• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24යි! ඒකට වී ඕන මෙට්‍රික් ටොන් ලක්ෂ 38ක්! මේ අවුරුද්දෙ මෙට්‍රික් ටොන් ලක්ෂ 42ක වී අස්වැන්නක් තියෙනවා! එහෙමනම් හාල් හිඟයක් ආවේ කොහොමද? හාල් හංගන් ඉන්න අදෘශ්‍යමාන හස්තය කව්ද? හාල් ගෙන්වන්න ඉස්සෙල්ලා ආණ්ඩුව ඒක හොයලා ඉන්න! I Sri Lanka Latest News

January 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වෙළඳපොල තුළ තවමත් පවතින සහල් හිඟය සම්බන්ධයෙන් අදහස් දැකිවීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා දැක්වූ අදහස් මෙසේය.Sri Lanka Latest News

” අලුත් අවුරුද්දක් උදාවෙලා තියෙන්නේ. නමුත් පරණ අවුරුද්දේ තිබුණු ප්‍රශ්න ටිකම වෙනසක් නැතුව මේ අවුරුද්දටත් ජනතාවගේ හිසමතට පහත් වෙලා. ජනවාරි පළවෙනි දා පුවත්පත්වල මුල් පිටුවේ සිරස්තල වාර්තා කරල තියනවා අලුත් අවුරුද්දේ මිනිස්සුන්ට කිරිබත් කන්න කැකුළු සහල් නෑ කියලා. කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශ ආශ්‍රිතව කැකුළු සහ නාඩු සහල් තිබුණෙ නෑ.

පසුගිය කන්නවලට අදාලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා බැලුවම පේනවා මේ වගේ සහල් අර්බුදයක් ඇති වෙන්න කිසිදු ප්‍රායෝගික තත්වයක් නිර්මාණය වෙලා නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් ලක්ෂ 24යි. ඒ ප්‍රමාණය නිශ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 38ක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට 2024 අවුරුද්දේ විතරක් ප්‍රධාන කන්න දෙකේදි මෙට්‍රික්ටොන් ලක්ෂ 42ක අස්වැන්නක් ලැබිල තියනවා. 2023 වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්ෂ 48යි. ඒ කියන්නෙ අපිට හරි නං සහල් අතිරික්තයක් තියෙන්න ඕන.

මේ නිශ්පාදිත සහල් ප්‍රමාණයෙන් වැඩි කොටසක් තියෙන්නේ මහාපරිමාණ මෝල් හිමියන් අතේ. ගොවියන් සතුව විශාල වී තොගයක් නෑ. දැන් වෙළඳපොලේ හිඟයි කියන්නේ නාඩු සහ කැකුළු සහල් නමුත් වාර්තාවල තියෙන විදිහට පහුගිය කාලේ වගාකළ සමස්ථ ප්‍රමාණයෙන් 77%ක් නාඩු. එතකොට පැහැදිලියි මෙතන යම් අදෘශ්‍යමාන හස්තයක් විසින් සහල් වෙළඳපොලට එන්න නොදී තියාගෙන ඉන්නවා. ආණ්ඩුව හොයන්න ඕන ඒ අදෘශ්‍යමාන හස්තය කවුද කියලා ?.මේ සහල් තොගවලට මොකද වුණේ කියලා.

සහල් හිඟයට හේතුව විදිහට මහාපරිමාණ මෝල් හිමියෝ කිව්වේ බියර් සහ සත්ත්ව ආහාර නිශ්පාදනය කරන්න අස්වැන්න වැය කරල තියෙන නිසා තමයි මේ හිඟය ආවෙකියලා. නමුත් පසුගිය දවසක ජනාධිපතිවරයා සහල් මෝල් හිමියන් එක්ක සාකච්ඡා කරලා රුපියල් 220ක පාලන මිළට තිබුණ සහල් මිළ රුපියල් 230ක් කළා. ඔන්න එතකොට සහල් මෝල් හිමියෝ කිව්වා අපි වෙළඳපොලට සහල් නිකුත් කරන්නම් කියලා. හිඟයි නෑ වගේ කතා කියපු සහල් මිළ වැඩි කරපු ගමන් වෙළඳපොලට නිකුත් කරන්න පුලුවන් කියලා ව්‍යාපාරිකයෝ කිව්වෙ කොහොමද ? එතකොට ඒ වෙලාවෙ විතරක් සහල් තියෙන්නෙ කොහොමද ? එතකොට පැහැදිලි මෙතන තියෙන්නෙ සහල් හිඟයක් නෙවෙයි.

