• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි විරසක වන සිද්ධි 2ක් නූලෙන් වැළකුණු හැටි! රජිව් ගාන්ධිට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ මෙතෙක් නොඇසූ කතාව! ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමට මොහොතකට පෙර රේගන් ජනාධිපතිගෙන් රජිව්ට ලියුමක්! රජිව්ගේ පරිවාර ඇමැති වෙන්න ලලිත්-ගාමිණී බෑ කියයි! රජිව් ගුවන් යානයේදී කමිසය ගලවයි! ප්‍රේමදාස, ලලිත් වර්ණනා කරද්දී ජේ.ආර්. වෙනුවෙන් ගාමිණී-රොනී! Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1987න් පසුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙසට ශ්‍රී ලංකාවේත් ආසියානු කලාපයේත් වැඩිම අවධානයක් යොමුවූයේ පසුගිය 04 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ නරේන්ද්‍ර මෝදි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිසාය. 1987 වසරේදී අවසන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම සමග රටේ ඇතිවුණු කලබලකාරී තත්ත්වය හේතුවෙන් එදා දැඩි අවධානයක් එවක ඉන්දියානු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ ශ්‍රී ලංකා සංචාරයට යොමුවිය. Sri Lanka Latest News

රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ වසර 38කට පසුව නරේන්ද්‍ර මෝදි වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණියේය.
රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන විට රටේ තිබුණේ දැඩි කලබලකාරී මෙන්ම භීෂණකාරී තත්ත්වයකි.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සහ ඔවුන් දේශපාලනයට යොමුකිරීම වෙනුවෙන් මූලික කරගෙන ඉන්දු-ලංකා සාම ගිවිසුම අස්සන් කෙරුණේ යම් කාල රාමුවක් තුළය.
එම ගිවිසුම සම්බන්ධයෙන් විශාල සංවාදයක් සිදුවූ අතර, එදා ජනතා විමුක්ති පෙරමුණ, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රැසක්ම ඉන්දු-ලංකා සාම ගිවිසුමට එරෙහිව දැඩි ලෙස විරෝධතා සංවිධාන කර තිබිණි.

මෙම තත්ත්වයන් ඉන්දියානු රහස් ඔත්තු සේවා සංවිධානය වන රෝ සංවිධානය හරහා ඉන්දියාවට වාර්තා වූ අතර, රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන බොහෝ කරුණු සමීපව අධ්‍යයනය කිරීමට ඉන්දියානු බලධාරීන්ගේ අවධානය යොමුවී තිබිණි.
1987 ජූලි 29 වැනිදා ඉන්දු-ලංකා සාම ගිවිසුම අස්සන් කිරීමට දින යොදාගෙන තිබිණී. මේ සඳහා කොටි සංවිධානය එකඟ කරගැනීමටද ඉන්දියාවට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූයේ මෙම ගිවිසුම මගින් කොටි සංවිධානයට කොන්දේසි කිහිපයක්ම පනවා තිබුණු නිසාය.
ජූලි 27 වැනිදා සවස සිටම ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රචණ්ඩකාරී කෝලාහල ඇතිවන ස්වභාවයක් ඉසිලීය. මුලින් යෝජිත ගිවිසුමට විරෝධතා දැක්වීමේ පෙළපාළි විලසින් ඇරඹි ක්‍රියාවලිය පසුව ප්‍රචණ්ඩකාරී කෝලාහලයක් බවට පත්විය.

කොළඹ ඇතුළු බස්නාහිර පළාත, දකුණු පළාත හා මධ්‍යම පළාත ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් වාර්තා වී තිබිණි.
මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ සිටින රජිව් ගාන්ධි අගමැතිවරයා දැනුවත් කිරීමටද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අමතක නොකළේය.
මෙවැනි අවදානම්සහගත තත්ත්වයක් හමුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සහාය දැක්වීමට රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය.
ඒ අනුව ඉන්දීය නාවික හමුදාවේ නැව් කොළඹ වරායට නුදුරින් ස්ථානගත කිරීමට කටයුතු කරන ලද්දේ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය.
යම් හෙයකින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට යම් තර්ජනයක් ඇතිවුවහොත් කඩාපැනීම සඳහා එම නැව් තුළ ඉන්දියානු කමාන්ඩෝ භට පිරිස්ද සූදානමින් සිටියහ.
ජනාධිපතිවරයා අපේක්ෂා කළ තර්ජනයක් නොපැමිණියද රට පුරා විරෝධතා නම් ක්‍රමයෙන් වැඩිවෙමින් පැවැතිණි.

රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා වශයෙන් ගාමිණී දිසානායක හෝ ලලිත් ඇතුලත්මුදලි පත්කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලින් සිතා සිටියේය.
ලලිත් ඇතුලත්මුදලි එය ප්‍රතික්ෂේප කළේය. ගාමිණී දිසානායක අදහස් කළේ මේ වනවිටත් සිංහලයන් අතර ප්‍රියමනාප නොවූ මෙම කටයුත්තට තමා ඕනෑවටත් වඩා මැදිහත් වූ බව ජනතාවට පෙනීගොස් තිබෙන බවය.
එම නිසා මෙම කාර්යය සඳහා මුදල් අමාත්‍ය රොනී ද මැල් යෙදවීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තීරණය කළේය.
ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක සිට ගාලුමුවදොර පිටිය දක්වා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් රැගෙන ඒමට තීරණය විය.

යොදාගත් පරිදි ජූලි 29 වැනිදා උදෑසනින්ම නවදිල්ලියෙන් පිටත්වූ රජිව් ගාන්ධි එදින උදෑසන 10ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟාවී තිබිණි.
නරසිංහ රාඕ, එන්.ඩී. තිවාරි යන අමාත්‍යවරුන්, රාජ්‍ය ඇමැති නට්වාර් සිං හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ද, ජනමාධ්‍යවේදීහුද විශාල පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ සිටියහ.
වෙඩි නොවදින රථයක් හා ඉන්දීය ආරක්ෂක නිලධාරීන් රැසක් තවත් ගුවන් යානා දෙකක් සමග පැමිණ සිටියහ.
කටුනායක ගුවන් තොටුපළේදී රජිව් ගාන්ධි පිළිගනු ලැබුවේ මුදල් ඇමැති රොනී ද මැල් සහ එම මහත්මියයි.
1987 ජූලි 29 වැනිදා කොළඹ නගරය දැඩි පාළු ස්වභාවයක් ඉසිලුවේ ඇඳිරිනීතිය පනවා තිබූ නිසාය.

ඒ දිනවල විරෝධතාකරුවන් තැන් තැන්වල ටයර් පුලුස්සා තිබුණු අතර, ඇතැම් ස්ථානවල ටයර් ගින්නෙන් අහසට නැගෙන දුම් කැරලි රජිව් ගාන්ධි ඉන්දීය අගමැතිවරයාට හෙලිකොප්ටරයේ සිටම නිරීක්ෂණය කළ හැකි විය.
හෙලිකොප්ටරය ගොඩබසින ලද ස්ථානයේ සිට ජනාධිපති මන්දිරයට දක්වා මග දෙපස හමුදා හා පොලිස් නිලධාරීන්ගෙන් පිරී පැවැතිණි.
ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි පුපුරන ද්‍රව්‍ය හෝ බයිනෙත්තුවලින් තොර බවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහතික වී තිබිණි.

අගමැති රණසිංහ ප්‍රේමදාස, ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි, සෞඛ්‍ය අමාත්‍ය ගාමණී ජයසූරිය ඇතුළු ඇමැති මණ්ඩලයෙන් තුනෙන් එකක් පමණ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය වර්ජනය කොට තිබිණි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ විරුද්ධ පක්ෂයේ බෝහෝ දෙනකුද එම උත්සවයට පැමිණ සිටියේ නැත.
දකුණු පළාතේ මාතර, මිරිස්ස ප්‍රදේශයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට අයත්ව තිබූ වත්තක පිහිටි නිවසද විරෝධතාකරුවන් විසින් ඊට දින දෙක තුනකට පෙර ගිනිතබා තිබුණේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සිටියදීමය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම උත්සවයට නාවද එදින පෙ.ව. 11ට පමණ මැතිනියගේ විශේෂ පණිවුඩයක් ජනාධිපති මන්දිරයට ලැබී තිබිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක් එවීමට කටයුතු සලස්වන ලදී.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති ජේම්ස් ස්පෙන්ටද රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවශ්‍ය වී තිබිණි.
නමුත් රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණියේ කෙටි කාලසීමාවකට බැවින් සහ තිබුණු කාර්යබහුලත්වය හේතුවෙන් වෙනත් රටක තානාපතිවරුන්ට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නොහැකි බව ප්‍රකාශ වී තිබිණි.

