සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය,
‘‘මේ සතියේ සිට පළාත් පාලන ආයතන පිහිටුවිම පිළිබඳ පොදු විපක්ෂයේ එකඟතාවය ක්‍රියාත්මක කිරිම ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම පළාත් පාලන ආයතන බහුතරයක බලය ජාතික ජනබලවේගයට හිමිවෙලා නෑ. පළාත් පාලන ආයතන බහුතරයක බලය හිමි වී තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලන කණ්ඩායම්වලට. ඒ නිසා විරුද්ධ පක්ෂයේ පොදු එකඟතාවයක් ඇති කර ගැනිම සඳහා සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ , පොදුජන එක්සත් පෙරමුණ , මුස්ලිම් දේශපාලන පක්ෂ වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල සහ ස්වාධීන කණ්ඩායම් ඒකාබද්ධව වැඩකටයුතු කිරිමට අදහස් හුවමාරු කර ගැනිම සිදුකරගනු ලබනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 100 කට වැඩි ප්‍රමාණයක් පොදු විපක්ෂය පාලනය කරන පළාත් පාලන ආයතන බවට පත් කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ගනුලබන තින්දු තීරණ ක්‍රියාවට නැංවීම සඳහා සමගි ජනබලවේගය සෘජු තිරණයක සිටිනවා. ඒ වගේම මෙම කටයුත්ත පිළිබඳව සමගි ජනබලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් සියලුම දෙනා දැනුම්වත් කර තිබෙනවා.
ඒ වගේම පළාත් පාලන ආයතන රැස්වුණ පසු නගරාධිපති , උප නගරාධිපති , සභාපති සහ උපසභාපතිවරයා තෝරාගැනිම සඳහා විවෘත ඡන්ද විමසිමකින් තෝරාගත යුතුයි. ඒ සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඒ සඳහා සහාය දැක්වීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ඇතැම් පළාත් පාලන ආයතන සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් නගරාධිපතිවරයෙක් හෝ සභාපතිවරයෙක් සහ තවත් පළාත් පාලන ආයතනවල පොදු විපක්ෂය නියෝජනය කරමින් නගරාධිපතිවරයෙක් හෝ සභාපතිවරයෙක් පත් කරගැනිම සිදුවෙනවා. කෙසේ නමුත් නගරාධිපති , උප නගරාධිපති , සභාපති සහ උපසභාපතිවරයා තෝරාගැනිමේදී එම පක්ෂයේ දැනුම් දීමට අනුව ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම විවෘත ඡන්ද විමසීම හෝ
සමගි ජනබලවේගය දන්වා තිබෙන පරිදි නිලධාරින් තෝරාපත් කරගැනිම සඳහා ඒ අනුව ක්‍රියා නොකරන පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි විනය නිති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම පළාත් පාලන ආයතන බහුතරයක් ජයග්‍රහනය කරන්න හැකියාව තිබෙන මොහොතක එය කඩාකප්පල් කරන්න ක්‍රියාත්මක නොකරන ලෙස පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම මහජනතාව ලබාදුන් ජනවාරම හරියාකාරව පිළිබිඹු කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ බහුතරයක් සිටින පළාත් පාලන ආයතනවල මහජන වරම පිළිබිඹු කර පෙන්වීම , බලය ආරක්ෂා කර ගැනීම සහ බලය පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉරියේදී කටයුතු කිරීමට හැකි වේදිකාවක් නිර්මාණයණය කිරීමද මේ හරහා බලාපොරොත්තු වෙනවා. මේ කරුණු දෙක අරමුණු කරගෙන තමයි විරුද්ධ පක්ෂයේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ අපි කටයුතු කරන්නේ. ඒ වගේම මෙහිදී සමගි ජන බලවේගය ගත් උත්සාහය අනාගතය වෙනුවෙන් සිදුකළ ආයෝජනයක්. ඒ වගේම පළාත් පාලන ආයතන වල තනතුරු බෙදා ගැනීමේ දී සහයෝගයෙන් අනෙකුත් පක්ෂ සමඟ කටයුතු කිරීමටත් සමග ජන බලවේගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සියල්ල සිදුවන්නේ විශ්වාසය මතයි. ඒ වගේම එම විශ්වාසය රැගෙන ආකාරයෙන් පක්ෂ සියල්ල තීන්දු තීරණ ගත යුතු බවත් පක්ෂ සමඟ සිදු කළ සාකච්ඡා වලදී තීරණය කරනු ලැබුවා. ඒවගේම පක්ෂ සමග ඇති