කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (09) දිනයේ දී ඒකක 300.78 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබූ අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,081.69 ක් ලෙසින් සටහන්ව තිබුණි.
බිලියන 5.28 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දින වාර්තා වී තිබිණ.
මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියේ දෝෂයක් දක්නට ලැබී ඇති බවද වාර්තා විය.
එනම් සාමාන්‍ය පරිදි කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 2.30 ට අවසන් විය යුතු වුවද එම වේලාවෙන් පසුව ද ගනුදෙනු කිහිපයක් සිදුවී තිබෙනු නීරීක්ෂණය වීමයි.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ එවැනි දෝෂ සහගත තත්ත්වයක් පිළිබඳව වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ෂනය කෙරෙමින් පවතින බවත්ය.