නමුත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා දැඩි ලෙස කියා සිටියේ ඉතා වැදගත් ෆැක්ස් පණිවුඩයක් ලබාදීම සඳහා තමාට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවශ්‍ය බවයි.
ඉන් අනතුරුව ඉතා කෙටි වේලාවකට ඇමෙරිකානු තානාපතිවරයාට එම අවස්ථාව හිමිවූ අතර, රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා වාගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාද හමුවීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජේම්ස් ස්පෙන්ස්ට හැකිවිය.
එම ෆැක්ස් පණිවුඩය එවා තිබුණේ එවක ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසිනි.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමටත් එමගින් රටට ස්ථාවරත්වය හා සාමය ගෙන ඒමටත් රජිව් ගාන්ධි ගත් නිර්භීත තීරණයට ජනාධිති රේගන්ගේ පණිවුඩයෙන් සුබපතා තිබිණි.

නිල වශයෙන් ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමේ උත්සවය යෙදී තිබුණේ ජූලි 29 වැනිදා සවස 3.30ටය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත්, රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් අතර දීර්ඝ සාකච්ඡාවක් එදින දහවලදී පැවැත්විණි. ගාමිණී දිසානායක, රොනී ද මැල්, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ළඟින්ම සිටින ආකාරයක්ද දැකගත හැකි විය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අතර ඉන්දු-ලංකා සාම ගිවිසුම අස්සන් කෙරුණේ 1987 ජූලි 29 වැනිදා සවස 3.30ට පමණය.
ඒ වනවිටත් උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල ප්‍රචණ්ඩ ක්‍රියා දරුණු වී තිබූ අතර, උතුරේ සිට අමතර හමුදා බළඇණි කොළඹට ගෙන්වීම සඳහා තමා සමග පැමිණි ගුවන් යානා උතුරට කිහිප අවස්ථාවක්ම යැවීමට රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි.
එදින රාත්‍රී රජිව් ගාන්ධි වෙනුවෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ආණ්ඩුවේ ඇමැතිවරුන්ද පැමිණ සිටියේ සුළු පිරිසකි.

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යළි ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණේ ජූලි 30 වැනිදා උදෑසන 10.30ට පමණය.
රජිව් ගාන්ධිගේ සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂක රැකවල් කොළඹට යොදා තිබූ අතර, ඇඳිරි නීතියද ක්‍රියාත්මක කර තිබිණි.
යළි ඉන්දියාව බලා පිටත් වීමට පෙර රජිව් ගාන්ධිට හමුදා උත්තමාචාර ලබාදුන්නේ රාජ්‍ය නායකයකුට සිදුකරනු ලබන සාම්ප්‍රදායික ගෞරව කිරීමක් වශයෙනි.
දෙරටේම ජාතික ගීත වාදනය කිරීමෙන් අනතුරුව රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නාමික හමුදාවෙන් ලබාදෙන සම්මාන මුරයට සහභාගි වීම සඳහා රතු පලස මතින් ගමන් කළේය.

නාවික හමුදාවේ උසස් නිලධාරියකු සමග පෙළින් පෙළට ගමන් කරන අතරතුර රජිව් ගාන්ධි ඉතා හොඳින් හමුදා උත්තමාචාරය නිරීක්ෂණය කරමින් ගමන් කළේය.
ලුතිනන් මැන්ඩිස්ගේ අණ පිරිදි සම්මාන මුරයට සහභාගි වූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි ක්ෂණිකව රයිෆල් බඳෙන් රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ හිස ඉලක්ක කරගනිමින් පහරක් එල්ල කළද එය වැදුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ වම් උරහිසට තරමක් පහළින් පිට ප්‍රදේශයටය.
ආරක්ෂක අංශ වහා මැදිහත්ව විජිත රෝහණ විජේමුණිව බිම දමා පාලනය කළ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වහාම එම ස්ථානයෙන් හෙලිකොප්ටරය දක්වා ආරක්ෂිතව පිටත් කිරීමට කටයුතු කර තිබිණි.