මේ වෙළෙඳ ඒකාධිකාරය එක්ක හැප්පෙන එක පැත්තක තියලා ආණ්ඩුව තීරණය කලා පිටරටින් සහල් තොග ගෙන්නන්න. එතනදි ආණ්ඩුව හිතුවා මහාපරිමාණ සහල් මෝල් හිමියෝ වගේ නැතුව සහල් ආනයනය කරන සමාගම් සාධාරණව සහල් ගෙන්නල වෙළඳපොලට නිකුත් කරයි කියලා. නමුත් ඔවුනුත් අන්තිමේදි සහල් ගෙන්නුවේ මිළ වැඩි කිරීමක් කලාට පස්සේ.

දැනට වරායෙන් සහල් මෙට්‍රික්ටොන් 79,000ක් නිශ්කාශනය කරල තියනවා. නමුත් වෙළඳපොලේ සහල් හිඟය තවම විසඳිලා නැහැ. අපිට තොරතුරු ලැබිල තියෙන විදිහට සහල් ආනයනය කරන සමාගම් ගෙන්නපු සහල් තොග වැඩි මිළට පිටි නිශ්පාදනයට සහ සත්ත්ව ආහාර නිශ්පාදනයට යොදවමින් ඉන්නවා. මේක ඉතාම බරපතළ තත්වයක්. ආණ්ඩුව ඉක්මනින් මේ සඳහා පියවරක් ගත යුතුයි.

දැන් මහාපරිමාණ සහල් සමාගම් එක්ක හැප්පෙන්න සහල් වෙළඳපොලේ පාලනය රජය යටතට ගන්නවා වගේ කතා ගොඩක් ආණ්ඩුව කිව්වා. නමුත් ව්‍යාපාරිකයෝ සහල් මෙට්‍රික්ටොන් 79,000ක් ගෙන්නද්දි රාජ්‍ය විවිධ සේවා නීතිගත සංස්ථාවෙන් සහල් මෙට්‍රික්ටොන් 780යි ගෙනල්ල තියෙන්නේ. රටේ දෛනික සහල් අවශ්‍යතාවයෙන් 10%ක්වත් සම්පූර්ණ කරන්න ඒ ප්‍රමාණයට හැකියාවක් නෑ.

රජය පැත්තෙන් සහල් ආනයනය කරන්න දාපු ටෙන්ඩර් සියල්ල ප්‍රතික්ෂේප වුනා කියලා තමයි වෙළඳ හා වාණිජ කටයුතු භාර අමාත්‍යවරයා කිව්වේ. ව්‍යාපාරිකයන්ගේ ටෙන්ඩර් අනුමත වෙන්නයි රජයේ ටෙන්ඩර් ප්‍රතික්ෂේප වෙන්නයි බලපෑව හේතුව වහාම හොයන්න ඕන. එක්කෝ මෙතන නිළධාරීන්ගේ යම් අතපසුවීමක් හෝ ආණ්ඩුව වැට්ටීමේ අරමුණෙන් හිතාමතාකල කුමන්ත්‍රණයක් තියෙන්න ඕන.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි දිගින් දිගටම ආණ්ඩුවට කියන්නේ දැන්වත් මේ මහාපරිමාණ සහල් මෝල් හිමියෙන්ගේ එකාධිකාරය බිඳ වට්ටන්න ඕන. පහුගිය කාලෙම මේ සහල් මෝල් හිමියෝ වී මිළඳී ගත්තේ රාජ්‍ය බැංකු දෙකෙන් ණය අරගෙන. එතකොට ඒ බැංකුවල තියනවා තොරතුරු ඔවුන් ලබාගත් මුදල් ප්‍රමාණ සහ ඔවුන් මිළදීහත් අස්වැන්න ප්‍රමාණයට අදාල විස්තර. ආණ්ඩුවට පුලුවන් මේ ගැන හොයල බලල කඩිනම් විමර්ශනයක් කරන්න. ඒ කටයුත්තට ආණ්ඩුව පැත්තෙන් අතගැසීම ඇතුලෙ විතරයි ගොවියත්, සිල්ලර වෙලෙන්දත්, පාරිභෝගිකයත් ආරක්ෂා වෙන්නෙ. නැත්තං මේ හැමෝම අර මහාපරිමාණ ව්‍යාපරිකයෝ සුළු පිරිසගේ පාලනයට නතු වෙන්න නියමිතයි. “

SendShareShare
Previous Post

විජිත හේරත් ඇමැතිතුමනි..! වහාම පිටරට සමාගම්වලින් කප්පම් ඉල්ලා රටටම ලැජ්ජා කරපු මේ ඇමැතිවරු දෙන්නා කව්ද කියලා හෙළිකරන්න! හොරු කව්ද කියලා දැනගන්න රටම බලන් ඉන්නවා! I Sri Lanka Latest News

Next Post

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.