• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල අස්සේ හැංගුණු අවුරුදු 2000ක් පැරැණි රාජධානිය! Sri Lanka Latest News

May 31, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
යාල අස්සේ හැංගුණු අවුරුදු 2000ක් පැරැණි රාජධානිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාල වනය කියන්නේ සතුන්ගේ පාරාදීසයක් විතරක් නොවේ. ඒ තුළ, වනයෙන් වැසී ගිය පුරාණ රාජධානියක අමතක වූ ඉතිහාසයද අදත් නිහඬව ජීවත් වෙයි. ගෝනගල යනු එවැනි අතිශය දුර්ලභ පුරාවිද්‍යාත්මක ස්ථානයකි. වසර දෙදහසකට අධික අතීතයකට අයත් ලෙන්ලිපි, බිඳවැටුණු දාගැබ්, ආරාම නටබුන් සහ පුරාණ ජලාශයන්ගෙන් සමන්විත මෙම ප්‍රදේශය, රුහුණු රාජධානියේ දියුණු බෞද්ධ සංස්කෘතියක හා ජනාවාසයක සලකුණු අදත් සුරකිමින් පවතී.Sri Lanka Latest News

ජාල ජාතික වනෝද්‍යානය තුළ සැඟවී ඇති ගෝනගල, සිතුල්පව්ව රජමහා විහාරය වෙත යන මාර්ගයෙන් හරවා ගමන් කළ යුතු ගල්කුළු සහිත භූමි ප්‍රදේශයක පිහිටා ඇත. ගෝනගල නමින්ම පැවැති පුරාණ වැවක නටබුන් සහ ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් ආරාම නටබුන් මගින් පැහැදිලි වන්නේ, මෙම ප්‍රදේශය පුරාණ රුහුණු රාජධානියේ දියුණු නගරයක් ලෙස පැවති බවයි. ගෝනගල පමණක් නොව, අවට පිහිටි පිඹුරාගල, සීලවකන්ද සහ පලටුපාන (වර්තමානයේ මඟුල් මහා විහාරය ලෙස හඳුන්වයි) වැනි ස්ථානද රුහුණු රාජධානියේ බෞද්ධ සංස්කෘතියේ සහ ආරාම ජීවිතයේ වැදගත් මධ්‍යස්ථානව පැවති බවට සාක්ෂි දරයි.

පුරාවිද්‍යාත්මක ගවේෂණ
1974 දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යාල අභයභූමිය තුළ පිහිටි නටබුන් සහිත ස්ථාන රැසක් ගවේෂණය කර වාර්තා කරන ලදී. ඒ අතර ගෝනගලට අමතරව ආකාශ චෛත්‍ය, වරහමන්කඩ, පිළිමලෙන කන්ද, පිළිමයාය, මුනිඅම්මගම, බෙරලිහෙල කන්ද, අළුගල්ගේ කන්ද, අල්ලගල, සීනක්කුව සහ අන්ජලී විහාරය වැනි ස්ථාන ද ඇතුළත් වේ.
ගෝනගල පර්වත මුදුනේ නිධන් හොරුන් විසින් කැණීම් කරන ලද ස්ථූප දෙකක් හමුවී ඇත. ඉන් එකක ගර්භය තවමත් හොඳින් සංරක්ෂිතව පවතින අතර එහි මධ්‍යයේ චතුරස්‍රාකාර ශෛලමය කුලුනක් පිහිටා ඇත. අනෙක් දාගැබ බොහෝ දුරට විනාශ වී තිබිණි. මේවාට අමතරව ගොඩනැගිල්ලක නටබුන්ද සොයාගෙන ඇත.

ගෝනගල ලෙන්ලිපි – ඉතිහාසයට විවෘත වන දොරටුවක්
ගෝනගල ප්‍රදේශයෙන් පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ ලෙන්ලිපි 11ක් සොයාගෙන විකේතනය කර ඇත. මේවා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් 1970 දී ප්‍රකාශයට පත්කරන ලද ‘ලංකාවේ සෙල්ලිපි’ ග්‍රන්ථයේ පළමු වෙළුමට ඇතුළත් කර ඇත.

ගෝනගල, මෝදරගල සහ මඟුල් මහා විහාරය ආශ්‍රිතව සොයාගත් මෙම ලිපි ක්‍රි.පූ. 250 පමණ කාලයට අයත් අතර, ශ්‍රී ලංකාවේ හමුවූ පැරණිතම සෙල්ලිපි අතරට අයත් වේ. බොහෝ ලෙන්ලිපිවල සඳහන් වන්නේ ලෙන් සංඝයාට පූජා කළ බවයි.