හමුදා උත්තමාචාරයෙන් අනතුරුව නැවත නවදිල්ලිය බලා පිටත්වීමට රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නියමිතව සිටි නිසා මෙම සිදුවීමෙන් පසුව එය වෙනස් නොකොට ඒ ගමන ඒ ආකාරයෙන්ම සිදුකිරීමට කටයුතු කර තිබිණි.
මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් වඩාත්ම වික්ෂිප්තව සිටියේ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයාගේ බිරිය වන සෝනියා ගාන්ධිය.
කටුනායක ගුවන් තොටුපළේ ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයේ රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිටින විට ඔහු හමුවීමට එවක ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත් ගුවන් යානයට මඳ වේලාවකට ගොඩවිය.

ජේ.එන් ඩික්සිත් යනවිට තම කමිසය ගලවා වෙඩි නොවදින උඩුකය ආවරණයද ඉවත් කිරීමට රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සූදානම් විය.
රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බෙල්ලට පහතින් උරතලය හා උරහිස පිටුපස මස්පිඬුව පුරා පැතිරී ගිය නිල් පැහැගැන්වුණු පැල්ලමක් විය.
නැවත කමිසය ඇඳගත් රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ‘දුක්වෙන්න එපා, ඔබත් ඔබෙ සගයනුත් දුෂ්කර කාර්යයක් ඉතා හොඳින් ඉටුකළා. මෙවැනි දේවල් සිදුවෙනවා…’ යැයි කියමින් රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත්ට අතට අත දුන්නේය.
1987 ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමේදී උච්චතම අවස්ථාවේදී සිදුවීම් කිහිපයක් මෙසේ ගෙනහැර පෑවේ මෙම සිදුවීම්වල බැරෑරුම්කම ඇතැමුන්ට නොතේරෙන නිසාය.
නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔහුගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමුකිරීම සාධාරණය. ඊට ඉතිහාසයේ සිට හේතු ඕනෑ තරම් ඇත.

රජිව් ගාන්ධිට සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලදී දෙරටේ නායකයන්ගේ එකිනෙකා අතර තිබුණු හොඳ අවබෝධයක් නිසා රටවල් දෙක අතර ගැටුමක් ඇති නොවීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් සිටින විට 2010 පමණ මෙරටට පැමිණි ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු මහින්ද රාජපක්ෂට පැවසූ කතාවකින්ම එවැනි ගිවිසුම්වල බැරෑරුම් තත්ත්වය තේරුම්ගත හැකිය.

‘ජනාධිපතිතුමනි, කොටි ත්‍රස්තවාදය පරාද කරන්න ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඉන්දියාවේ සහාය නොලැබෙන්න කවදාවත් ඔබතුමාට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න හැකිවෙන්නේ නැහැ. නමුත් සිදුවීම් දෙකක් නිසා තව පොඩ්ඩෙන් ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි සදහටම තරහා වෙන්න තිබුණා. එහෙම වුණා නම් කොටි ත්‍රස්තවාදයත් පරාජය කරන්න ලැබෙන්නේ නැහැ…’ යනුවෙන් එම ඉන්දියානු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ප්‍රකාශ කළේය.
‘මොකක්ද ඒ සිදුවීම් දෙක…?’ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විමසා සිටියේ මහත් කුතුහලයකිනි.

‘1987දී රජිව් ගාන්ධි අගමැතිතුමාට පහරදීලා එතුමාගේ ජීවිතයට ප්‍රශ්නයක් වුණා නම් එදා තමයි ඉන්දියාව, ශ්‍රී ලංකාව විරසක වෙන්නේ. අනිත් සිදුවීම 2004 වසරේදී ෂාරුක් ඛාන්ගේ කොළඹ තිබුණු ප්‍රසංගයට බෝම්බ ගැහුවා. එදා ෂාරුක් ඛාන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් වුණා නම් අදටත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉන්නේ විරසකවයි…’ යනුවෙන් එම ඉන්දියානු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

මහබැංකු වංචාවට වඩා ලොකුයි SLIIT වංචාව! ඒත් කවුරු හරි මේක හංගනවා! අනුර පුළුවන් නම් හොයන්න! Sri Lanka Latest News

Next Post

රජ ගෙදර-හිර ගෙදර සහ නාමල්..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.