• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු වංචාවට වඩා ලොකුයි SLIIT වංචාව! ඒත් කවුරු හරි මේක හංගනවා! අනුර පුළුවන් නම් හොයන්න! Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මහබැංකු වංචාවට වඩා ලොකුයි SLIIT වංචාව! ඒත් කවුරු හරි මේක හංගනවා! අනුර පුළුවන් නම් හොයන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ විශාලතම වංචාව ලෙස පොදුවේ සැලකෙන්නේ ‘මහ බැංකු බැඳුම්කර වංචාව’ වුවත් ප්‍රමාණයෙන් පමණක් නොව ස්වරූපයෙන්ද ඊට වඩා අතිවිශාල වූත්, එසේම නිර්ලජ්ජිත වූත්, මහ දවාලේ සිදුවූ මංකොල්ලයක් තිබේ. එනම් SLIIT (ස්ලිට්) ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති වංචාවයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිදු මහජන අවධානයක් ඇති බවක් නොපෙනෙන අතර, මීට සම්බන්ධ චෞර වළල්ලක් විසින් මේ කාරණය මහජන සාකච්ඡාවට හෝ නීතිමය ක්‍රියාවලියකට පාත්‍ර වීම ඉතාමත්ම සූක්ෂ්ම හා සංවිධානාත්මක ලෙසින් වළක්වමින් තිබේ. Sri Lanka Latest News

ඉතා කෙටියෙන් කිවහොත් ස්ලිට් වංචාව සිදුව ඇත්තේ මෙසේය. ස්ලිට් ආයතනය ආරම්භ කරන ලද්දේ මහපොළ අරමුදල විසින් රජයේ ඉඩමක් සහ රජයේ අරමුදල් යොදාගෙන රාජ්‍ය ආයතනයක් වශයෙන් 1999 දීය. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල වරම් නොලබන සිසුන් සඳහා සාධාරණ ගාස්තුවකට තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුණාත්මක උසස් අධ්‍යාපන අවස්ථාවක් ලබාදීමයි. ඒ අනුව එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මොරටුව විශ්වවිද්‍යාලය, ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක පිරිසක් පත්කරන ලදී. මේ අය අතුරින් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පත්කළ තිදෙනා සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා යන කණ්ඩායම ඉන්පසුව සදාකාලයටම එම තනතුරු දරන්නට පටන් ගැනුණි. (රජයේ අනෙකුත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට ධුරය දැරිය හැක්කේ වසර තුන බැගින් වන ධුර කාල දෙකක් පමණක් වන අතර, පාලක සභා සාමාජිකයන්ටද එබඳු සීමාවක් ඇත).

නමුත් වංචාවේ හොඳම සහ විස්මයජනක කොටස එය නොවේ. එකී සිවුදෙනා ඇතුළු පිරිසක් විසින් සාමාන්‍යයෙන් කිසිවකුටත් හීනෙන්වත් සිතන්නට නොහැකි දෙයක් 2015 මැයි 12 දින සිදුකරන ලදී. එනම් එතෙක් රජයේ දේපළක් ලෙස තිබුණු මේ ආයතනයේ අයිතිය, එදින අස්සන් කරන ලද ගිවිසුම් දෙකක් මගින් තමන් වෙත පවරා ගැනීමට කටයුතු කිරීමයි. ඔබට එය කිසිසේත්ම විශ්වාස කිරීමට නොහැකි දෙයක් ලෙස සිතෙනවා නේද? යම් රාජ්‍ය ආයතනයක පරිපාලන කටයුතු කිරීමට පත්කරන ලද නිලධාරීන් කිහිප දෙනෙකු එක්වී එම ආයතනය තමන්ගේ නමට ලියාගැනීම කිසිසේත්ම සිදුවිය හැකි දෙයක්ද?

