ජනතාව අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත්, එය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 54 වැනි අදියර ලෙස ‘සක්වල’ වැඩසටහන හරහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස්රථක් අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසලට පරිත්‍යාග කරන අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
බස් රියැදුරකුට වුව හැකියාව, කැපවීම, මානවහිතවාදීකම තිබේ නම් රටේ ජනාධිපති තනතුරටත් වඩා ඉහළට වුවද යා හැකි බවත්, ‘බස් මෑන්’ යනුවෙන් තමන්ට අපහාස කරන සමාජවාදී යැයි කියාගන්නා දේශපාලකයන් පිළිබඳ කනගාටු වන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.








