මේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාපිත නීතියද එසේත් නැත්නම් ඇමැති සරත් වීරසේකරගේ නීතියද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇති බව ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇමැතිවරයා නියෝග අනුව පොලිසිය ගුරු සංගම් නියෝජිතයන් සම්බන්ධයෙන් අසාධාරණ ලෙස කටයුතු කළ බවකි.
එමෙන්ම ගුරු වර්ජනය පවත්වා මාස 2ක් පිරෙන මෝ මොහොතේත් ප්‍රකාශ ලබා ගැනීම සදහා ගුරුවරුන්ට කොටුව පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවද ඒ මහතා කීය.










