• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ගෙවාගන්න බැරිව ව්‍යාපාරිකයන්ගේ දේපොළ බැංකුවලට සින්න වෙලා! දෙනවා කියපු සහන ‌කෝ? (VIDEO)

September 22, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
සජිත් උතුරු කොළඹ ජනතාවට ‘සත්කාරය’ අරන් එයි
Share on WhatsAppShare on Facebook

සුලු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

වර්තමානයේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉතාමත් අභියෝගාත්මක කාලවකවානුවක් පසුකරමින් සිටියි. කොරෝනා වසංගතය හමුවේ වසර 2 කට ආසන්න කාලයක් සිය දෛනික ව්‍යාපාර කටයුතු සිදු කිරීමට නොහැකි වීම තුළින් ආදායම් අහිමිව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන පිරිස් ද දැඩි අසීරුතාවයන්ට මෙන්ම අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදු වී ඇත. එමෙන්ම මෙම තත්ත්වය මෙරට ආර්ථික වර්ධනය සඳහා ද අහිතකර ලෙස බලපානු ලබයි. මුළු ව්‍යවසායකයින්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වන අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%ක පමණ දායකත්වයක් මොවුන් විසින් ලබා දෙයි. ආර්ථිකය කළමණාකරණයේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුතු පාර්ශව රජය විසින් හඳුනා නොගැනීම නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු තවදුරටත් උග්‍ර වී ඇත.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි. 

1.      2019.12.20 වැනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ලබාගත් රුපියල් මිලියන 300ක් දක්වා වූ ණය කපා හැරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ තීරණයට සිදු වූයේ කුමක්ද? මේ වනතෙක් එම තීරණය ක්‍රියාත්මක නොවූයේ ඇයි? සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කර්මාන්තකරුවන්ගේ ණය ආපසු ගෙවීම් සඳහා සහන ලබා දෙන බවට සඳහන් කර තිබුන ද එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවූයේ ඇයි? 

2.                  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මේ වනවිට ලබා දී ඇති ණය සහන කාලසීමාව (Moratorium) 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දැනුම් දී තිබේ. මෙම ණය සහනය කොපමණ සංඛ්‍යාවකට මේ වනවිට ලැබී තිබේද? ඒ පිළිබඳව රජය යම් තක්සේරුවක් සිදුකර තිබේද? ඇතැම් මූල්‍ය ආයතන විසින් මෙම ණය සහනය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත ලබා දීම පැහැර හැර ඇති බව රජය දන්නේ ද? එසේනම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? තවද ඇතැම් මූල්‍ය ආයතන ණය පොලී, තවත් ණය මුදලක් බවට පරිවර්තනය කරමින් ව්‍යවසායකයින් සූරා කෑමකට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ පිළිබඳව රජය දැනුවත් ද? එසේනම්, මෙය වළක්වාලීම සඳහා රජය මගින් ගෙන ඇති පියවර කවරේද? 

3.               මෙම තත්ත්වය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් රථවාහන සඳහා ලබාගත් ලිසීං ණයවාරික ගෙවීමට නොහැකි වන අවස්ථාවන්හි දී ඇතැම් මූල්‍ය ආයතන තර්ජනාත්මක ආකාරයෙන් සිය කටයුතු මෙහෙයවමින් වාහන පැහැර ගැනීම් සිදු කරන බවට ද තොරතුරු වාර්තා වේ. මේ පිළිබඳව රජය දැනුවත් ද? එසේම, වාහන විකිණීමෙන් හෝ ලබාගත් ලීසිං ණය වාරික සඳහා ගෙවීම් කිරීමට සුදානම් වන අවස්ථාවන්හිදී අපහැදිලි මූල්‍ය කොන්දේසි ඉදිරිපත් කරමින් කර්මාන්තකරුවන් අපහසුතාවයට පත් කරන බව රජය දන්නේ ද? එසේනම්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි කොපමණ සංඛ්‍යාවක් ලැබී තිබේද? එම පැමිණිලි සඳහා විමර්ශනයක් සිදු කර තිබේද? එලෙස කර්මාන්තකරුවන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු සිදු කරන මූල්‍ය ආයතනයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

