• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එහෙත් තරහ මෙහෙත් තරහා අරුම පුදුම රටක් තියනවා…! අඹගෙඩියක හැඩය ගත්ත ඒකට මරු නමක් කියනවා…!

June 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
එහෙත් තරහ මෙහෙත් තරහා අරුම පුදුම රටක් තියනවා…! අඹගෙඩියක හැඩය ගත්ත ඒකට මරු නමක් කියනවා…!
Share on WhatsAppShare on Facebook

‘හෙළ ජාතික අභිමානේ – වැඩු විරුවන් සේ පොරණේ – දිනු මවු බිම සව්සිරියෙන් සරසව්’ කියලා කිව්වට මේක සව්සිරියෙන් සරසන එක ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා දැන් අපට තේරෙනවා. ඇත්තටම ලෝකෙ රටකට තනියම ජීවත් වෙන්න බෑ, කොහෙ හරි තවත් රටක උදව්වක් ඕනෙමයි. අපි තමයි ලෝකෙ ඉන්න අදීනම ජාතිය, අභීතම ජාතිය, එඩිතරම ජාතිය කියලා කිව්වට ලංකාවට හැමදාම සිද්ධ වුණේ කොහෙ හරි රටකට ඕනෙ විදියට නටන්න. ඒක අද ඊයෙ නෙවෙයි එදා ඉඳන්ම එහෙමයි. මුල් කාලීනව ලංකාව සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ බලය දිනාගන්නේ ඉන්දියාව. විජය රජ්ජුරුවො කියලා හාදයෙක් නැවක නැගලා පාකරලා එවලා ලංකාවෙ රජ්ජුරුවො කරන්න ඉන්දියාවට පුළුවන් වෙනවා. රාවණා හිටියා නම් රාවණාගෙ කාලෙ ඉඳන්ම අපි ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරපු පිරිසක්. චෝල, පාණ්ඩ්‍ය, සේන ගුත්තික, එළාර මේ හැමෝම ලංකාව යටත් කරගන්නවා. අනුරාධපුර රාජධානිය අපට අහිමි වෙන්නෙත් ඉන්දියාවෙ බලපෑම උඩ. පොළොන්නරු රාජධානිය අහිමි වෙන්නෙත් ඉන්දියාවෙ බලපෑම උඩ. ඊට පස්සේ පෘතුගීසි එනවා පාවෙලා. ලන්දේසි එනවා කොහෙන් හරි. ඉංග්‍රීසින් එනවා. අන්තිමට එපාවෙලා දාලා යනකන්ම මේක පාලනය කරන්නේ ඔය එක එක ජාතිකයො. අපි කියන තරම් අභිමානයක්වත්, අපි කියන තරම් එඩිතරකමක්වත්, අපි කියන තරම් අදීන බවක්වත් මේකෙ එවුන්ට තිබුණෙ නෑ, අපේ එවුන්ට තිබුණු ප්‍රධාන ශක්තිය තමයි අනිත් එකාව පාවාදීමේ හැකියාව. මහ එවුන් ඉස්සරහ දෙකට නැමීමේ හැකියාව, කොන්ද කෙළින් තියාගන්න බැරිකම, ඔන්න ඕවත් එක්ක තමයි අපේ රට හැදිලා තියෙන්නේ. පුංචි කාලෙ අපිට කවුරු හරි කෙනෙක් ඉගැන්නුවා මතකයි මේක තමයි ලෝකෙ තියෙන උතුම්ම දේශය කියලා. මේක උතුම් වෙන්නෙ කොහොමද, කොයි පැත්තෙන්ද, මොන හේතුවක් නිසාද කියන එක තාම අපට තේරෙන්නෙ නෑ. එක්කො අපට පොඩි කාලෙ උගන්වපු මිනිස්සු බොරු කියලා. නැත්නම් ඒ මිනිස්සුන්ටත් කවුරු හරි බොරු කියලා. ඒවා වැඩක් නෑ.

