පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් ට නිල වශයෙන් පැමිණිලි කර තිබූ බවට ප්‍රවෘත්තියක් අප වෙබ් අඩවියේ අද දින පළකළෙමු. Sri Lanka Latest News
ඒ අනුව මේ කප්පම් ඉල්ලූ හිටපු ඇමැතිවරුන් දෙදෙනා කව්රුන්ද යන්න කියා වහාම අමාත්‍ය විජිත හේරත් මහතා විසින් රටට හෙළිදරව් කළ යුතුය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ හොරුන්ට දඩුවම් ලබා දෙන බවටත්, හොරු කව්ද කියා රටට හෙළිදරව් කරන බවත් කියමිනි.
එමනිසා හොරු කව්ද කියා දැනගැනීමට රටේ ජනතාව බලා සිටින බව අමුතුවෙන් කිවයුතු නැත.
අනෙක් අතට ජාත්‍යන්තරයෙන් පවා කප්පම් ඉල්ලමින් මුලු රටම ජාත්‍යන්තරය ඉදිරියේ පහළට ඇද දැමූ හිටපු ඇමැතිවරුන් පිළිබදව ආණ්ඩුව විසින් දැඩි තීන්දු ගත යුතු බවද අමුතුවෙන් කිව යුතු නැත
එමනිසා මෙවැනි පුවත් පමණක් පළ කිරීමෙන් නොනැවතී එම ඇමැතිවරුන් කව්ද කියා රටට හෙළිදරව් කිරීමත්, ඔවුන්ට දඩුවම් කිරීමත් ආණ්ඩුවේ වගකීමය.
ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ හොරු අල්ලන්නට මිස හොරු රකින්නට නොවේ.