4.                  නිශ්චල දේපළ ඇපයට තබමින් ව්‍යාපාර කටයුතු සඳහා ලබාගත් ණය මුදල් මේ වනවිට ගෙවීමට නොහැකිව ඇතැමුන්ට සිය ජීවිත කාලය තුළදී උපයාගත් සියලු දේපළ බැංකු හා මූල්‍ය ආයතන වෙත බිළිදීමට සිදුව ඇත. ඇතැම් මූල්‍ය ආයතන විසින් වෙන්දේසි කිරීමේ දී නිශ්චල දේපළයන්හි සත්‍ය වටිනාකමට වඩා අඩු වටිනාකමකට තක්සේරු කර එම දේපළ සිය හිතවත් ව්‍යාපාරිකයින් වෙත ලබා දීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව රජය දන්නේ ද? එසේනම්, මෙය  වළක්වාලීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේද? දේපළ හිමියන්ට නියම වටිනාකම ලබාගත හැකි පරිදි දෙපාර්ශවයම එකඟවන නිසි ක්‍රමවේදයක් සකස් කළ නොහැකිද? මෙම ව්‍යසනකාරී කාලසීමාව තුළ ණය නොගෙවීම හේතුකොට ගෙන බොහෝ ව්‍යවසායකයින් අසාදුලේඛණ ගතව (CRIB) ඇත. මේ නිසාවෙන් බැංකු අයිරා හෝ කිසිදු ප්‍රාග්ධන ණය මුදලක්වත් ලබා ගැනීමට නොහැකිව බොහෝ පිරිස් අසරණ තත්ත්වයකට පත්ව තිබේ. සත්‍ය වශයෙන්ම කොවිඩ් වසංගතයේ බලපෑම හේතුකොට ගෙන අසාදු ලේඛන ගතව ඇති ව්‍යවසායකයින් කොපමණ සංඛ්‍යාවක් සිටීද? මොවුන් සඳහා යම් සහනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වේද? එසේනම්, ඒ කුමක්ද?

5.                  වාරික ගෙවා නොමැති මිලියන 5 ඉක්මවූ ණය සඳහා උකසට තබා ඇති දේපළ 1990 අංක 4 දරණ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ පනත) මගින් ලබා දී ඇති බලතල අනුව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව මූල්‍ය ආයතන වලට සින්න කර ගැනීම සිදු කරයි. මෙම ව්‍යසනකාරී අවස්ථාව සලකා බලා පරාටේ පනත සංශෝධනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැක ගැනීමට රජය දැන්වත් උත්සාහ කරන්නේ ද? පරාටේ පනතේ සඳහන් වන මිලියන 5 ක්වූ ණය සීමාව මිලියන 100ක් දක්වා හෝ ඉහළ නැංවීමට හැකිද? නොඑසේනම්, ඒ මන්ද? 

6.                  මීට අමතරව, වර්තමානයේ දැඩි ලෙස ආනයන සීමා කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ  දී ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. එය අපනයන ආදායම අඩු වීමට හේතුවක් මෙන්ම රටේ ආර්ථිකය දරුණු ලෙස බිඳ වැටීමකට ලක් කරයි. බිඳ වැටීමට ලක්ව ඇති මෙම ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබා දීමට රජය ක්‍රියා කරන්නේ ද? ඒ සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙලක් රජය සතුවේද? එසේනම්, ඒ කුමක්ද?

SendShareShare
Previous Post

රෝහිත රාජපක්ෂ හදිසියේම කුරුණෑගල ජනාධිපති බාළිකාව බලන්න ගිහින්! (VIDEO)

Next Post

සුපිරි නළු විජෙයි තාත්තටයි-අම්මටයි එරෙහිව උසාවි යයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.