• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරුත්වාකර්ෂණයත් බොරු වුණාද? රටම පොඩිපට්ටම් වුණු මහා භූමිකම්පාව මැද්දේ බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළ කඳු බෑවුමේ චෛත්‍යය විතරක් ආරක්ෂා වුණේ කොහොමද? Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගුරුත්වාකර්ෂණයත් බොරු වුණාද? රටම පොඩිපට්ටම් වුණු මහා භූමිකම්පාව මැද්දේ බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළ කඳු බෑවුමේ චෛත්‍යය විතරක් ආරක්ෂා වුණේ කොහොමද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදුරජාණන්වහන්සේගේ කේශ ධාතුන්වහන්සේලා තැන්පත් කරලා තියෙන චෛත්‍යයක් වන කෙයයිකියෝ ස්තූපය මියැන්මාර බෞද්ධ රාජ්‍යයේ පිහිටා තියෙන ප්‍රධාන ස්තූපයක්. මෙය බෞද්ධයන් අතර වගේම අනෙක් අය අතරත් ජනප්‍රිය වෙන්නේ මෙහි පිහිටීම නිසා. මේ ස්තූපය මේ විදියට සමතුලිතව තියෙන්නේ කොහොමද කියන එක බොහෝ දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක්. මේ චෛත්‍යය උස් කඳු මුදුනක ගලක් මත තවත් ගලක කෙළවර පිහිටා තිබීම ආශ්චර්යයක්. Sri Lanka Latest News

පසුගියදා මියැන්මාරය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවුණා. ඒ වගේම ඒකෙන් විශාල පිරිසක් මරණයට පත්වුණා. නමුත් මේ චෛත්‍යයට කිසිදු හානියක් සිද්ධ වුණේ නෑ. මේ පින් බිම සහ චෛත්‍යය පිහිටි භූමියටත් මේ කම්පන තත්ත්වය දැනුණු අතර, මෙම උතුම් පූජනීය ස්ථානයට මේ භූමි කම්පාවෙන් කිසිදු අනතුරක් සිදුවුණේ නෑ. මේ චෛත්‍යය කන්දක බෑවුමක ඉතා අසාමාන්‍ය විදියට සමතුලිතව පවතින නිසාම හරි නම් මේක පෙරළෙන්න ඕනේ. ඒත් භූමි කම්පාවෙන් මේ චෛත්‍යයට කිසිම හානියක් සිදුවුණේ නෑ. මේ ස්ථානයට වාර්ෂිකව දහස් ගණනක් සැදැහැවතුන් සහ කුතුහලයෙන් පිරි සංචාරකයන් ආකර්ෂණය කරනවා. එය ආධ්‍යාත්මික ගැඹුර, ස්වභාවික පුදුමය සහ සංස්කෘතික පොහොසත්කමක එකතුවක්.

මියැන්මාර විශ්වාසයන්ට අනුව මේ චෛත්‍යය මේ විදියට පිහිටා තියෙන්නේ කේශ ධාතුවල බලය නිසා. වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් ගුරුත්වාකර්ෂණයට එරෙහිව පාෂාණය වැටීමෙන් වළක්වා මෙය පැවැතීම ඇත්තටම ලොකු ආශ්චර්යයක්. කන්ද සමග කුඩා ස්පර්ශ ලක්ෂයක තුලනය වීම එහි අබිරහස් බව තව තවත් වැඩිකරලා තියෙනවා. එය මෘදු තල්ලුවකින් පවා පෙරළෙන බවක් පෙනුණත් කාලයත් සමග පැමිණි කිසිම භූමි කම්පාවක් මේ චෛත්‍යයට බලපෑමක් කරලා නෑ.

කොහොම නමුත් සමහර විද්වතුන් පවසන්නේ එය ගුරුත්වාකර්ෂණයට එරෙහිව සමබරතාවක් පවත්වා ගනිමින් පවතින බවක් පෙනුණත් ගණිතමය සහ විද්‍යාත්මක පැහැදිලි කිරීමකින් මේ ස්වභාවික පුදුමයේ ස්ථායීතාව තේරුම් ගන්න පුළුවන් කියලා. විද්‍යාත්මක දෘෂ්ටිකෝෂණයකින් මේ ගල් පර්වතයේ ස්ථායීතාව භූ විද්‍යාව සහ භෞතික විද්‍යාවේ මූලධර්ම විශේෂයෙන්ම සමතුලිතතාව ඝර්ෂණය කියන සංකල්ප මගින් පැහැදිලි කරන්න පුළුවන්. මේ පාෂාණ ග්‍රැනයිට් ගලක්. එය පෘථිවි පෘෂ්ටය තුළ වසර මිලියන ගණනකට පෙර මැට්නාව සිසිල් වීමෙන් සෑදුණු ගිනි කඳු ගලක්. කාලයත් එක්කම ඛාදනය මගින් එහි ස්පර්ෂක පෘෂ්ඨයන් සුමට වෙලා පවතිනවා. ගල් පර්වතය ස්ථිරව පැවැතීමට නම් එය සමතුලිතතාව පැවැතිය යුතුයි. කොහොම නමුත් මෙය භූමි කම්පාවකදීත් මේ විදියටම නොපෙරළී තියෙන්නේ කොහොමද කියන එක ඇත්තටම පුදුමයක්.
මේ සඳහා සමහර අර්ථ දැක්වීමක් තියෙන්න පුළුවන්. මේ ගැන අපි ගණිතය පැත්තෙන් ඉස්සරහටම ගියපු යාළුවන්ගෙන් විමසා බැලුවාම එයාලත් මේ ගැන එක එක මතිමතාන්තර පවසනවා. ඒ නිසා මේක විද්‍යාවද, නැත්නම් වෙනත් ආශ්චර්යයක්ද කියන්න අපි ඉක්මන් වෙන්නේ නෑ. කොහොම නමුත් කේශධාතුන්වහන්සේලාගේ බලය සත්‍යයක්. බුදුරජාණන්වහන්සේලාගේ ධාතුන්වහන්සේලා වැඳපුදාගැනීමෙන් අත්වෙන පින මේ තරම් යැයි කියන්න බෑ. ඒ පින අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා දිව්‍ය ලෝකය තුළත් සිළුමිණි මහා සෑයේ අප මහා බෝසතාණන්වහන්සේගේ කේශ ධාතුන්වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. මීට අමතරව බුදුරජාණන්වහන්සේගේ දකුණු දළදාවත් තියෙනවා කියලා දහම් කතාවල සඳහන් වෙනවා. සිළුමිණි සෑය ගැන සඳහන් වෙන ඉතා ලස්සන සිදුවීමක් විමානවත්ථුවේ තියෙනවා.

