• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණේ හැමෝම සුමන්තිරන් දිහා බලන් ඉද්දි උතුරෙන් ආපු අලුත් නායකයා ශ්‍රීධරන් (Sri Lanka Latest News)

January 28, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
දකුණේ හැමෝම සුමන්තිරන් දිහා බලන් ඉද්දි උතුරෙන් ආපු අලුත් නායකයා ශ්‍රීධරන් (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

කැම්පස් ගිහින් ගුරුවරයෙක් වෙලා කිලිනොච්චියේ විදුහල්පති වුණා…
විවාහ වුණේ කොටි බි්‍රගේඩියර් තීපන්ගේ නංගි එක්ක…

උතුරුකරයේ තල් අරණ බොහෝ සුන්දර දසුන් මවන එසේම බොහෝ උණුසුම් පුවත්ද මවන තෝතැන්නකි. යාපනය නොහොත් යාල්පානම් ඒ අතරින් අපගේ මතකයෙහි ඉදිරියෙන්ම සිටියි. මෙයට දශක ගණනාවකට ඉහතදී තල් අරණේදී සිංහල – දෙමළ මිනිසුන් බොහෝ සහජීවනයෙන් ගතකළෝය. එහෙත් ඉන් පසුව යම් කාලයකදී එම සහෝදර හදවත් බිඳී ගියේය. ඒ වෙනත් කිසිවක් නිසා නොව වාර්ගික අරගලයක් උත්සන්න වීම හේතුවෙනි. එම අඳුරු කලදසාව වසර 30ක කාලයක් පුරා ගතව ගොස් අද යම් අයුරින් බිඳුණු හදවත් යාකරන තත්ත්වයකට පත්ව ඇත්තේය. තල් අරණ ගිනිගත් සමය දැන් බොහෝ දුරට සමනය වී ඇත්තේය. නැවතත් දැන් උතුර-දකුණ පාලමද යාකෙරී ඇත. තල් අරණින් ඉර බැස යන සුන්දර දසුන් අද බොහෝ දෙනකුට දක්නට හැකිය. මෙම සුන්දර වටපිටාවට අමතරව තල් අණෙන් අපට විටින් විට අසන්නට ලැබෙන්නේද විවිධාකාරයේ පුවත්ය. විටෙක මේ පුවත් තල් අරණ හරහා සිසාරා එන අනේක විදියේ දේශපාලනික වගතුගක්ද වෙයි. මෙලෙස ඔබට කියන්නට යන්නේද එවැනි පුවතකි. Sri Lanka Latest News

මෙයට දින කිහිපයකට ඉහතදී උතුරුකරයෙන් අපට අසන්නට ලැබුණේ එක්තරා සුවිශේෂ පුවතකි. එය මුළුමනින්ම දේශපාලනික ලෝකයට අදාළ එකක් විය. එනම් මෙරට දෙමළ දේශපාලනය හා බැඳුණු වගතුගක් විය. මෙම කතාව මහත් ආන්දෝලනයක්ද ඇතිකිරීමට සමත් වූයේ එය ප්‍රකට දෙමළ දේශපාලනික පක්ෂයකට නව නායකයකු පත්කර ගැනීමේ පුවතක් වූ හෙයිනි. එහෙයින් මෙම වගතුග දෙමළ දේශපාලනය තුළ පමණක් නොව සමස්ත මෙරට මුළු දේශපාලනික ක්ෂේත්‍රය තුළම ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් විය. එසේ නම් මෙම කතාන්දරය කුමක්දැයි බලමු.

පසුගියදා සිදුවුණු මෙම සිදුවීමේදී අපට අසන්නට ලැබුණු දෙමළ දේශපාලකයාගේ නාමය වන්නේ සිවඥානම් ශ්‍රීධරන්ය. මොහු යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහුගේ නාමයත් සමග අසන්නට ලැබුණේ ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ නමැති දෙමළ දේශපාලන පක්ෂයේ නාමයයි.

එනම් මෙම නාමයන් දෙක එකට එකතු කෙරුණු නව වගතුගෙයි කතාව සොයා බලමු. එනම් එයින් කියැවී තිබුණේ සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉලංකෙයි තමිල් අරසු කච්චි නමැති දේශපාලන පක්ෂයේ නව නායකත්වයට තේරී පත්ව ඇති බවය. මෙම දෙමළ දේශපාලකයා කවරෙක්ද? එසේම ඉහත දෙමළ පක්ෂයේ නායකත්වය සඳහා පවැති ඡන්දයකදී ඉතා ප්‍රවීණ දෙමළ දේශපාලකයන් කිහිප දෙනකුම පරාජයට පත්කරමින් මෙසේ විශාල ජයග්‍රහණයක් ලැබූ මොහුගේ වගතුග කවරේද? අප පොදු සමාජයේදී මෙවැනි තොරතුරු එතරම් හෙළි නොවන හෙයින් මෙම දේශපාලකයාගේ ජීවන වටපිටාව කුමක්දැයි සොයා බලමු.

සිවඥානම් ශ්‍රීධරන් යනු දැනට 55 වැනි වියෙහි පසුවන දෙමළ දේශපාලකයකු වන අතර, ඔහු උපත ලබා ඇත්තේ 1968 දෙසැම්බර් 08 වැනිදාය. උතුරේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කන්දවලෙයි නමැති කුඩා ග්‍රාමීය ප්‍රදේශයේදී ඔහුගේ උපත සිදුව ඇත. මොහුගේ මවුපියන්ගේ මුල් පදිංචි ප්‍රදේශය ලෙස සඳහන් වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඩෙල්ෆ්ට් දූපත ලෙස සදඟන් වෙයි. ඕලන්ද ජාතික නාමයෙන් ඩෙල්ෆ්ට් ලෙස හැඳින්වුවද එහි දෙමළ නාමය වන්නේ නෙදුන්තිව් යන්නය.

මෙම දූපත යාපනයෙන් කිලෝමීටර් 36ක දුරින් මුහුද මැද පිහිටා තිබේ. සිවඥානම් ශ්‍රීධරන් තම මූලික පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ යාපනයේ හින්දු විද්‍යාලයෙනි. ඔහු අධ්‍යාපනයට දක්ෂ සිසුවකු බව පැවැසෙන අතර, යාපනය හින්දු විද්‍යාලයෙන් උසස් පෙළ ඉහළින් සමත්ව ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා යාපනය විශ්වවිද්‍යාලයට තේරීපත්ව ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම වීමෙන් පසුව ඔහුට රජයේ ගුරුවරයකු වශයෙන් සේවය කිරීමට ලැබී ඇති අතර, ඔහු එම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිද පසුව පාසල් විදුහල්පතිවරයකු දක්වා සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව ඔහු කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසද කටයුතු කර ඇත. එකලදීම ඔහු විවාහ දිවියට පත්ව අති අතර, ඔහු විවාහ වී ඇත්තේ එකල දෙමළ කොටි සංවිධානයේ ප්‍රබලයකු වූ බි්‍රගේඩියර් තීපන් ලෙසින් හැඳින්වුණු කොටි නායකයාගේ සහෝදරිය සමගය. මේ අනුව එකල සිවඥානම් ශ්‍රීධරන්ට එරෙහිව සමහර පාර්ශ්ව චෝදනා නැගුවේ ඔහු ප්‍රබල එල්.ටී.ටී.ඊ. හිතවාදියකු බවටය. මෙම දෙමළ ජාතිකයා දේශපාලනයට පිවිසෙන්නේ තමන්ගේ පාසල් අධ්‍යාපනික වෘත්තියෙන් පසුවය. යම් අයුරින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටියත් ඔහු මුලින්ම මැතිවරණයකට තරග කරනු ලබන්නේ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදීය. ඔහු එහිදී ජයග්‍රහණය හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි.

පොදු ජනතාව අතරේ මහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින සිවඥානම් ශ්‍රීධරන් මේ ආකාරයට මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණ 03ක් ඉහළින්ම ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්ව සිටියි. ඔහු එම මැතිවරණ තුනම ජයග්‍රහණය කරන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය හරහාය. එම ජයග්‍රහණයන් ගැන වගතුග සොයා බලමු.

★ 2010 පාර්ලිමේන්තු මැතිවරණය
– ඡන්ද 10,057
★ 2015 පාර්ලිමේන්තු මැතිවරණය
– ඡන්ද 72,058
★ 2020 පාර්ලිමේන්තු මැතිවරණය
– ඡන්ද 35,884

මේ ආකාරයට ඔහුගේ දේශපාලන ජයග්‍රහණයන් ඉතා සුවිශේෂ තත්ත්වයක ඇති බව පෙනීයයි. ඔහු ආරම්භයේ සිටම මේ දක්වා නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යනු දෙමළ ජනතාවගේ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති පක්ෂයකි. එනම් එය ආරම්භ කර ඇත්තේ 1949 වසරේදී බවට කරුණු ප්‍රකාශ වෙයි. මෙම පක්ෂය පසුගිය කාලය පුරා සන්ධානගත වී සිටින්නේ දෙමළ ජාතික සන්ධානය සමගය. මේ අනුව සිවඥානම් ශ්‍රීධරන් උතුරේ ජනතාව අතර මහත් ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඔහුගේ මෙම දේශපාලන ගමනේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයත්, මහා කූටප්‍රාප්තියත් ඇතිවුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් ඔහු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය දිනාගනිමිනි. එම පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජාගේ ඉවත්වීමත් සමග එම තනතුර හිස්වූ අතර, ඒ සඳහා ඡන්දයක් පැවැත්විණි. ඔහු එහිදී ඡන්ද 184ක් ලබාගනිමින් ඉහළින්ම ජයග්‍රහණය කළ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ ප්‍රකට දේශපාලකයකු වූ එම්.ඒ. සුමන්තිරන්ට හිමිවූයේ ඡන්ද 134ක් පමණි. අද නව නායකයකු බිහිව ඇත්තේ එලෙසය. එය දේශපාලනයේ දෛවයයි.


පත්වුණේ ඉන්දියාවේ වුවමනාවටද?
දකුණත එක්ක වැඩ කරන්න පුළුවන් වෙයිද?

උතුරෙ අලුත් නායකයා ශ්‍රීධරන් ගැන උතුරේ මිනිස්සු කියපු කතා

ද්‍රවිඩ සන්ධානය නායකයෙක් පත් කරගන්න සූදානම් වෙනකොට උතුරු සහ දකුණ මේ ප්‍රශ්නේ දැක්කේ දෙවිදියකට. දකුණේ අය හිතාගෙන හිටියා ද්‍රවිඩ සන්ධානය ඔවුන්ගේ නායකයා විදියට සුමන්තිරන් මහත්තයව තෝරගනී කියලා. ඒකට හේතුව විදියට තිබ්බේ සුමන්තිරන් කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ නායකයෙක් වීම. ඔහු ඉංග්‍රීසි භාෂාව කතාකරන ඉතා දක්ෂ ප්‍රභූ දේශපාලකයෙක්. ඔහු ටයි කෝට් අඳින දේශපාලකයෙක්. ඔහුට උතුර වගේම දකුණත් හුරු දේශපාලකයෙක්. භාෂා කිහිපයක් හසුරුවන්න පුළුවන් වීම, නීතිඥවරයෙක් වීම වගේ විශේෂ සුදුසුකම් කිහිපයක් ඔහු සතුව තියෙනවා. ඔහු තමයි නායකයා වෙන්නේ කියලා බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා. දකුණේ බොහෝ පක්ෂවලටත් මේ වැඩේ වුවමනා වෙලා තිබුණා. නමුත් උතුරේ මේ ප්‍රශ්නේ දැක්කේ මීට වඩා හාත්පසින්ම වෙනස් විදියට. ඇත්තටම ලංකාවේ දේශපාලනයේ තියෙන අවුල මේක ඇතුළේ අපිට තේරුණා. අපි මේ ගැන උතුරේ මිනිස්සුන්ගෙන් ඇහුවා. ඒ අතර මේ ගැන හොයන්න අපි උතුරට ගියා. අපි උතුරේ මිනිස්සු එක්ක මේ ගැන කතා කරද්දී උතුරේ හැමෝගෙම වගේ මතය වෙලා තිබුණේ මේ සඳහා ගැළපෙන නායකයාගේ හැඩය, ස්වරූපය ශ්‍රීධරන් සතු බවයි. ඇයි එහෙම ඔවුන් කියන්නේ? අපි ඒක ඔවුන්ගෙන්ම ඇහුවා. Sri Lanka Latest News

