අද දිනයේදී පාර්ලිමේන්තුවේ සිදුවූ විවාදයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘පචයෙක්’ යැයි කියා සිටියේය.
ඒ අද උදෑසන පක්ෂ නායක රැස්වීමේ සිදුවූ කතාබහක් අසත්‍ය බවට කතානායකවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී විපක්ෂනායකවරයා තමන් කියන්නේ බොරු නම් ඒ බව දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසන ලෙස කියද්දී දිනේෂ් ගුණවර්ධන මහතාද නිහඩව සිටීම විශේෂ සිදුවීමක් විය.










