ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.Sri Lanka Latest News
මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියට ජෙනරාල්වරයා මෙම දැනුම් දීම සිදුකළේය.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම කල් තැබීමටත් අධිකරණය නියම කළේය.