වරක් ශක්‍ර දෙවියන් මාතදීත් එක්ක ගමන් කරන අතරතුර තවුතිසා දෙව්ලොව පහළවී තිබුණු ඉතා සැපයෙන් යුත් දිව්‍ය විමානයක් දැකගන්න ලැබුණා. ඒ විමානය තුළ දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉතා දීප්තිමත් ශරීරයෙන් යුතුව සිටි දෙවඟනක් දැකගන්න ලැබුණා. ඇයව මීට කලින් දැකලා තිබුණෙත් නෑ. ඉතින් කුමනාකාරයේ පින්කමක් නිසා ඇය දෙව්ලොව උපන්නාදැයි අසා දැනගැනීමට සිතුවිල්ලක් ශක්‍ර දෙවියන්ට ඇතිවුණා. ඊට පස්සේ ළඟට ගිහිල්ලා විමසනවා, පින්වත් දෙව්දුව මෙබඳු සැප සම්පත් ඇතිව තව්තිසා දෙව්ලොව ඉපදුණේ කුමනාකාරයේ පින්කමක් කරලාද?’ කියලා. එවිට දෙව්දුව පවසනවා, ‘බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කළ ස්තූපය වන්දනා කළ යුතුයි කියලා. මහත් ශ්‍රද්ධාවකින් යුතුව වැටකොළු මල් හතරක් කඩාගෙන සර්වඥ ධාතු තැන්පත් ඒ ස්තූපය වන්දනා කරන්න මම ගියා. ඒ යන අතරවාරයේ අලුතෙන් පැටවෙක් වැදූ ගව දෙනක් වේගයෙන් දුවගෙන ඇවිල්ලා මට අන් දෙකෙන් ඇනගෙන ගියා. ඒ ගව දෙන ඇනීම නිසා එදා මම මරණයට පත්වෙලා තව්තිසා දෙව්ලොව බොහෝ දිව්‍ය ස්ත්‍රීන් මැද විමානය පහළ වුණා’ කියලා ඇය පවසනවා. ඒ දිව්‍යාංගනාව මෙහෙමත් කියනවා.

‘සක් දෙවිඳුනි, බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කළ චෛත්‍යයට මල් පූජා කිරීමට පෙර අතරමගදීමයි ඒ ගව දෙන ඇනලා මගේ මරණය සිදුවුණේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ඒ චෛත්‍යයට මල් පූජා කිරීමට ලැබුණා නම් ඒකාන්තයෙන්ම මට මීටත් වඩා ඉහළ සැප සම්පත් ඇති දිව්‍ය විමානයක් පහළ වීමේ හැකියාවක් තිබුණා….’

මේක අහපු ශක්‍ර දෙවියන් උයන් කෙළියට යන එක පැත්තකට දාලා දිව්‍ය ලෝකයේ සිළුමිණි සෑය වඳින්න ගියපු කතාවක් අපේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඉතින් බුදුරජාණන්වහන්සේගේ ධාතුන්වහන්සේලා සතුව ඒ තරම් පුණ්‍ය මහිමයක්, ශක්තියක් තියෙනවා නම් මියැන්මාරයේ කෙයයිකියෝ ස්තූපයට භූමි කම්පාවෙන් හානියක් නොවීම අහම්බයක් නොවෙයි කියලා අපිට හිතන්න බැරිකමක් නෑ නේද?

Watapita යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

බොත්තම් කැලේ – රෙද්ද කරේ! Sri Lanka Latest News

Next Post

මහබැංකු වංචාවට වඩා ලොකුයි SLIIT වංචාව! ඒත් කවුරු හරි මේක හංගනවා! අනුර පුළුවන් නම් හොයන්න! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.