කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මගින් එම සමිති මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
මාධ්‍ය සාකච්ඡාව අතරතුර බාහිරින් පැමිණි පිරිසක් මාධ්‍ය සාකච්ඡාවට බාධා කළේය.
අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණියේය.
එවිත බාධා කළ පිරිස එම ස්ථානයෙන් දිවගිය අතර ඔවුන් ව හඹා ගොස් ඉන් සිව් දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් සමත් විය.









