නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් තිබේ.Sri Lanka Latest News
ඊයේ (05) රාත්රීයේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වන බාලයාවැව, බෝගහවැව ප්රදේශයේ පදිංචිකාරියකි.
මෙම වෙඩිතැබීම සඳහා ටී56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරයි.
වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.










