• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තලතා ඉල්ලගෙන කයි! UNPය කඩපු හැටි මරික්කාර් එළියට දමයි! UNP එකෙන් අයින් වෙලා සජබය හදමු කියලා සජිත්ට කිව්වේ තලතා! VIDEO I Sri Lanka Latest News

April 22, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
තලතා ඉල්ලගෙන කයි! UNPය කඩපු හැටි මරික්කාර් එළියට දමයි! UNP එකෙන් අයින් වෙලා සජබය හදමු කියලා සජිත්ට කිව්වේ තලතා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (22) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘මේ වනවිට ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපතිධුරයට පත් වෙලා මාස 7 ක් සම්පුර්ණයි. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවෙලා වසර 6 ක් ගත වී ගොස් තිබෙනවා. ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා අප්‍රේල් 21 වැනිදාට පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළි කරනවා කියලා. ඒවගේම නැවත ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ඒ සඳහා තවත් කාලය අවශ්‍යයි කියලා. මෙයත් ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු නොකර රවට්ටපු ආකාරයේ වැඩක්.

ඒ වගේම පළමු අයවැයෙන් අත්‍යාවශ්‍ය ආහාරවල , ඖෂධවල , පාසල් උපකරණවල තිබෙන බදු ඉවත් කරන බව ප්‍රකාශ කළා. ඒක සිදුකළෙත් නෑ. ඒ වගේම තෙල් සංස්ථාව මහ බැංකුවට සෑම තෙල් ලීටරයකින්ම රුපියල් 50 ක් ගෙවන බවත් බලය ලබාගත්ත ගමන් එය ඉවත් කරන බවත් අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එය සිදුකළෙත් නෑ. ඒ වගේම නව දහසේ විදුලි බිල රුපියල් හයදහස කරන බවත් හයදහසේ විදුලි බිල හාරදහසක් කරන බවත් තුන්දහසේ විදුලි බිල දෙදහසක් කරන බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම විදුලි බිල සියයට 30 කින් අඩු කරන බවත් ප්‍රකාශ කළා නමුත් මේ කිසිවක් සිදුකළේ නෑ.

ඒ වගේම මේ වනවිට ජල බිලට වැට් බද්ද එකතු වෙලා තිබෙනවා. ඒ වගේම සුර්ය බල විදුලි පද්ධතිවලට රුපියල් 27 ක් ගෙව්වා. එය රුපියල් 19 දක්වා අඩු කරන්න කටයුතු කරලා තිබෙනවා. සුර්ය බල විදුලි පද්ධතිවලට ගෙවන මුදල අඩු කරනවා කියන්නේ ආන්ඩුව ඩිසල් මාෆියාවටයි , ගල් අගුරු මාෆියාවටයි යටවෙනවා කියන එකයි. ඒ වගේම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 450 කින් වැඩි වෙලා තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලය ලබාගැනිම සඳහා අසිමිත බොරු කන්දරාවක් කියලා මිනිස්සුන්ව මුලාවට පත් කරලා තිබෙනවා. ඒ නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ ජාතික ජනබලවේගයේ ගෙයින් ගෙට යාමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඇණ හිටලා තිබෙනවා.

ඒ වගේම පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජනබලවේගය පවත්වන මැතිවරණ රැස්විම්වලදි බඩු මිල අඩු කිරිම ගැන , තෙල් මිල අඩු කිරිම ගැන , ඉන්ධන මිල අඩු කිරිම ගැන , විදුලි බිල අඩු කිරිම ගැන කතා කරන්නේ නෑ. ඒ වෙනුවට වෙන වෙන කතා කියමින් තවත් ජනතාව මුලාවට පත් කිරිම තමයි ජාතික ජන බලවේගය සිදුකරන්නේ. දශක 4 ක් රටේ ජනතාවට බොරු කියලා , උද්ඝෝෂණ සිදුකරලා , වැඩවර්ජනය සිදුකරලා , ආයෝජකයෝ එලවලා , පාඩු ලබන රාජ්‍ය ආයතන එලෙම පවත්වාගෙන යන්න ඉඩ දිලා රට විනාශ කළා වගේම වැඩක් තමයි ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගෙනත් සිදුකරන්නේ.

