ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති ලබන මැයි පළමුවැනි දින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට කැඳවා ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළකිරීමට විපක්ෂයේ සියලු පක්ෂ මේ වන විට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
එහිදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය මහනුවර සිට කොළඹට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග පැමිණ මැයි පළමුවැනි දින දැවැන්ත රැලියක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.
මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණද කොළඹදී දැවැන්ත මැයි රැලියක් සංවිධාන කොට විශාල පිරිසක් කොළඹට ගෙන ඒමට සැලසුම් කොට ඇත.
එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මේ වන විට සැලසුම් කොට ඇත්තේ කොළඹට සියලුම විශ්වවිiාල සිසුන් කැඳවා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් පළකිරීමටය.
ඒ අනුව ලබන පළමුවැනිදා කොළඹට ලක්ෂ ගණනින් ජනතාව පැමිණ ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වීමටත්, දැනට ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ අරගලයක් දියත් කොට ඇති ගෝල්ෆේස් අරගලකරුවන්ට සහාය පළකිරීමටත් මෙම කණ්ඩායම් තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.