දැන් ලංකාව අද තියෙන තැනත් එක්ක ගත්තම අපිට ජාත්‍යන්තර සම්බන්ධතා, පිටරටවල උදව් අත්‍යාවශ්‍යයි. ඒකට හේතුව අපි ඉන්නෙ අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. ඒත් මේ ආණ්ඩුව ලංකාවෙ බලය අල්ලගත්ත ගමන් පාලනයට ආපු ගමන්ම කළේ පිටරටවල් තරහා කරගත්ත එක. මුලින්ම ලංකාව පාලනයට මේගොල්ලො බලය ගන්නෙම ඇමෙරිකාව තරහ කරගෙන. මේගොල්ලො මුලින්ම කියපු විශාල කතන්දරයක් තමයි ඇමෙරිකාව විසින් ලංකාව අල්ලන්න යනවා කියලා. එම්.සී.සී. ගිවිසුම හරහා ලංකාව මැද්දෙන් දෙකට කඩලා ඒක ඇමෙරිකාවට පාවා දෙන්න යනවා කියලා තමයි මේගොල්ලො බලය ගත්තේ. එහෙම කියලා ඇමෙරිකාව තරහා කරගෙන, ඇමෙරිකාවට චෝදනා කරලා, ඇමෙරිකාවෙ බලය නැති කරන්න කියලා තමයි මේ ආණ්ඩුව පත්වුණේ. ඒක නිසා පළමුවැනි මාතෘකාව යටතේ අපට කතා කරන්න තියෙන්නේ ඇමෙරිකාව තරහා කරගැනීම. ඇමෙරිකාව තරහා කරගැනීම දේශපාලනික උපක්‍රමයක් විතරක් කියන එක අපිට ඉතාම පැහැදිලියි. ඇත්තටම ඔවුන් එම්.සී.සී. එක සම්බන්ධව ලංකාවට කිව්වෙ බොරු. ඒක ඇත්තක් නෙවෙයි. හැබැයි ඒ බොරුව ඇතුළේ යම් ඇත්තක් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් තනිකරම එම්.සී.සී. එක පෙන්නලා මිනිස්සු රවට්ටලා බලය ලබාගැනීම තමයි මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂගෙ කණ්ඩායමේ වුවමනාව වෙලා තිබුණේ. ඒ විදියට බොහෝ දේශපාලන උපක්‍රම සහිතවයි ඔවුන් බලය අල්ලගත්තේ. ඒ නිසා පළමුවැනි කෝන්තරය ඔවුන් හදාගන්නේ ඇමෙරිකාවත් එක්ක. ඇමෙරිකාව කියලා කියන්නේ ලෝක පොලිස්කාරයා. ලෝකෙ මහ බලවතා. කොච්චර කවුරු මොනවා කිව්වත් ඇමෙරිකාව තමන්ගෙ බලය අඩු කරගන්නෙ නෑ. තමන්ට අවශ්‍ය විදියට එන ඕනෑම පාලකයෙක් රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්න බව අපි දන්නවා. ඒ නිසා ඇමෙරිකාව තරහා කරගැනීම තමයි අපේ පළමු පියවර.