කරගත් එකඟතාවේ සියයට සියයක් ආරක්ෂා කිරීමටත් ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටත් සමගි ජන බලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ ගන්නා තීන්දු තීරණවලට එකඟ නොවන මන්ත්‍රීවරුන්ට විනය පියවර ගැනීමටත් එම පක්ෂ එකඟතාවය පළ කොට තිබෙනවා. ඒ වගේම ආණ්ඩු විරෝධී ඡන්ද්‍ර ප්‍රමාණය ඒකරාශී කර ගැනීම සම්න්ධයෙන් ආණ්ඩුව මේ වන විට බියට පත්වී තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගුණු බලවේග එක වේදිකාවකට ගෙන ඒමට සමගි ජන බලවේගය ගන්නා උත්සාහයට ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්වී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ඉදිරියේදී ආණ්ඩු විරෝධී ඡන්ද ප්‍රමාණය දිනෙන් දින වැඩිවන බව ඔවුන් දන්නා නිසයි. කෙසේ නමුත් ආණ්ඩු විරෝධී ජනමතය ජයග්‍රහණය කිරීමටයි සමගි ජන බලවේගය උත්සාහ දරන්නේ.
ඒ වගේම විදුලි බිල පිළිබඳව මහජන උපයෝගිතා කොමිසන් සභාව ඔවුන්ගේ තින්දුව ප්‍රකාශයට පත් කළා. ඒ තින්දුව අනුව සියයට 15 ක විදුලි බිල වැඩිවිමක් සිදුවෙනවා. කෙසේ නමුත් සියයට 15 කින් විදුලි බිල වැඩිවීම මහජනතාවට දරාගැනිමට හැකියාවක් නෑ. ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා ජාතික ජනබලවේග රජයක් යටතේ විදුලි බිල සියයට 25 කින් අඩු කරනවා කියලා. නමුත් එම පොරොන්දු ඉටු කිරිම ජාතික ජනබලවේග රජය කටයුතු කරන්නේ නෑ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරන්නේ නැති බව ප්‍රකාශ කළ ජාතික ජනබලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි කිසිවක් වෙනස් නොකර එලෙසම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා. නමුත් ඔවුන් මැතිවරණවේදිකාවල දී ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කරන බවයි.
ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා විපක්ෂයේ සිටින කාල සිමාවේදී විදුලි බිල වැඩිකිරිමට අවශ්‍යතාවයක් නැති බව දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ සඳහා කොන්දේසි ගණනාවක්ද සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා විපක්ෂයේ සිටින කාල සිමාවේදී රට ඉදිරිපත් කළා. ඒ වගේම විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න විශාල මුදලක් වැය වන්නේ නැති බව සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම විදුලි බිල වැඩි කිරිමට හේතුව වන්නේ ලංවීමේ තිබෙන දුෂණ අක්‍රමිකතා සහ වංචාවන් නිසා බව සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම ලංවීම තුළ විශාල හොරකම් සිදුවන බවත් සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම විදුලි බිලෙන් අයකරන සියයට 23 ක වැට් බද්ද අසාධාරණ බවත් සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ වගේම පැවැති ආණ්ඩුවේ නායකයන්ගේ අනවශ්‍ය විදෙස් ගමන් සංචාර හරහාත් විදුලිබිල වැඩිවන බව සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා එදා ප්‍රකාශ කළා. කෙසේ නමුත් විදුලි බිලේ වැට් බද්ද ඉවත් කරන්න , අනවශ්‍ය වියදම් පාලනය කරන්න , සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවට දැන් හැකියාව තිබෙනවා. එලෙස විදුලි බිල වැඩිවිමට බලපාන හේතු ඉවත් කරලා මහජනතාවට දරාගැනිමට හැකි මට්ටමට විදුලි බිල සංශෝධනය නොකරන්නේ ඇයි දැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම විදුලි බිල මෙලෙස වැඩි කිරිමට රටේ සෑම ක්ශ්‍රේත්‍රයකටම බලපානවා. ඒ වගේම විදුලි බිල වැඩි කිරිම හරහා රටේ ආර්ථිකයට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු තක්සේරුවක් සිදුකරලා නෑ.
