ජනප්‍රිය දකුණු ඉන්දියානු චිත්‍රපට නළුවෙකු වන විජෙයි විසින් සිය දෙමව්පියන් දෙදෙනා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව සිවිල් අධිකරණයක් හමුවේ නඩු පවරා ඇත.
විජෙයි ගේ පියා එරට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන SA චන්ද්‍රසේකර් වන අතර මව ශෝබා ය.
නඩු නිමිත්ත අනුව, විජෙයි විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ නම භාවිතා කරමින් කිසිවෙකුටත් මහජන ඒකරාශි කිරීම් සහ උත්සව සංවිධානය කිරීමට අවසර නොදෙන ලෙසයි.
විජෙයි විසින් සිය දෙමව්පියන් ඇතුළුව 11 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ, සිය පියා විසින් තමන් දේශපාලනයට උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කිරීමත්, ඉන් පසුව ඔහු විසින් විජෙයි ගේ නම භාවිතා කරමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම නිසාය.
විජෙයි ගේ පියා වන චන්ද්‍රසේකර් විසින් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස සිය බිරිඳ වන ශෝබා නම් කොට ඇති අතර පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔවුන්ගේ ඥාතියෙකු වන පද්මනාදන් නැමැත්තා පත්කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් විජෙයි ප්‍රකාශ කර ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට තමන් අවසර නොදුන් බවත් තම නම යොදා ගැනීම අත්හිටුවීම සඳහා නඩු පවරන බවත්ය.
මෙම නඩුව සැප්තැම්බර් මස 27 වෙනිදා විභාගයට ගැනීමට නියමිතව ඇත.
” මගේ පියා විසින් සිදුකල දේශපාලන ප්‍රකාශය සම්බන්ධයෙන් මාගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් නැහැ. මාගේ පියාගේ දේශපාලන මතවාදය සම්බන්ධයෙන් මාගේ කිසිදු අනුදැනුමක් නැහැ. මගේ රසිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා මාගේ පියා ආරම්භ කරන ලද දේශපාලන පක්ෂය සමග සම්බන්ධ නොවෙන්න කියලා. නමුත් කවුරුන් හෝ මාගේ නම, මාගේ ජායාරූප, මාගේ රසික සංගමය තමන්ගේ දේශපාලන මතවාදය උදෙස අවභාවිත කරන්නේ නම් මම ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.” විජෙයි විසින් නිකුත් කළ නිවේදනයේ සඳහය.









