• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තඹුත්තේගම තරුණ දොස්තර සිය දිවි නසාගෙන? ගේ පිටුපස තිබූ කුණු ගොඩෙන් වටිනා සාක්ෂි මතුවෙයි! I Sri Lanka Latest News

June 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තඹුත්තේගම තරුණ දොස්තර සිය දිවි නසාගෙන? ගේ පිටුපස තිබූ කුණු ගොඩෙන් වටිනා සාක්ෂි මතුවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය නිල නිවෙසේ ඇඳක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි තඹුත්තේගම රෝහලේ වෛද්‍ය අමිල සඳකැලුම් දිසානායක සියදිවි හානි කරගැනීමට ඉන්සියුලින් එන්නත් කරගත්තේ යැයි සැක කරන එන්නත් කටු නිල නිවෙස පිටුපස පුලුස්සා දමා තිබියදී තඹුත්තේගම පොලීසියට හමු වී ඇත.

එම එන්නත් කටු අඩක් පිලිස්සී තිබියදී හමු වී ඇති අතර, ඒවා අධිකරණ නියෝගයකින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තඹුත්තේගම රෝහලේ සේවයේ නිරතව සිටි මේ වෛද්‍යවරයා සිය බිරියගෙන් වෙන්ව ජීවත්ව ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් ඇති අතර, පසුගිය ජනවාරි 13 දායින් පසු දෙදෙනා අතර කිසිදු අදහස් හුවමාරුවක්ද සිදුව නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

වෛද්‍යවරයාගේ මරණය බිරියට දැනුම් දීමෙන් පසු ඇයත්, වෛද්‍යවරයාගේ සහෝදරයකුත් පැමිණ මළ සිරුර හඳුනාගෙන මරණ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වූ බව පොලිසිය කියයි.

මළ සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ඊ.ජී.යූ.එන්.යූ. ගුණරත්න මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇත්තේ අනතුරුවය.

පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (14) පැවැත්වීමෙන් අනතුරුව ඇය දී ඇත්තේ විවෘත තීන්දුවකි. සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.

මේ වෛද්‍යවරයාගේ සිරුර තඹුත්තේගම මහේස්ත්‍රාත් විසින් පෙරේදා (14) භාර දී ඇත්තේ ඔහුගේ බිරිය වන කුරුණෑගල රෝහලේ දන්ත වෛද්‍යවරියක වන මල්කාන්ති මැණිකේ දිසානායක මහත්මිය වෙතය.

එහිදී අධිකරණය සිරුර නාරම්මල වෙන්නෝරුව පොදු සුසාන භූමියේ භූමදානය කළ යුතු බවටත්, එම ස්ථානය සලකුණු තබා භූමදාන කළ යුතු බවටත් නියෝග කර ඇත.

සියදිවි හානි කරගෙන සිටි මේ වෛද්‍යවරයාගේ සිරුර හමු වී ඇත්තේ දින 3ක් තිස්සේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඒ ගැන රෝහල් සේවකයන් කළ සොයා බැලීමකදීය.

ගයාන් කුමාර වීරසිංහ

DOCTOR COMMIT SUICIDE

SendShareShare
Previous Post

මාධ්‍ය ලයිසන් එක ගැන ඇයි මෙච්චර බයවෙන්නේ! මොකද්ද හේතුව! මේ අය ඔක්කොටම වඩා මම හොඳට දන්නවා! ‌පනත හදන්නේ එක්සත් රාජධානියේ විදිහටමයි! ජනාධිපතිතුමා විකාශන අධිකාරි පනත ගැන කරපු විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

Next Post

‘බෑ.. බෑ.. කරන්න බෑ..!’ ලංකා රජයෙන් ජාත්‍යන්තරයට පණිවුඩයක්! එහෙම කිව්වට වෙනස් වෙයිද? VIDEO ! Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper