මේ වනවිට ලෝ ප්‍රකට ගායිකාවක බවට පත්ව සිටින යොහානි ඩි සිල්වා සම්බන්ධයෙන් කතාබහක් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු විය.
එහිදී අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ ඇයට පාර්ලිමේන්තුවේ ගෞරවය හිමි විය යුතු බවකි.
මේ වනවිට ඇගේ මැණිකේ මගේ හිතේ ගීතය ජාත්‍යන්තර ගීත දර්ශකවල මුල් ගීත 10 අතරට පැමිණ ඇත.









