වගාවන්ට හානි කරන රිලවුන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නැයි ගොවීන්ට කියා සිටින බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.Sri Lanka Latest News
“රිලා ප්‍රශ්නය බරපතළම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බොහෝ අය ඇත්තටම කතා කරන්න පටන් අරන් තියෙනවා මේක රිලා ත්‍රස්තවාදයක් කියලා. මේ වෙලාවෙ ගොවි ජනතාවට කියන්න ඕනෙ කාරණයක්, තමන්ගෙ වගාවට හානි කරන මේ සත්තු, වගාවට වන හානි සම්බන්ධයේදී තමන්ගෙ ඉඩම තුළදී ගොවිපල තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිම නීතිමය බාධාවක් නෑ. ගන්න පුළුවන් ඕනෙම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි එක පැත්තකින් කියනවා. ඒ අතර මේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය වගකීම භාරගෙන තියෙනවා, මේ ප්‍රශ්නය අපි වැඩිකල් යන්න කලින් විසඳනවා කියන පණිවිඩය අපි දෙන්න කැමතියි”
අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 05) පාර්ලිමේන්තුව අමතමිනි.