ඒ වගේම පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරිම සඳහා මහමොළකරුවන්ව හෙළි කරනවා කියන කාරණයත් ආණ්ඩුව සැහැල්ලුවට අරගෙන තිබෙන බවත් පෙනෙන්න තිබෙනවා. වගකිමක් තිබෙන ආණ්ඩුවක් නම් ජනතාවට දුන්න පොරොන්දු සම්බන්ධයෙන් වගවිමක් තිබෙනවානම් මේ සම්බන්ධයෙන් බැරැරුම්ව පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව බලය ගන්න බොරු කිව්වා නමුත් දැන් බොරු කියන එක නතර කරන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කරන්න බැරි දේවල් ඉවත් කරලා කරන්න පුලුවන් දේවල් විතරක් කියන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා අනුව රාජ්‍ය සේවය අඩු කරන්න ආණ්ඩුව යම් උත්සාහයක නිරත වෙනවා. රාජ්‍ය සේවකයාට ප්‍රමුඛතාවය ලබාදිලා රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවයක් බවට පත් කරන බව තමයි මැතිවරණයට කලින් ජාතික ජන බලවේගයේ පිරිස් ප්‍රකාශ කළේ. නමුත් දැන් ආණ්ඩුව කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා අනුව රාජ්‍ය සේවය අඩු කරන්න. මේ සම්බන්ධයෙන් කල්පනා කරලා බලන්න කියලා තැපැල් ඡන්දය භාවිතා කරන රාජ්‍ය සේවකයන්ගෙන් සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා. සමගි ජන බලවේගය කවදාවත් බොරු කියලා නෑ. ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් පමණයි සමගි ජනබලවේගය කියලා තිබෙන්නේ. ඒ නිසා ජනතාවට තවදුරටත් බොරු නොකියා ඇත්ත කියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුව කියනවා බොරු කියන්නේ නෑ කියලා. නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා දළදා වහන්සේ වදින්න , ශ්‍රී මහා බෝධිය වදින්න මාධ්‍ය සම්බන්ධ කරගන්නේ නෑ කියලා. නමුත් දැන් ජනාධිපතිවරයා දළදා වහන්සේ වදින්න , ශ්‍රී මහා බෝධිය වදින්න යන්නේ මාධ්‍ය පිරිවරාගෙන. ඒ වගේම ජනාධිපතිවරයා කිව්වා දරුවන්ගේ පාසල් උපකරණ වලට අධික බද්දක් ගෙවන්න ඕන , බෙහෙත් ගන්න ගියාම විශාල බද්දක් ගෙවන්න ඕන , කියලා ජනාධිපතිවරයා කිව්වා. නමුත් ඒ බදු තවම අඩු කරලා නෑ.

ඒ වගේම ආණ්ඩුව මාස 7 ට රටට කිසිදු දෙයක් සිදුකරලා නෑ. නමුත් යහපාලන කාලයේ අපි බලය ලබාගෙන ඔපෙක් ආධාර යටතේ ‘ලෝ ලෙවල්‘ මාර්ගය හැදුවා. වැල්ලම්පිටිය නගර අපි සංවර්ධනය කළා, ගංවතුර පාලනයට පියවර ගත්තා , අතුරු පාරවල් 700 ක් පමණ සංවර්ධනය කළා කියලා මට බය නැතුව කියන්න පුලුවන්. ජවමාන සාක්ෂි තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ කිසිදු ආයෝජකයෙක් ඇවිත් නෑ. ජනාධිපතිවරණයේදී කිව්වා විදේශිය රටවලින් ලංකාවට ඩොලර් එවනවා කියලා ඒ මුදල්වත් තාම ලැබිලා නෑ.
ආණ්ඩුව බොරු කියනවා කියලා දැන් ජනතාවම කියන්න පටන් ගෙන තිබෙනවා. ජාතික ජනබලවේගය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වුණ පිරිස් දැන් දකින්නවත් නෑ.

ඒ වගේම පිරිපහදු නොකළ ආනයනය කරපු පොල්තෙල් විකුණනකොට වැට් බද්ද ගෙවිය යුතුයි. පසුගිය වසරේ ජනවාරි සිට ඒ වැට් බද්ද ගෙවන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේදි 4 වතාවක් මේ ගැන කතා කළා. පෙබරවාරිවල අගමැතිවරියගෙන් මේ ගැන ප්‍රශ්න කළා. බිලියන 6 කට වැඩි බදු ආදායමක් අහිමි වෙලා තිබෙනවා. පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙනල්ලා පිරිපහදු කරලා විකුනනවානම් වැට් බද්ද ගෙවිය යුතුයි කියලා අගමැතිවරයි කිව්වා. බිලියන 6 කට වැඩි බදු ආදායමක් අහිමි වෙලා තිබෙනවානම් ඒ බදු මුදල් අය කරගන්න ආණ්ඩුව තවම කටයුතු කරලා නෑ.