අපට කිලිනොච්චියේදී මුණගැහුණු තංගවේලු මේ ගැන පැහැදිලි කළේ අපි ඒ වෙනකොට නොදැන හිටපු, නමුත් දැන් දන්න කාරණයක් එක්ක.
‘ඇත්තටම ශ්‍රීධරන් මහත්තයා කියලා කියන්නේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක්. එයා මුලින් මෙහෙ ඉස්කෝලවල උගන්වලා තියෙනවා කියලයි අපි දන්නේ. පස්සේ විදුහල්පතිවරයෙක් බවටත් පත්වෙනවා. ඒ කිලිනොච්චියේ ඉස්කෝලේ. ඉතිං ඒක නිසා ඒ වගේ කෙනෙක්ව නායකයා කරගන්න පුළුවන් වෙන එක හොඳයි.’

එතකොට උතුර බලාපොරොත්තු වුණු නායකයාද ශ්‍රීධරන්? අපි ඒ ගැන ඇහුවේ පලෙයිවල ඉන්න ඉතා ප්‍රබල දේශපාලනඥයන්ගේ මැදිහත්වීම් සහිත පුද්ගලයෙක්ගෙන්. ඔහුගේ නම සඳහන් කරනවාට ඔහු කැමැති වුණේ නෑ. ඔහු කිව්වේ වෙනස් කතාවක්.

‘ඇත්තටම ශ්‍රීධරන් කියලා කියන්නේ ලංකාවට ඕනෙ කෙනා නෙවෙයි, ඉන්දියාවට ඕනෙ කෙනා. අපි හිතන්නේ ශ්‍රීධරන් තමයි දෙමළ නායකයා. ශ්‍රීධරන් වගේ දෙමළ නායකයෙක් දේශපාලනික වශයෙන් පත්වුණාම ඒක ඉන්දියාවට හොඳයි. ශ්‍රීධරන් ඉන්දියාවට කීකරුයි. ශ්‍රීධරන් කොහොමත් මේ නටන්න හදන්නේ ඉන්දියාවේ පදයට වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ කවුරු පත්වුණත් අපට මේ වෙලාවේ ඉන්දියාවත් එක්ක සම්බන්ධතා තියාගන්නේ නැතුව දේශපාලනය කරන්න බෑ.’

කොහොමත් උතුරේ දේශපාලනය කියන්නේ එහෙම එකක්. ඒත් ඇත්තටම සුමන්තිරන්ට වඩා නම් ශ්‍රීධරන්ට ඉන්දියාව කැමැති ඇති කියලා අපට හිතෙනවා. සමහර විට ශ්‍රීධරන්ට කාඩර් එකේ තියෙන සහයෝගය වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රීධරන් කියන පුද්ගලයාගේ පෙනුම, හැසිරීම ගත්තාම ඔහු සාම්ප්‍රදායික දෙමළ මනුස්සයෙක්. මුල්ම කෙනා අපිත් එක්ක කිව්වා වගේ ශ්‍රීධරන් කියන්නේ කිලිනොච්චියේ පාසල් කිහිපයකම ගුරුවරයෙක්. ඔහු ඉගෙනගෙන තියෙන්නේ යාපනයේ හින්දු විද්‍යාලයෙන්.

