ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා පක්ෂයෙන් නෙරපා දැමූ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් මෙම නෙරපා හැරීම සිදුකළ බව ඒ මහතා කීය.
නෙරපා හැරීම නීත්‍යානුකූලව තහවුරු වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමට හේතු වනු ඇත.
පක්ෂයේ තීන්දුවට පිටින් යමින් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගැනීම මෙම නෙරපා හැරීමට හේතු වී තිබේ.










