ඩොලර් 5කට ලබා ගැනීමට නියමිතව තිබූ එන්නත ඩොලර් 15 බැගින් ගෙවීම සම්බන්ධයෙන් ඖෂධ නීතිගත සංස්ථාව වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
මේ සදහා වැයවන්නේ ඇමැතිවරුන්ගේ මුදල් නොව ජනතාවගේ බදු මුදල් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ලංකාවේ ඖෂධ සංස්ථාව නියමිත වෙලාවට ඉල්ලුම් කිරීම නොහැකි වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකීම බාරගත යුතු බවත් මන්ත්‍රීවරයා කීය.










