව විතරයි! ආණ්ඩුවෙන් සජබෙට ආපු ජයරත්න හේරත් මහා ජනකායක් සමග සජිත්ව යාපහුවට අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සජබෙ මුලින්ම වර්ජනය කළා! ජවිපෙත් ජනාධිපතිගේ සඳුදා IMF රැස්වීම වර්ජනය කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.