ලබන ජුලි 01 දින සිට සංචාරක ගමනාන්තයක් ලෙස සැලකෙන තායිලන්තය සිය රට සංචාරකයන්ට විවෘත කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මුල් අදියරේදී අත්හදා බැලීමක් ලෙස ෆුකට් දිවයින ඒ සදහා තෝරාගැනීමට තායිලන්තය පියවර ගෙන ඇත.
එහිදී අඩු හා මධ්‍යම ආසාදන අවදානමක් ඇති රටවලින් සෘජු ගුවන් ගමනකින් සංචාරකයින් පැමිණිය යුතුය.
අවම වශයෙන් දින 14කට පෙර ඔවුන් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ගෙන සිටිය යුතුය. එමෙන්ම ගුවන් යානයට නැගීමෙන් පසු පැය 72ක් ඇතුළත සිදුකරන පීසීආර් පරීක්ෂණවලින් ‘ඍණ’ ප්‍රතිපල පෙන්විය යුතුය.
ඊට ප්‍රතිඋපකාර ලෙස, පැමිණීමෙන් පසු ඔවුන්ට ෆුකෙට් හි නිදහසේ ගමන් කිරීමට අවසර දෙනු ලැබේ.
ඔවුන් නැවතී සිටින පස්වන දිනයේ සිදුකරන අනිවාර්ය පරීක්ෂණයේදී නැවත ප්‍රතිපල ‘ඍණ’ නම්, ඔවුන්ට දිවයිනෙන් පිටත දිවා චාරිකාවක් සඳහා අවසර දෙනු ලැබේ.