ඒ වගේම ජපානය තරහා කරගැනීම. ජපානෙ කියලා කියන්නේ එදා ඉඳලම ලංකාවට බොහෝ සෙයින් උදව් උපකාර කරපු රටක්. බොහෝ විට ජපානෙන් අපට ලැබුණු පරිත්‍යාග අපේ රටේ හැම තැනම තියෙනවා. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහත්තයට ජපානයත් එක්ක තිබුණු ප්‍රබල හාදකම හින්දා ජපානය අපට නැගිටින්න උදව් කළා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ ඉඳලා, ජයවර්ධනපුර රෝහලේ ඉඳලා බොහෝ තැන් ජපානෙන් අපට ලැබුණු තෑගි. ඒකට හේතුව වුණේ ලෝක බලවතුන් ලෝක යුද්ධෙන් පස්සේ ජපානයට එරෙහිව තීන්දු ගන්න යද්දී අපේ ජේ.ආර්. මහත්තයා ‘නහී වේරේන වේරාණි’ කියන ගාථා පාඨය කියලා ඔවුන්ට සමාව දිය යුතුයි කියන අදහස යෝජනා කරපු නිසා. අදත් ජේ.ආර්.ගෙ පිළිරූ ජපානෙ තියෙනවා. ඒත් ජේ.ආර්.ගෙ හිතවත්කම කොහොම වෙතත් අපට ජපානෙ තරහා කරගන්න සිද්ධ වුණේ හරිම පටු දේශපාලන අරමුණක් හින්දා. ඒ තමයි මොනෝ ටේ්‍රන් ව්‍යාපෘතිය නතර කිරීම. ලංකාවෙ දියත් වෙන්න තිබුණු ඉතා ප්‍රබල සහ ඉතා වටිනා ව්‍යාපෘතියක් විදියට මොනෝ රේල් ව්‍යාපෘතිය සලකන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය ලංකාවෙ ගෙනාවෙ යහපාලන ආණ්ඩුවෙ ප්‍රධානත්වයෙන් කියලයි අපි අහල තියෙනනේ. කොහොම නමුත් මොනෝ රේල් එක හදන්න සියලු කටයුතු සූදානම් වෙමින් තිබුණු අතරතුරේ මේ අලුත් ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය නතර කළා. ඔවුන් ඒකට අපූරු තර්ක ඉදිරිපත් කළා. මේකට බඩු පටවන්නෙ කොහොමද, උඩින් යන්න ගියාම මේකට වාහනයක්වත් ළං කරලා නවත්තන්නෙ වගේ මෝඩ තර්කත් එක්ක මොනෝ රේල් ව්‍යාපෘතිය නතර වුණා. මොනෝ රේල් ව්‍යාපෘතිය එන්න තිබුණේ කොළඹ නගරයේ තියෙන රථ වාහන අර්බුදයට පිළියමක් විදියට. ඒ වගේම මේ සංකල්පය හරහා කොළඹ නගරයට එන වාහන වැඩි ප්‍රමාණයක් ප්‍රධාන නගරයෙන් පිටත නිශ්චිත ස්ථානවල නතර කරලා මොනෝ රේල් හෝ එවැනි දේවල් ආධාරයෙන් කොළඹ නගරය හරහා ගමන් කිරීම තමයි මේ සංකල්පයේ අවශ්‍යතාව වුණේ. ඇත්තටම අද වෙද්දී මේ වගේ ව්‍යාපෘතියක් තිබුණා නම් තෙල් අර්බුදයට ලොකු පිළියමක් වෙන්න තිබුණා කියන එක අපට දැන් පැහැදිලිව පෙනෙන කතන්දරයක්.

ඒ වගේම චීනය තරහා කරගැනීම. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තියෙන එකම හයිය සහ එකම හිතවත්කම තමයි චීනය. එහෙම නැත්නම් ඔවුන්ට හිතවත්ව ඉන්නේ සියෙරා ලියොන් වගේ ගෝත්‍රිකයන් තවමත් වෙසෙන රටවල්. ඒ අයගෙන් ලංකාවට ගන්න පුළුවන් උදව්වක්වත් නෑ. සමහර විට මේගොල්ලන්ගෙ මුදල් කොහෙ කොහෙ හරි ආයෝජනය කරගන්න පුළුවන් වුණාට, ඒගොල්ලන්ගෙන් අපට ලැබෙන දෙයක් නැති නිසා අපට ශක්තිමත් කණ්ඩායමක් විදියට ජාතියක් විදියට චීනය ටිකක් ළඟින් හිටියා. ඒකට හේතුව චීනෙට අවශ්‍ය අවශ්‍ය දේවල් ලංකාවෙ කරමින් අපිට අවශ්‍ය දේවල් චීනයෙන් ලබාගනිමින් චීනය සතුටු කරමින්, චීනුන්ට ස්ථිර පදිංචිය ලංකාවෙ දෙමින් යම්කිසි වැඩපිළිවෙළක් දියත් වුණා. මේක චීන කොලනියක් වෙන්න යන බවත් බොහෝ දෙනෙක් කිව්වා. ඒත් අන්තිමට වුණේ අපි චීනෙ තරහා කරගැනීම. චීනෙ තරහා කරගත්තේ කොහොමද? ඒ තමයි චීන පොහොර නැවේ අර්බුදය. මේ අර්බුදයත් එක්ක අපි අනවශ්‍ය විදියට චීන පොහොර නැව ගෙන්වලා ඔවුන්ව අනවශ්‍ය විදියට පීඩාවට පත්කරලා ඔවුන් එක්ක නීතිමය තර්ක ඉදිරිපත් කරලා, ජාත්‍යන්තර අධිකරණවල නඩු අහලා අන්තිමට චීන පොහොර නැවට සල්ලි ගෙවලා, චීන පොහොර නැව ආපහු යැව්වා. මේවා ගෙන්නුවෙ කවුද, මොන වුවමනාවකටද, කාගෙ අනුමැතිය ඇතිවද කියන එක අපට තාම තේරෙන්නෙ නෑ. හැබැයි කන්න නැතුව ඉන්න ජාතියක් අන්තිමට කොහෙවත් තිබුණු නැවකට සල්ලි ගෙවලා, ඒ නැව ආපහු යවලා, ඒකෙන් කිසිම ප්‍රයෝජනයකුත් නැතුව, චීන සමාගමත් තරහා කරගෙන, චීනෙත් එක්ක තිබුණු හොඳ හිත පලුදු කරගත්තා. ඒක සම්පූර්ණයෙන්ම ලංකාවෙ දේශපාලකයන්ගෙ තියෙන අත්තනෝමතික තීන්දු මත සිදුවෙච්ච දෙයක්.

