• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ‘කෘෂි උදාව’ හම්බන්තොටින් ආරම්භ කරයි! ගොවි පවුල් 10000කට දියවර සපයන කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කරන වැඩේට අවුරුදු 40කට පසු අතගහයි! ගොවියො ඇවිත් සජිත්ට පින් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
සජිත් ‘කෘෂි උදාව’ හම්බන්තොටින් ආරම්භ කරයි! ගොවි පවුල් 10000කට දියවර සපයන කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කරන වැඩේට අවුරුදු 40කට පසු අතගහයි! ගොවියො ඇවිත් සජිත්ට පින් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැතිව වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එමෙන්ම කිරිදිඔය ව්‍යාපාරය පමණක් නොව මෙරටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුලින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර වී මිල සූත්‍රයක් ඇති කර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (3) ‘කෘෂි උදාව’ වැඩසටහන යටතේ වසර 40කට පසු සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් කිරිදිඔය ව්‍යාපාරයට අයත් දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වසර 40කට පසුවයි මේ ප්‍රතිසංස්කරණය සිදු වෙන්නේ.

ඒ අනුව වසර 40කට පසු කිරිදිඔය ව්‍යාපාරයේ දකුණු ඇළේ කිලෝමීටර 26ක ජලජ පැලෑටි සහ රොන්මඩ ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුවට මුදල් නොමැති නිසා 10000කට වැඩි ගොවි ජනතාවක් වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම ද සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.මේ සඳහා වන ලක්ෂ 25ක මුදලක් පියවරෙන් පියවර ලබා දෙන බවත් පළමු පියවර ලෙස ලක්ෂ 10ක මුදලක් ලබා දුන් බවත් ඉන් අනතුරුව වැඩ කෙරීගෙන යන ආකාරයට එම මුදල් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රට කෘෂිකාර්මික රටක් බැවින් රට තුල කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු බවත් හැකියාවක් ඇත්නම් යල මහ කන්නවලට අමතරව අතුරු කන්නයකටත් යා යුතු බවත් ඒ තුළින් ආහාර වැඩි ලෙස නිෂ්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම අද රට තුළ ආහාර සුරක්ෂිතභාවය නොව ආහාර අනාරක්ෂිත භාවයක් ඇතිව තිබෙන බවත් අනාගත ජනාධිපතිවරයා ලෙස තමාගේ පළමු පියවර වන්නේ රටේ වාරි පද්ධති අංග සම්පූර්ණ පුනරුත්ථාපනයකට ලක් කරන බවත් පැවසීය.

මේ සඳහා අවශ්‍ය මුදල් හොයන ආකාරය ගැන කවුරුත් වද නොවිය යුතු බවත් ජාත්‍යන්තරයේත් ධානපතියන්ගේත් හිත දිනා ගෙන විශ්වාසය දිනා ගෙන දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තොරව රටට වැඩක් කිරීමට අවශ්‍ය මුදල් හොයන ක්‍රමවේදය දන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වීවලට මිල සූත්‍රයක් හඳුන්වා දෙනවා

එසේම පාර්ලිමේන්තු අනපනත් ගෙන එන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වුවත් එය සම්මත කිරීමට රාජ්‍ය අනුග්‍රහයක් අවැසි බවත් මේ රජය කිසිදු අවස්ථාවක වී වලට සහතික මිලක් ලබා දෙන මිල සූත්‍රයක් ලබා දෙන්න සූදානම් නොමැති කෘෂිකාර්මික විරෝධි ආණ්ඩුවක් ලෙස හැදින්විය හැකි බවත් මේ ආණ්ඩුවේ ප්‍රධානීන් පසුගිය රජය කාලයේ වී ගොවීන් හෑල්ලුවට ලක් කරමින් ගුවන්තොටුපොළවල පවා වී ගබඩා කළ බවත් එවැනි දේ සිදු කලේ සජිත් ප්‍රේමදාස වන තමාගේ ඡන්ද අඩු කිරීමේ කුමන්ත්‍රණයකට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැතිව වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපන බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා උසස් පෙළ දරුවන්ට දැඩි අසාධාරණයක් වෙලා.

මේ වන විට උසස් පෙළ විභාගය විෂය නිර්දේශය හරියට සම්පූර්ණ නොකර තියන බවත් මේ වන විට 2022 උසස් පෙළ ප්‍රතිඵලවත් නිකුත් නොකර 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට දින නියම කර ඇති බවත් එය 2022 උසස් පෙළට පෙනී සිටි ළමුන්ට අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. හරියාකාරව සිදුවන්නේ නම් 2024 මාර්තු වන තුරු මෙම ඉගැන්වීම් සිදුකළ යුතු බවත් එය නිලධාරීන්ගේ පහසුවට බවත් ඔවුන්ගේ පහසුවට උසස් පෙළට පෙනී සිටින ළමුන් බිලි දී ඇති බවත් උසස් පෙළ ප්‍රතිඵල පවා ප්‍රමාද වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ වරදක් නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම අනිවාර්යෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා

එමෙන්ම රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමීන් රනිල් ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නැති බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් මවා පාන බවත් මෙම ප්‍රකාශ සිදු කරන්නේ තමා ජනාධිපතිවරයාට ඉල්ලන විට ගෝඨාභය එක්ක ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අය බවත් මේ අයගේ මනස විකෘති වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ අයට දිය හැකි පිළිතුර වන්නේ විපක්ෂ නායකවරයා ලෙස තමා ජනාධිපතිවරණයට පෙනී සිටින බවත් මොවුන් තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට ප්‍රවෘත්ති පළ කර සිටීමෙන් තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානයක් ඇති බවට පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. තවද කිසිදු අවස්ථාවක තමා මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පෙරහැර තිබුණු දවස් ටිකට මහනුවර කසළ ටොන් 250ක් ගොඩගැසෙයි! Sri Lanka Latest News

Next Post

මේ අධිකරණ ක්ෂේත්‍රයට අභියෝග රැසක් එල්ල වෙලා තියෙන කාලයක්! ඇතැමුන් අධිකරණයේ බලය අභියෝගයට ලක් කරලා! අධිකරණයට අපහාස කිරීමක් ඔබ ඉදිරියේ සිද්ධ වුණොත් ඔබ විසින්ම නඩුව අරගෙන දඬුවම් කරන්න පුලුවන්! නැත්නම් අධිකරණය පිළිබද විශ්වාසය නැතිවෙනවා! සාමාන්‍ය ජනතාව මේ ඔක්කොම බලන් ඉන්නවා! ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විනිසුරුවන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.