සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ සමගි ජනබලවේගයේ සහකාර නීති ලේකම් නීතිඥ යොහාන් ආරියවංශ මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘ජනතාව වර්තමාන රජය බලයට ගෙන ආවේ විශාල බලාපොරොත්තු රැසක් සහතිතවයි. ඒ වගේම ජනතාව බලාපොරොත්තු රැසක් සහිතව බලය ලබාදුන් වර්තමා ආණ්ඩුව ජනතාව වෙනුවෙන් මෙම කාලසිමාව තුළ සිදුකළ මතක තිබෙන කිසිදු වැඩසටහනක් සිදුකරලා නෑ. කෙසේ නමුත් වර්තමාන බලය ලබාගෙන පළමු පාර්ලිමේන්තු රැස්විමේදී ආණ්ඩුවේ කතානායකවරයා ලෙස ආචාර්ය රංවල මහතාව පත්කරනු ලැබුවා. ඊට මාස කිහිපයකට පසු කතානායකලෙස පත්කළ ආචාර්ය රංවල මහතාගේ ආචාර්ය උපාධිය පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගුනා. තවමත් ඔහුට සිට ආචාර්ය උපාධිය ඉදිරිපත් කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම තවත් කාලයක් මේ සඳහා ගතවන බව රංවල මහතා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව බලය පත්වුණ විගස රතු නිවේදන නිකුත් කළ බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කර තිබෙනවා. එම බහලුම් විශ්වාසය මත මුදාහැරිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෑතකදි ප්‍රකාශයක් සිදුකරලා තිබුණා. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්න ආණ්ඩුව කමිටුවක් පත්කර තිබෙනවා. එම වාර්තාව වහාම ඉදිරිපත් කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ක්ලින් ශ්‍රි ලංකා නමින් ව්‍යාපෘතියක් රජය ආරම්භ කළා. එම ව්‍යාපෘතිය යටතේ සිදුකළේ බස්රථවල සහ ත්‍රීරෝද රථවල අමතර කොටස් ගැලවීම පමණයි. අවසානයේ ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියත් අතරමග නැවතිලා තිබෙනවා. ඒ වගේම හාල් මාෆියාව නැති කරන බව කියු ජාතික ජනබලවේග ආණ්ඩුව හාල් මෝල් හිමියන්ට රුපියල් 10 කින් හාල් මිල වැඩිකරලා දුන්නා. ඒ වගේම ලුණු අපනයනය කරන බව ආණ්ඩුවේ ඇමැතිවරු ප්‍රකාශ කළා. ලුණු පිටරටින් ආනයනය කිරිම නතර කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා. නමුත් අවසානයේ ලුණු ආනයනය කරන්න වර්තමාන රජයට සිදුවුණා. ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු කරන බව රජය මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. නමුත් වෙඩි තැබිමේ සිද්ධි පසුගිය දිනවල එකදිගට වාර්තා වුණා. රටේ කොතැනක හෝ වෙඩි තැබිමේ සිද්ධියක් වාර්තාවෙන තත්ත්යක් රටතුළ ඇතිවුණා. ඒ වගේම ඉන්දියාව සමඟ ගිවිසුම් 7 ක් ලංකා රජය අත්සන් කළා. එම ගිවිසුම් තවමත් රටට ඉදිරිපත් කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම විදුලිබිල සියයට 30 කින් අඩු කරන බව කියු ආණ්ඩුව අවසානයේ සියයට 15 කින් විදුලි බිල වැඩිකරන්නත් කටයුතු කළා. ඒ වගේම විදුලි මාෆියාවට එරෙහිව කටයුතු කරන බව කියු ආණ්ඩුව අද විදුලි මාෆියාවේ සුරතලුන් බවට පත්වෙලා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම වෙනස් කරන බව කිව්වත් අදවන විට ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සෑම දෙයක්ම ඉටු කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි දේවල් වෙනත් ආණ්ඩුවක් යටතේ සිදුවුණානම් අද ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ රටේ සෑම තැනකම උද්ඝෝෂණ , වැඩවර්ජන පවත්වමින් කටයුතු කරන ආකාරයක් අපිට දකින්න පුලුවන්.
ඒ වගේම ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක නිරත වුණා. එහිදි ජනාධිපති අනුර දිසානායක මහතා ජර්මන් ජනරජයේ ජනාධිපතිවරයා මුණගැසුණා. ඒ වගේම විදේශ ඇමැතිවරයා සහ තවත් ව්‍යාපාරිකයන් පිරිසක් මුණ ගැසී තිබුණා. කෙසේ නමුත් ජර්මන් රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන්නේ චාන්සලර්වරයා. නමුත් ජනාධිපති අනුර දිසානායක මහතාට චාන්සලර්වරයා හමුවිමට නොහැකි වී තිබෙනවා. එසේ නම් මෙම සංචාරයෙන් රටට තිබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒවගේම රාජ්‍යතාන්ත්‍රිකයෙන් වෙනත් රටකට යෑමෙන් රටට ප්‍රතිලාභයක් තිබිය යුතුයි. මීට පෙර සිටි රාජ්‍ය නායකයන් ජර්මන් රජයෙන් විවිධ ප්‍රතිලාභ ලංකාවට ලබාගැනිමට කටයුතු කළා. එවැනි ප්‍රතිලාභයක් මෙවරත් ලැබෙයි යන බලාපොරොත්තුව අපටත් තිබුණා. නමුත් එවැනි කිසිදු ප්‍රතිලාභයක් රටට ලැබි නෑ. ඒ වගේම එවැනි ප්‍රතිලාභයක් ලැබෙන්න ජර්මන් ජනරජයේ වගකිව යුතු පාලකයෙකු හමුවිය යුතුයි. නමුත් එවැනි වගකිවයුතු පාලකයෙකු අනුර දිසානායක ජනාධිපතිවරයා හමුවී නෑ.