ඔබට කොතෙක් විශ්වාස කිරීමට අපහසු වුවත්, 2021 අප්‍රේල් 26 දින ප්‍රකාශයට පත්කර ඇති පිටු 467කින් යුත් විස්තරාත්මක කෝප් කමිටු වාර්තාවට අනුව නම් ඇත්තෙන්ම එය එසේ සිදුවී ඇත. ඔබට සැකනම් කරුණාකර මේ සමග අමුණා ඇති දෙවැනි සහ තුන්වැනි ඡායාරූපවල ඇති එවක කෝප් සභාපති චරිත හේරත්ගේ ‘සභාපතිවරයාගේ සටහන’ කියවන්න. ලංකාව දූෂණය සහ වංචාව අතින් ගමන් කර ඇති විස්මයජනක දුරත් එසේම ඒවා සිදුවන නග්න සහ නිර්ලජ්ජිත ආකාරයත් එවිට ඔබට පැහැදිලි වනු ඇත. ඒ අනුව 1999දී රජයේ ඉඩමක් සහ රජයේ අරමුදල් යොදාගෙන, රාජ්‍ය ආයතනක් ලෙසට ආරම්භ කළ ස්ලිට් ආයතනය, රජය විසින්ම ඊට පත්කළ නිලධාරීන් කණ්ඩායමක් එකතු වී 2015දී හොරකම් කර තිබේ.

මේ පිළිබඳ මුලින්ම හෙළිදරව් කරන ලද්දේ 2015දීම වාගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවේදීය. තමන්ගේ පක්ෂයට විශාල වශයෙන් දූෂණ චෝදනා එල්ලවන පසුබිමක එක්දිනක ඔහු පැවැසුවේ ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මේ ආණ්ඩුව යටතේ සිදුවී ඇති බවත්, ආණ්ඩුවේ දේපළක් වන ස්ලිට් ආයතනය පුද්ගලයන් කිහිපදෙනකු එක්වී රාජ්‍ය අනුග්‍රහය යටතේ තමන්ගේ නමට ලියාගෙන ඇති බවත්ය. නමුත් එයින් පසුව ඔහු විස්මයජනක ලෙස නිහඬ විය. පසුව විජයදාස රාජපක්ෂද මේ ගැන පාර්ලිමේන්තුවේදී කී බව මතකය. නමුත් ඒවා වැඩිදුර ගියේ නැති අතර, මේ සියල්ල සිදුවන අතරතුර 2017දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් තමන්ට ඇති සියලු බාධාවන් ඉවත් කර ගැනීමට පෙර කී කණ්ඩායම කටයුතු කර ඇත. මෙසේ වරින් වර මතුවෙමින් නමුත් යටයමින් (යට යවමින්) තිබූ මෙය විස්තරාත්මකව මතුවූයේ චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුවේදීය. නමුත් ඒ කිසිදු විටෙක විධිමත් අපරාධ පරීක්ෂණයකට ලක් නොවී බේරී සිටීමට මේ හා සම්බන්ධ පිරිස වාසනාවන්ත වූ බව පෙනේ.
මට පෙනෙන කරුණුත්, එසේම මාගේ පෞද්ගලික අත්දැකීමුත් එකට ගත් කල කිව හැක්කේ මේ ස්ලිට් වංචාව යට ගැසීම සඳහා ඉතාමත්ම විධිමත්ව සංවිධානය වූ චෞර වළල්ලක් ඉතාමත්ම සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බවයි. මේ මාතෘකාව කිසිදු ලෙසකින් හෝ සාකච්ඡාවට ගැනීම පවා වළක්වා ගැනීමට ඔවුහු කටයුතු කරති. එක්කෝ මේ ගැන කතාකරන අයව, විවිධ වරප්‍රසාද සහ වරදාන දී දිනා ගනිති. නැතිනම් ඔවුනට විරුද්ධව අයුතු චෝදනා නැගීම මගින් ඔවුන්ව නිහඬ කරති. එසේත් නැතිනම් බොහෝ ආණ්ඩු තුළට විනිවිද ගොස් ඇති ඔවුන්ගේ පිරිස් විසින් රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඒවා සඟවා ගනිති. මේ සමගම සිදුවන තවත් දෙයක් නම් ‘අහිංසක සිසුන්’ නමැති කඩතුරාවට මුවාවීමයි. මේවා ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම නිසා ස්ලිට් ආයතනයේ ඉගෙන ගන්නා සිසුන්ට අවාසියක් සිදුවන බව කියමින් අමුතුම කරුණාවක් පෙන්වමින්, කිඹුල් කඳුළු හෙළමින් මේ ගැන කතා කරන අයට විරුද්ධව සිසුන්ව සහ දෙමව්පියන්ව ඇවිස්සීමට උත්සාහ කරති. මේවා මගේ අත්දැකීම්ය. ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති මේ වංචාව හෙළිදරව් කිරීම නිසා සිසුන්ට අවාසියක් වේ නම්, කෙහෙළිය රඹුක්වැල්ලගේ ඖෂද ජාවාරවම හෙළිදරව් කිරීමද වැරදි වැඩක් විය යුතුය. ඇත්තෙන්ම කෙහෙළියලා වැනි වංචනිකයන් හෙළිදරව් කර ඔවුන්ව නීතිය හමුවට ගෙනයාම සෞඛ්‍ය පද්ධතිය රැකගැනීමට හේතුවනවා මෙන්ම කාට හෝ ස්ලිට් ආයතනය රැක ගැනීමට අවශ්‍යනම් ඔවුන් කළ යුත්තේ එය වංචනිකයන්ගෙන් බේරා ගැනීමයි. ඒ මිස ඒ වංචනිකයන් රැකගැනීම සඳහා සංවිධානාත්මකව වැඩ කරමින් සිටින චෞර වළල්ලේ නෝනා මහත්වරුන්ගේ උසිගැන්වීම්වලට හසුවීම නොවේ.

