අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් වීමත් සමඟින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (26) දින වාර්තා විය.
මීට පෙර 2021 ජනවාරි 27 දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වූ අතර එදින එය දැක්වුණේ ඒකක 8,812.01 ක් ලෙසයි.
මේ අනුව අද දින පෙර දිනයට සාපේක්ෂව ඒකක 164.08 කින් හෙවත් 1.87% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණි.
රු. බිලියන 10.49 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින ගනුදෙනු හරහා වාර්තා වුණි. ඒහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 3.79 ක් හා හේලීස් පීඒල්සී රු. බිලියන 1.11 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දුන් සමාගම් විය.