චීන පොහොර නැවේ අර්බුදය තවදුරටත් ඔඩුනොදිව්වේ ඒ වෙලාවෙ ඒ සල්ලි ටික කොහෙන් හරි හිඟාකාලා ගෙවා දාපු නිසා කියලයි අපට හිතෙන්නේ. එහෙම නොවුණා නම් චීනෙ මොන විදියෙ පියවරක් අපට විරුද්ධව ගනීද කියන එක කියන්න බෑ. ඒ වගේම ඉන්දියාවත් එක්කත් අපි ගැටුම් හදාගත්තා. ඒ, එක විදියකට දෙවිදියකට නෙවෙයි. කිහිප විදියකටම අපි ඉන්දියාවත් එක්ක ගැටුම් හදාගත්තා. ප්‍රධාන ගැටුමක් තමයි ඉන්දියාවට අපේ නැගෙනහිර ජැටිය ලබාදීමේ ව්‍යාපෘතිය. මේගොල්ලො නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදෙනවා කියලා කෙළින්ම පොරොන්දු වුණා. එහෙම පොරොන්දු වුණේ කාගෙන්වත් අහලවත්, කවුරුවත් එක්ක හෝ සාකච්ඡා කරවලත්, කාගෙවත් අවශ්‍යතාවක් නිසාවත් නෙවෙයි. ඒක තනිකරම පෞද්ගලික තීරණයක්. නැගෙනහිර ජැටිය දෙනවා කියලා දැනගත්ත ගමන්ම මුළු රටම කලබල වෙන්න පටන් ගත්තා. භික්ෂුන්වහන්සේලා, දේශපාලකයො ඇතුළු කණ්ඩායම් ඊට එරෙහිව උද්ඝෝෂණ කළා. හැබැයි එතකොටත් නැගෙනහිර ජැටිය දෙන්න පොරොන්දු වෙලා ඉවරයි. අන්තිමට අපට සිද්ධ වුණේ ඉන්දියාවට නැගෙනහිර ජැටිය දෙන්න පොරොන්දු වෙලා, බටහිර ජැටිය දීලා දාන්න. නැගෙනහිර සහ බටහිර ජැටිය කියලා කියන්නේ 100%ක් වෙනස් ස්ථාන දෙකක්. පොරොන්දු කඩකරලා ඒගොල්ලන්ට බොරු කියලා, ඒ විදියට ඉන්දියාවත් යම් විදියකට තරහා කරගත්තා. හැබැයි මේ වෙලාවෙ ඉන්දියාව තමන්ගෙ තරහා මරහා අමතක කරලා අසල්වැසියා විදියට අපට උදව් කරනවා. ඒ වුණාට ඉන්දියාව එක්ක තිබුණු හොඳ හිත පලුදු කරගෙන තමයි මේගොල්ලො පාලනය කරගෙන යන්න සූදානම් වුණේ.

