වර්තමානයේදී අධිකරණ ක්ෂේත්‍රයට අභියෝග රැසක් එල්ල වී ඇති බවත්, ඇතැමුන් අධිකරණයේ බලය සහ ආධිපත්‍ය අභියෝගයට ලක් කොට ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු A H M D නවාස් මහතා සදහන් කළේය.Sri Lanka Latest News
කල්මුණේ පැවැති විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සහභාගී වූ උත්සවයකදී විනිසුරුවරයා මේ බව සදහන් කළේය.
එහිදී නවාස් මහතා පෙන්වා දුන්නේ අධිකරණයට අපහාස කිරීමක් ඔබ ඉදිරියේ සිද්ධ වුණොත් ඔබ විසින්ම නඩුව අරගෙන දඬුවම් කළ හැකි බවත්, එසේ නැත්නම් අධිකරණය පිළිබද ජනතා විශ්වාසය නැති වන බවත්ය.
ජනතාව මේ සියල්ල දෙස බලා සිටින බවද විනිසුරුවරයා කියා සිටියේය.