තව කිව යුතු බොහෝ දේ තිබේ. මේ ස්ලිට් වංචාව ගැන මෑතකදී වසන්ත සමරසිංහ ඇමැතිවරයා ප්‍රසිද්ධියේ පවසනු දුටුවෙමි. මෙම වංචාවේ ප්‍රමාණය නොදන්නා පිරිස් සහ මේ වංචනිකයන්ට සම්බන්ධ පිරිස් යන කණ්ඩායම් ඔහුට අපහාස කර තිබෙනුද දුටුවෙමි. (එසේම මේ ගැන කතාකරන්නට ගොස් මේ චෞර වළල්ලට සම්බන්ධ සමහරුන්ගෙන් බැණුම් ඇසූ අත්දැකීමක් මටත් තිබේ). නමුත් කරුණු නොදන්නවුන්ගේ සහ කරුණු සඟවන්නවුන්ගේ යන දෙපිරිසේම අවලාද සහ සූක්ෂ්ම සැලසුම්වලට හසු නොවී මේ වංචනිකයන්ට නිසි දඬුවම් පැමිණ වීමට බලධාරීන්ට ධෛර්යය හා ශක්තිය ලැබේවා යැයි පතමි.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

SendShareShare
Previous Post

ගුරුත්වාකර්ෂණයත් බොරු වුණාද? රටම පොඩිපට්ටම් වුණු මහා භූමිකම්පාව මැද්දේ බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළ කඳු බෑවුමේ චෛත්‍යය විතරක් ආරක්ෂා වුණේ කොහොමද? Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි විරසක වන සිද්ධි 2ක් නූලෙන් වැළකුණු හැටි! රජිව් ගාන්ධිට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ මෙතෙක් නොඇසූ කතාව! ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමට මොහොතකට පෙර රේගන් ජනාධිපතිගෙන් රජිව්ට ලියුමක්! රජිව්ගේ පරිවාර ඇමැති වෙන්න ලලිත්-ගාමිණී බෑ කියයි! රජිව් ගුවන් යානයේදී කමිසය ගලවයි! ප්‍රේමදාස, ලලිත් වර්ණනා කරද්දී ජේ.ආර්. වෙනුවෙන් ගාමිණී-රොනී! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.