ඊළඟට යුක්රේන අර්බුදය. මේ අර්බුදයත් එක්ක අපි යුක්රේනයට විරුද්ධ වෙලා රුසියාවට පක්ෂ වෙන්න ගිහිල්ලා බටහිර රටවල් සියල්ල අපිත් එක්ක තරහා වුණා. අපි යුක්රේනයට විරුද්ධව හිටගත්තා. යුද්ධයට පක්ෂ වුණා. ඒ පක්ෂ වීමත් එක්ක බටහිර රටවල් අපට විපක්ෂ වුණා. ඒ විදියට අපි බටහිර රටවල් ටිකත් තරහා කරගත්තා. ඒ තරහා කරගැනීමත් එක්ක අපට තිබුණු ප්‍රධානම හයිය වුණේ රුසියාව. ඒ, අපි හිටියෙ රුසියාව පැත්තෙ නිසා රුසියාව අපට උදව් කරනවා කියන විශ්වාසයෙන් තමයි අපි හිටියෙ. හැබැයි අන්තිමට රුසියාවත් අපට නැතිවෙන තැනට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව රුසියාවෙන් ආපු ගුවන් යානයක් සම්බන්ධව ලංකාවෙ අධිකරණය දීපු තීරණය. මේ තීන්දුවෙ තියෙන අපූර්වත්වය වෙන්නේ අධිකරණ තීන්දුවට පිටින් ගිහිල්ලා අධිකරණයේ අවශ්‍යතාවට වඩා වෙනස් ආකාරයකින් නීතිඥවරයෙක් සහ පිස්කල්වරයෙක් කටයුතු කරලා තියෙන ආකාරය. ඔවුන් ශ්‍රී ලංකාවෙ ගුවන් තොටුපළට ගිහින්, එහි නිලධාරීන්ට අයුතු බලපෑම් කරලා, තමන්ට අවශ්‍ය විදියට මේ ගුවන් යානය නතර කරගන්න පියවර ගත්තා කියලා අවසානයේ දෙවැනි නඩුව අධීක්ෂණය කරද්දී අපට පේනවා. ඒ කියන්නේ ගුවන් යානය නිදහස් කරන ලද නඩුව බලද්දී. මේ විදියට රටක් කොහොමද රාජ්‍යතාන්ත්‍රික නොවන තීන්දු තීරණ ගන්නේ? ඒ වගේම කොහොමද නීතියට පිටස්තර තීරණ ගන්නේ කියන එක ගැන මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා. හැබැයි අන්තිමට සිද්ධ වුණේ ඒකෙන් රුසියාව අපිත් එක්ක තිබුණු හොඳ හිත නැතිවෙලා යන එක. රුසියාවෙන් ආපු නිලධාරීන්ට තේ කොළයි, කජුයි දීලා යාළු කරගන්න තරම් බබාලා නොවන බව අපට විශ්වාසයි.

මේ මොහොතේ අපේ රටට පැමිණෙමින් සිටියෙ විදේශීය සංචාරකයන් දෙකොටසක් විතරයි. එක පිරිසක් යුක්රේන ජාතිකයො, අනෙක් පිරිස රුසියානු ජාතිකයො. දැන් යුක්රේනය අපිත් එක්ක තරහා වෙලා ඒගොල්ලො එන්නෙත් නෑ. රුසියාව තීරණය කරනවා ලංකාවට පැමිණෙන එක නතර කරන්න බොහෝ විට. පැමිණ සිටි සංචාරකයන් පවා හැරෙන තැපෑලෙන් ගුවන් යානයක නංවාගෙන ඔවුන් රුසියාවට අරගෙන ගියා. අපිට තවත් සංචාරකයො විශාල පිරිසක් නැතිවෙලා යමින් තමයි තියෙන්නේ. ඒ විදියට ගත්තට පස්සේ ආපු දවසෙ ඉඳන් අපි මේ වෙනකොට ප්‍රධාන රටවල් සියල්ලම තරහා කරගනිමිනුයි ඉන්නේ. එහෙම තරහා කරගනිමින් යන්න පුළුවන් තරම් අදීන ජාතියක් එඩිතර ජාතියක් සල්ලිය බාගෙ තියෙන ජාතියක් වුණා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට චණ්ඩි වගේ ඉන්න තිබුණා. ඒත් කන්න බොන්න නැති අපේ රටට ලෝකෙ මිනිස්සු තරහා කරගෙන කරන්න පුළුවන් මොකක්ද කියලා බලධාරීන්ගෙන් අහන්න විතරයි ඉතින් අපිට පුළුවන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහ පාරේ යථාර්ථය සහ ඇමතිගෙ බයිලා! (VIDEO)

Next Post

දොස්තර සාෆිගේ වඳ කතාව කියලා එදා චන්න ජයසුමනයි ඉරාජුයි මිනිස්සු අන්දපු හැටි! අපි ළඟ තියෙන සංස්කරණය කරපු තවත් වීඩියෝ එකක්! (VIDEO)

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.