ගෘහයක ආදායම් පහළ යාම සහ වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බවත් මේ සම්බන්ධයෙන් රජයෙන් විසඳුම් අවශ්‍ය බවත් පාස්කු ප්‍රහාරයෙන් සහ කෝවිඩ් වලින් පසු විශාල ලෙස දළ දේශීය නිෂ්පාදිතයට 50%ක සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් පරාටේ නීතිය හරහා තවත් පීඩාවට පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එබැවින් බැංකු පද්ධතියත් ආරක්ෂා කර ගනිමින් පරාටේ නීතිය තාවකාලිකව නතර කර ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව විශේෂ අරමුදලක් ස්ථාපිත කර මේ සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් මේ සම්බන්ධ රජයේ ඉදිරි වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.