කොවිඩ් වසන්ගතය පැතිර යාම පාලන කිරීම සදහා මාස දෙකක කාලයක සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා තහනම ලබන සදුදා සිට ඉවත් කිරීමේ සුදානමක් ඇති බව වාර්තා වේ.
ඉකුත් මැයි මස 11 වැනි දින සිට මුළු දිවයිනම ආරවරණ වන පරිදි මෙම පළාත් සංචරණ සීමා පැනවිය.
මුලින්ම මැයි මස 30 වැනි දින දක්වා මෙම සංචරණ සීමා පැන වු අතර රටේ පැවැති තත්ත්වය හමුවේ පසුව එය මේ දක්වා දීර්ඝ කර තිබිණි.
මේමේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්යෙන් නිළ වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බවයි.