ඒ වගේම කොළඹ මහ නගර සභාවට අලුත් නගරාධිපතිවරයෙක් තේරී පත්වුණා. එහිදී ආන්දෝලනාත්මක සිදුවිම් කිහිපයක්ම සිදුවුණා. එහිදි බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිවරියගේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචන කිහිපයක් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන කොමසාරිවරිය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂයක් ලෙස සමගි ජනබලවේගය අධිකරණමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නියොජ්න ප්‍රජාතන්ත්‍රවාදය යටතේ කොළඹ මහ නගර සභාවට තේරි පත්වුණ මන්ත්‍රීවරු නියෝජනය කළේ කොළඹ මහජනතාව. ඒ වගේම කොළඹ මහ නගර සභාව සඳහා ජාතික ජනබලවේගයෙන් මන්ත්‍රිවරු 48 දෙනෙක් තේරි පත්වුණා. නමුත් නගරසභාව තුළ නගරාධිපති තේරිමේ රහස් ඡන්දයෙදී ජාතික ජනබලවේගයේ අපෙක්ෂකයාට ඡන්ද 61 ක් ලැබුණා. එතනදී ඡන්ද 13 ක් ජාතික ජනබලවේගයට හිමිවෙලා තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගයේ නොවන අනෙක්තු සියලුම අපෙක්ෂකයන් හොරු ලෙස තමයි පළාත් පාලන මැතිවරණ කාලයේ ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ. ඒ වගේම ස්වාධීන කණ්ඩායම්වල සිටින්නෙත් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉවත් කළ හොරු පිරිසක් බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. නමුත් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල හොද පිරිසකුත් සිටින බව පළාත් පාලන ආයතනවල බලය ජාතික ජනබලවේගයෙන් ගිලිහුණ අවස්ථාවල ඔවුන් ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ ඔවුන් පාරිශුද්ධ පක්ෂයක් කියලා. ඔවුරු හොරුන්ව දුෂිතයන්ව පක්ෂයට ගන්නේ නෑ කියලත් ප්‍රකාශ කළා. එසේ නම් කොළඹ මහ නගර සභාව සඳහා පුරපති තේරිමේ රහස් ඡන්දයේදි ජාතික ජනබලවේගයේ අපෙක්ෂකයාට ඡන්දය දුන්න 13 දෙනා හොරු නොවන පාරිශුද්ධ පිරිසක් බව උප්පු කරන්න ජාතික ජනබලවේගයට හැකියාව තිබෙනවාද? ඒ වගේම රහස් ඡන්දයකින් හොරෙක්ද , වංචාකාරයෙක්ද , දුෂිතයෙක්ද කියලා නිර්ණය කරන්නේ කෙසේද කියලා අපි ජාතික ජනබලවේගයෙන් අහන්න කැමැතියි. කෙසේ නමුත් රහස් ඡන්දයක් පැවැත්විමෙන් ආණ්ඩුව ඔවුන්ගේම පාරිශුද්ධභාවය විනාශ කරගෙන තිබෙනවා.
ඒ වගේම පළාත් පාලන ආයතනයක සභාපති හෝ නගරාධිපති තේරිමේදී යෝජනා සම්මතයක් මගින් විවෘත හෝ රහස් ඡන්දයකට යා හැකි බව පළාත් පාලන පනතේ සඳහන් වෙනවා. නමුත් කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තේරිමේ ඡන්දයෙදී මුල සිටම ක්‍රියා කළේ රහස් ඡන්දයක් පවත්වන්න. ඒ වගේම පනතක යම් කිසි දෙයක් සඳහන් වන්නේ නැතිනම් ඒ සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව රජයේ නිලධාරින්ට කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම නගරාධිපති තේරිම සඳහා පවත්වන්නේ විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද කියලා පළාත් පාලන ආයතනයේ සභිකයන්ගෙන් ඇසිය යුතු බව මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා. මෙවැනි දෙයක් කඩුගන්නාව නගර සභාවේ සිදුවුණා. එහිදි සභිකයන් විසින් කැමැත්ත දක්වන්නේ කුමන ඡන්ද ක්‍රමයකටද කියා මුලසුන දරපු පළාත් පාලන කොමසාරිස්වරිය විමසා සිටිනවා. එහිදී සභිකයන් කැමැති ඡන්ද ක්‍රමය කුමක්ද කියලා ප්‍රකාශ කරනවා. ඒ අනුව කඩුගන්නාව නගර සභාවේ විවෘත ඡන්දයක් පවත්වා නගරාධිපතිව තෝරාපත් කර ගනු ලබනවා. ඒ අනුව පැවැති විවෘත ඡන්දයෙදී සමගි ජනබලවේගයේ අපෙක්ෂකයා නගරාධිපති ලෙස තේරි පත්වෙනවා. ඒ අනුව එකම මාර්ගෝපදේශය කොමසාරිවරියන් දෙදෙනාට දෙවිදිහකට භාවිතා කරන්නේ කෙසේදැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ නිසා කොළඹ ද වැරදුනේ කඩුගන්නාවේද කියලා අපි උසාවියේදී බලාගමු.‘‘










