• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස්-හේමාස්-ඩයලොග්-ජෝන් කීල්ස්-ජෙට්වින්ග්-සිලෝන් බිස්කට්-සොෆ්ට්ලොජික්-බ්‍රැන්ඩික්ස්! රටේ ප්‍රධානම සමාගම් 8ක් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි!

April 23, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මාස්-හේමාස්-ඩයලොග්-ජෝන් කීල්ස්-ජෙට්වින්ග්-සිලෝන් බිස්කට්-සොෆ්ට්ලොජික්-බ්‍රැන්ඩික්ස්! රටේ ප්‍රධානම සමාගම් 8ක් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අටක් ලිපියක් මගින් රජයෙන් ඉල්ලීම් කර ඇත.

එමෙන්ම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරත වී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින බව එම ආයතන නිවේදනය කර තිබුණි.

එම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර  අතරට මාස් හෝල්ඩින්ග්ස්,හේමාස් සමූහ ව්‍යාපාරය,ඩයලොග් ඇක්සියාටා සමාගම ,ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය,ජෙට්වින්ග් සමාගම,සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරය,සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය, බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම අයත්ය.

“ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යාවශ්‍ය  බදු වැඩකිරීම වැනි ප්‍රතිසංස්කරණ හේතුවෙන් ව්‍යාපාර සහ පුද්ගලයන්ට කෙටි කාලීනව අභියෝගයක් එල්ල වේවි.ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ගයක් බව අපි විශ්වාස කරනවා .ජනතාව ඉල්ලන වෙනසට අපි සහයෝගය දෙනවා අපි පාලකයින්ට කියනවා ජනතාවට ඇහුන්කන් දීලා ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි මාර්ගයට ගැනීම සඳහා ඉක්මනින් යහපාලන මුලධර්ම මත පදනම්ව නිවැරදි ආර්ථික සහ දේශපාලන ක්‍රියා මාර්ග ගන්න කියල”හේමාස් සමුහ ව්‍යාපාරය පැවසීය .

“සියලු ප්‍රජාවන් එකමුතු වී සාමකාමී විරෝධතා වල නියැලෙමින්  ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ඉල්ලුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයට සමාන අභියෝගවලට ලෝකයේ තවත් රටවල් මුහුණ දෙමින් සිටින්නේ  කොවිඩ් වසංගතය හේතුවෙන්,කුමන රජයක් සිටියත් මේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම අමාරු දෙයක් ඒ වගේම තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඉතා වැදගත්” සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය පැවසීය.

බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම  ශ්‍රී ලාංකිකයන්ගේ ජනමතයට එකඟ වන බවත්,සෑම විටම ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින බවත්  ප්‍රකාශ කළේය.”බ්‍රැන්ඩික්ස් කණඩායමේ හඬට සැමවිටම ඇහුන්කන් දෙන්නා සේ ඒ හා සමානව සාමකාමී සමාජ ව්‍යාපාරවල නිරත වෙමින් තම මතය ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියට අපි ගරු කරනවා”බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම පැවසීය.

රඹුක්කන සිද්ධිය අසා ඉතා කණසල්ලට පත් වූ බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය පවසයි.රටේ වත්මන් ජනමතය සමග එකඟ වන බවත් ජනතාව ඉල්ලා සිටින ඉල්ලීම් වලට තිරසාර විසඳුමක් ලබා දීමට නිසි පියවර ගන්නා ලෙසත් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.ජනතාවගේ සාමකාමී සමාජ ව්‍යාපාරවලට සහභාගී වීමේ අයිතියට, අදහස්  ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට අඛණ්ඩව සහය දෙන බවත් දේශපාලනික සහ සමාජීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කිරීම වැදගත් බවත්  ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකික ජනතාවගේ හඬට ඇහුන්කන් දෙන ලෙස මාස් හෝල්ඩින්ග්ස්  දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.වත්මන් ආර්ථික සහ සමාජයීය අර්බුදය විසඳීම සඳහා ඉතා ඉක්මනින් වගකීමෙන් ක්‍රියා කළයුතු බවත් අදහස්  ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බවත් කල්පවතින වෙනසක් ඇති කරමින් ශ්‍රී ලංකාව වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව තරයේ විශ්වාස කරන බවත්  මාස් හෝල්ඩින්ග්ස් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ශ්‍රී ලංකාවේ දිග හැරෙන සිදුවීම් පිළිබඳ දැඩි කණසල්ලට පත්ව සිටින බව ජෙට්වින්ග් සමාගම පැවසීය.දුර්වල පාලනය සහ පටු තීරණ ගැනීම හේතුවෙන් ආර්ථිකයට,ප්‍රජාවන්ට සහ පුද්ගලයන්ට එහි බලපෑම එල්ල වී ඇති බවත් අදහස්  ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බවත්  ජෙට්වින්ග් සමාගම ප්‍රකාශ කළේය.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරිමේ  අයිතියට සහ සන්නිවේදනයට සහාය දෙන බව ඩයලොග් ඇක්සියාටා සමාගම පවසයි.ශ්‍රී ලංකාවට ක්‍රමානුකූල වෙනසක් අත්‍යවශ්‍ය බවත් ඉහළ මට්ටමේ  විනිවිදභාවයෙන් යුත් යහපාලනයක් අවශ්‍ය බවත් නැවත වරක් ශ්‍රී ලංකාවට වෙනදාටත් වඩා  ශක්තිමත් ව නැගී සිටීමට හැකියාව ලැබෙතැයි විශ්වාස කරන බවත් ඩයලොග් ඇක්සියාටා සමාගම ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

හකීම් මේ සැරේ ඇත්තටම වැඩේ දෙයි! ඇමැතිකමක් ගත්ත නසීර් අහමඩ් දොට්ටම දමයි!

Next Post

රඹුක්කන බවුසරයට ගිනි තියන්න හැදූ කොළ පාට ටීෂර්ට්කාරයා අල්ලයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.