සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හීත් ස්ට්‍රීක් මියගිය බව අද මෙරට ප්‍රධාන මාධ්‍ය ගණනාවක්ම වාර්තා කොට තිබිණ.Sri Lanka Latest News
ඒ, එවක ස්ට්‍රීක්ගේ සමකාලීනයකු වූ හෙන්රි ඔලොන්ගා තැබූ ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමිනි.
කෙසේවෙතත් හීත් ස්ට්‍රීක් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ තමන් ජීවත්ව සිටින බවත්, සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත් සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවත්ය.
කෙසේවෙතත් පසුව හෙන්රි ඔලොන්ගාද සිය පුවත නිවැරදි කිරීමට පියවර ගෙන තිබිණ.
I can confirm that rumours of the demise of Heath Streak have been greatly exaggerated. I just heard from him. The third umpire has called him back. He is very much alive folks. pic.twitter.com/LQs6bcjWSB
— Henry Olonga (@henryolonga) August 23, 2023