ඔහු උසස් අධ්‍යාපනය ලබන්නේ යාපනයේ විශ්වවිද්‍යාලයෙන්. ඉන් පස්සේ ඔහු රාජකාරි කරන්නේ ගුරුවරයෙක් විදියට. උගන්වන්නේ කිලිනොච්චි පාසල්වල. කිලිනොච්චිය මහා විද්‍යාලයේ විදුහල්පති විදියටත් ඔහු පත්වෙනවා. ඒ නිසා ඔහුගේ ජීවිතය සහ දේශපාලනය තියෙන්නේ යාපනය කියන වටපිටාව ඇතුළේ. ඔහුට තල් ගස් යට ජීවිතේ අතිශය හුරුයි. ඒ නිසා තමයි ඔවුන් හිතන්න ඇත්තේ ඔවුන්ට නිරවුල් දේශපාලන නායකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ශ්‍රීධරන්ගෙන් විතරයි කියලා.

යාපනේ මාර්කට් එකේදී අපි මේ ගැන කතා කළේ එතැන ඉන්න ශිවම් කියන ප්‍රකට ව්‍යාපාරිකයත් එක්ක. ශිවම්ගේ මතය අපි කලින් කතාකරපු මතවලට වඩා ගොඩක් වෙනස්.
‘ඇත්තටම අපි දැන් කරන්න ඕනේ සාම්ප්‍රදායික දේශපාලනය නෙවෙයි. සාම්ප්‍රදායික වේට්ටි අඳින මිනිස්සු පත්කරලා දේශපාලනය කරන්න බෑ කියලයි මගේ මතය. මම හිතාගෙන හිටියා මේගොල්ලෝ සුමන්තිරන්ට දෙයි කියලා. මොකද එහෙම දුන්නොත් තමයි අපට දකුණත් එක්ක මේ ගනුදෙනුව පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.

රාසමානික්කම් වගේ නායකයෝ ශ්‍රීධරන්ලගේ විදියට නෙවෙයි හැසිරෙන්නේ. ශ්‍රීධරන් කියන්නේ පරණ මිනිහා. එයාට ඉන්න දීලා හොඳ නායකයෙක් දාගත්තා නම්, නැත්නම් ශ්‍රීධරන්වම හරි කමක් නෑ පත්කරගෙන ඒ අදාළ ක්‍රමයට මේ වැඩේ කරගෙන ගියා නම් හොඳයි කියලයි මම හිතන්නේ. එහෙම නැත්නම් අනිත් නගරවලට වඩා මේ යාපනේ කඩාවැටෙන්න පුළුවන්. මොකද ශ්‍රීධරන්ට ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා අඩුයි. ඒ වගේම කොළඹ මහා සමාජය එක්ක තියෙන සම්බන්ධතා ගැනත් අපට ලොකු අදහසක් නෑ.’

ඒ කතාව ඇත්තද බොරුද කියන්න අපි දන්නේ නෑ. පොයින්ට් පේදුරු පැත්තට යනකොට මිනිස්සු මතය අතිශය වෙනස්. සමහර අයගෙන් අපි ඇහුවම ඒ අයට කියන්න උත්තරයක් නෑ. ඒ අය කිව්වේ අපිට දේශපාලනයෙන් ඇති වැඩක් නෑ කියලා. හැබැයි එහෙම කියන්නේ ඡන්දෙ නොදෙන්න නෙවෙයි. අනිවාර්යයෙන්ම ඔවුන් ඡන්දේ දෙනවා. ඔවුන් තමන් කැමැති පාලකයා පත් කරගන්නවා. ඔවුන් ඒ සඳහා ලෑස්තියි. හැබැයි ඔවුන්ට මේ මොහොතේ තියෙන දේශපාලනය ගැන ලොකු අවබෝධයක් නෑ කියලයි අපට හිතෙන්නේ.