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙළි කරනවා කියලා ජනාධිපතිවරයා කිව්වා. නමුත් හෙළි කළේ නෑ. ඒ අනුව ජනාධිපතිවරයා කියලා තියෙන්නේ බොරුවක්. ඒ වගේම පසුගියදා පාස්කු කොමිසන් වාර්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා භාරදිලා තිබෙනවා. ප්‍රමාද වෙලා හෝ එම වාර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න එක හොදයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන අවසන් වෙලා වින්දිතයන්ට සාධාරණයක් විය යුතුයි. පාස්කු ප්‍රහාරය දේශපාලන පන්දුවක් බවට පත් කරලා ඡන්ද පොරොන්දුවක් බවට පත්කරන්න කිසිසේත් ඉඩ දෙන්න බෑ. බොරු නොකිය සන්දර්ශන නොදා පාස්කු ප්‍රහාරයේ සුලු මුල හොයන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත කියලා වැඩේ කරලා සංදර්ශන දාන්න. කුමන ආණ්ඩුවක් තිබ්බත් මේ ප්‍රශ්නය අවසන් විය යුතුයි. වර්තමාන ආන්ඩුවට ඉතිරි වි තිබෙන කාලය පුරාවටම මේ ප්‍රශ්නය ඇදගෙන යන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඉක්මනින් පාස්කු ප්‍රහාරයේ සුලු මුල හෙළි කරන්න. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ සුල මුල හෙළි කරන්න ප්‍රමාද වෙනවානම් දින වකවානු කියලා රටේ ජනතාව මුලාවට පත් කරන්න එපා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යන තැනට තල්ලු කළේ තලතා අතුකොරල මහත්මිය. අවසානයට තිබුණ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩල රැස්විමෙන් පසුව හරින් , මනුෂ , තලතා සහ මම තමයි සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසුනේ. තලතා අතුකොරල මහත්මිය තමයි වෙනත් පක්ෂයක් හදලා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යන තත්ත්වයට සජිත ප්‍රේමදාස මහත්තයා පත් කළේ. ඒ වගේම දක්ෂිණාංශික කදවුරු එකතුවිය යුතුයි කියන මතයේ අපි හිටියා. ඒ අනුව තමයි අපි එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කළේ.

ඒ වගේම සමගි ජන බලවේගය මැතිවරණ තුනකට මුහුණ දුන්නාට නිල වශයෙන් පළාත් පාලන ආයතන වල බලයක් නෑ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයට පළාත් පාලන නියෝජිතයන් විශාල පිරිසකගේ කණ්ඩායමක් නිර්මාණය වෙනවා. ඒක නැති කරන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ කරන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යටි හිතේ තිබුණා සාගල රත්නායකව කොලඹ මහ නගර සභාවේ නගරාධිපති කිරිම. ඒ ගැටවලට සමගි ජන බලවේගය අහුවෙන්නේ නෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට පක්ෂ ගණනාවක් එකතුවෙලත් ගන්න පුලුවන් වුනේ එක මන්ත්‍රිධුරයයි, නමුත් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රිධුර 40 ක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු දක්ෂිණාංශික කදවුරු එකතුවිම වැදගත් වෙනවා වර්තමාන වාමාංශික ආණ්ඩුව පෙරලන්න. දේශපාලන ව්‍යාපාරයක් ලෙස එය විය යුතුයි.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය සමග සාකච්ඡා කරන්න තිබුණා. නමුත් ඒ අවස්ථාවේ එවැනි දෙයක් සිදුවුනේ නෑ. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කළේ අනුර දිසානායකව ජයග්‍රහනය කරවන්න. සමගි ජනබලවේගය විනාශ කරලා සජිත් ප්‍රේමදාසව පරාජය කරන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ කළේ. රනිල් වික්‍රමසිංහ පරදින බව දැන දැන ඉල්ලුවේ සජිත් ප්‍රේමදාසව පරාජය කරන්න.‘‘

SendShareShare
Previous Post

මේ ආණ්ඩුව ගහපු තවත් පචයක්ද? ටිල්වින් සිල්වා කිව්වා ඉන්දියාව එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මා කියලා! දැන් ඇමැති නලින්ද කියනවා ඒ ගිවිසුම එළියට දාන්න ඉන්දියාවෙන් එකඟතාවක් තියෙන්න ඕන කියලා! ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නත් යම් කාලයක් යයිලු! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් – මාලිමා ආණ්ඩු ඩීල් එක මෙන්න! මේක ගේමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.