විශේෂයෙන්ම එක් ලිපියක ‘මධුකසාලිය සංස්ථාවේ සාමාජිකයන්ගේ ලෙන සංඝයාට පූජා කරන ලදී’ යනුවෙන් සඳහන් වේ. ‘මධුකසාලිය’ යනු එම කණ්ඩායම ජීවත් වූ නගරයක නමක් විය හැකි බව විද්වත්හු අදහස් කරති.

දුටුගැමුණු යුගයේ සම්බන්ධතා
ගෝනගල ලෙන්ලිපි තුනක ‘පුස්සදේව’ යන නම සඳහන් වේ. එක් ලිපියක මෙසේ කියවේ. ‘සේනාධිපති අභයගේ පුත් පුස්සදේව ප්‍රධානියාගේ පුත් අභය ප්‍රධානියාගේ ලෙන, පැමිණි නොපැමිණි සිවුදෙස සංඝයාට පූජාවයි.’

දුටුගැමුණු රජුගේ යුගයට අයත් සිතුල්පව්ව රජමහා විහාර ලෙන්ලිපි අතරද නන්දිමිත්‍ර සහ වේළුසුමන වැනි යෝධයන්ගේ නම් සඳහන් වේ. මහාවංසයට අනුව, දුටුගැමුණු රජුගේ හමුදාවේ තවත් ප්‍රසිද්ධ යෝධයකු වූ පුස්සදේවගේ උපන් ප්‍රදේශයද සිතුල්පව්ව අවට බව සැලකේ.

මහාචාර්ය පරණවිතානගේ මතයට අනුව, ගෝනගල ලිපියේ සඳහන් ‘සේනාධිපති අභය’ යනු දුටුගැමුණුගේ යෝධයකු වූ ‘ථේරපුත්ත අභය’ විය හැකිය. ඔහු පසුකාලීනව සසුන්ගත වූ අතර, ඔහුගේ පරම්පරාවේ පුස්සදේව සහ අභය යන නම් පවත්වාගෙන ගොස් තිබේ.

වනය තුළ සැඟවුණු අතීතයක්
අද ගෝනගල යනු වනයෙන් වැසීගිය, බොහෝ දෙනා නොදන්නා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. නමුත් එහි ගල්කුළු අතර සැඟවුණු ලෙන්, බිඳවැටුණු දාගැබ් සහ වසර දෙදහසකට එහා ඉතිහාසයක් ඇති සෙල්ලිපි, රුහුණු රාජධානියේ අතිශය දියුණු බෞද්ධ සංස්කෘතියක සාක්ෂි ලෙස අදත් නිහඬව පවතී.

කෙසේ වෙතත්, නිධන් හොරුන්ගේ නීති විරෝධී කැණීම් හේතුවෙන් යාල වනය තුළ ඇති පුරාවිද්‍යාත්මක නටබුන් රැසක් දැඩි ලෙස හානි වී ඇති බව පෙනීයයි. ගෝනගල පර්වතයේ දාගැබ් කිහිපයක්ද මෙවැනි විනාශකාරී ක්‍රියාවන්ට ගොදුරු වී තිබීම කනගාටුවට කරුණකි. වසර දහස් ගණනක ඉතිහාසයක් විනාශ වීම යනු, අපගේ සංස්කෘතික උරුමය සහ අනාගත පරපුරට හිමි විය යුතු දැනුම අහිමි වීමකි.

එබැවින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන මෙම වටිනා උරුමයන් ආරක්ෂා කර සංරක්ෂණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය. යාල වනයේ සැඟවුණු මෙම ඉතිහාසය, අනාගත පරපුරටත් ජීවමානව තබා ගැනීම අප සැමගේ වගකීමකි.

යාල වනය සතු වටිනාකම සතුන් සහ ස්වභාව සෞන්දර්යයෙන් පමණක් නොව, එහි සැඟවුණු ඉතිහාසයෙන් ද මැනිය හැකි බව ගෝනගල අපට මතක් කර දෙයි.

නන්දන විලියම්ස්

SendShareShare
Previous Post

රනිල්ගේ කාලේ දීපු ආන්දෝලනාත්මක ‘ඊ පාස්පෝට්’ ටෙන්ඩරය අනුර කැන්සල් කරයි! I Sri Lanka Latest News

Next Post

රටම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇළලී ගිය වෙසක් පෝදා රාත්‍රියේ ආණ්ඩුව සියලු තෙල් මිල ගණන් ඉහළ නංවයි! පෙට්‍රල් 24කින් ඩීසල් 15කින් භූමිතෙල් 20කින් නගී!  Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.