කොහොම නමුත් පොදුවේ ගත්තම උතුරේ මිනිස්සුන්ගේ වැඩි ප්‍රතිචාරයක් තිබුණේ ශ්‍රීධරන්ට. ශ්‍රීධරන් තමයි නායකයා වියයුත්තේ කියන එක ගැන බොහෝ දෙනකුට අදහසක් තිබුණා. ඒකට විවිධ කරුණු බලපාන්න ඇති. නමුත් අපි හිතාගෙන හිටියේ උතුරේ මිනිස්සු කැමැති සුමන්තිරන්ට කියලා වුණාට ඇත්තටම උතුරේ මිනිස්සු කැමැති වෙලා හිටියේ සුමන්තිරන්ට නෙවෙයි කියලයි අපට නම් දැනෙන්නේ.

ඉතින් මේ කාරණාත් එක්ක ආර්. සම්බන්දන්ගේ තනතුරේ බර ශ්‍රීධරන් මත පැටවුණා. ශ්‍රීධරන් ගැන කතා කරද්දී එක තැනකදී කියැවුණු කතාවක් තමයි මොනවා වුණත් විදුහල්පතිවරයානේ. මොනවා වුණත් ඉස්කෝලේ ප්‍රින්සිපල්නේ. ඒ කාලේ ඕනෙම දේකට උදව් කළා. ඒ නිසා ශ්‍රීධරන් හොඳයි කියන එක. ඒ අනුව ගත්තාම ශ්‍රීධරන් කියලා කියන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුව හිටපු නායකයා. හැමෝම කියන්නේ ශ්‍රීධරන්ට තමන් කැමැති බව. ඔවුන් ශ්‍රීධරන්ගේ හැසිරීමට කැමැතියි. ශ්‍රීධරන්ට මුහුණ දෙන්න සිදුවුණු දේශපාලන අත්දැකීම් ගැන බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිසා අපට අවසන් වශයෙන් පේන්න තියෙන්නේ උතුර ශ්‍රීධරන්ට කැමැති බව සහ උතුර බලාපොරොත්තු වෙච්ච නායකයා ශ්‍රීධරන් තුළින් දකින්න ලැබෙන බව.

ඒ නිසා අපට සිද්ධ වෙනවා ශ්‍රීධරන්ගේ ඉතිහාසයත් එක්ක උතුරේ මිනිස්සු ශ්‍රීධරන්ට කැමැති බව පෙන්වන්න. ශ්‍රීධරන් යුද්ධයට සම්බන්ධ වුණේ මොන විදියටද කියන එක අපට පැහැදිලි නෑ. නමුත් ශ්‍රීධරන් යුද්ධය කාලේ මෙහෙ හිටපු කෙනෙක්. අතහැර නොගිය කෙනෙක්. ඒ නිසා උතුරේ මිනිස්සු ශ්‍රීධරන්ට කැමැතියි වගේම අපිත් ශ්‍රීධරන්ට කියන්නේ ඔබ සාම්ප්‍රදායික දෙමළ නායකයා විදියට දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් විතරක් නෙවෙයි අපේ අයිතීන් වෙනුවෙනුත් කතා කරන්න කියලයි. හැම දේකින්ම ලකුණු දාගන්නවට වඩා වැදගත් වෙන්නේ ලකුණු සහිතව පාලකයෙක් බවට පත්වීම. ඒ නිසා ශ්‍රීධරන් දිනුම්. ශ්‍රීධරන්ගේ දිනුම ගමේ රටේ මිනිස්සුන්ටත් දිනුමක් වෙන්න නම් ඔහුට සිදුවෙනවා අනිවාර්යයෙන්ම වැඩ කරන්න.

SendShareShare
Previous Post

ලංකාවේ හයිවේ එකේ යන එක මාරක ළිඳේ යනවා වගේ වැඩක් වෙලා! හද්ද කරුවලේ තවත් මහා අනතුරක්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘දිවයින’ පත්තරේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! රාජකාරියේ යෙදෙන ගමන් ආරක්ෂක අංශ සාමාජිකයන් පාතාලයේ නියෝගවලට කුලියට මිනීමරලා! හොරෙන් එළියට ඇවිත් වැඩේ දීලා ආයෙත් කඳවුරට රිංගනවලු! I Sri Lanka Latest News

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.