ඒ වගේම විදුලි බිලේ වැඩිවිම මහජනතාවට දරාගැනිමට හැකියාව තිබිය යුතු බව විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති නායක , කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් ප්‍රකාශ කරනවා. නමුත් ඔහු විපක්ෂයේ සිටින විට විදුලි බිල වැඩිවන සෑම අවස්ථාවකවම විදුලි බිල අඩු කළ යුතු බවට විශාල සටනක් දියක් කළා. ඒ වගේම 2024 දෙසැම්බර් මාසයේ වැඩිවුණා මෙන් විදුලි බිල මෙවර වැඩි වී නැති බව නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ සියලුම දෙනා මෙවැනි කතාවලින් රටේ ජනතාව තවත් මුලාවට පත් කරන්නයි උත්සහ කරන්නේ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බවත් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව විදුලි බිල වැඩි කිරිමට ගත් උත්සාහය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි විරෝධයක් පළ කරනවා. කෙසේ නමුත් ලංවිමේ වංචාව , දුෂණය , හොරකම නතර කිරිම ආණ්ඩුවේ වගකිමක් , එමෙන්ම විදුලිබිලට අයකරන බදු අඩු කිරිමත් ආණ්ඩුවේ වගකිමක්. ඒ අනුව රටේ ජනතාවට සහනයක් ලබාදෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි.
ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්විම ඉවත් කරගැනිමට කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. මෙය යම් ආකාරයට අනතුරු ඇඟවිමක්. කෙසේ නමුත් රටේ ආදායම් විදයම් අතර තිබෙන පරතරය අඩු කර ගැනීමට , ආදායම් මාර්ග වැඩි කර ගැනිමට සහ මුල්‍ය විනයක් ඇති කර ගන්න කටයුතු කළ යුතුයි. රට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ නෑ. රට ඉදිරියට ගෙන යාම සහ ප්‍රතිපත්තිමය තින්දු ගැනිම ආණ්ඩුවේ කටයුත්තක්. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මගපෙන්විම , සහයෝගය අවශ්‍ය වෙනවා නමුත් රටේ මහජනතාවට බර පටවන යෝජනා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තුළ ඇතුළත් වෙනවානම් ඒවා සංශෝධනය කළ යුතුයි. ඒ පිළිබඳව සමගි ජනබලවේගය දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විරුද්ධව තමයි ජාතික ජනබලවේගය දිගින් දිගටම අදහස් ප්‍රකාශ කළේ. නමුත් අද වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටු කරන්න ජනතාව මත අධික බදුබරක් පටවමින් සිටිනවා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්විම ඉවත් වුවොත් විශාල ගැටලු රැසකට ලංකාවට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ලංකාවෙ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිටුපස සිටින්නේ ජාත්‍යන්ත මුල්‍ය අරමුදලයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ විවිධ සංවිධාන සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇතිකරගත් එකගතා බිදවැටුණොත් රට දැවැන්ත ආර්ථික පරිහානියකට ලක්වෙනවා. එය කළමනාකරණය කරගැනිමට වර්තමාන ආණ්ඩුවට සිදුවෙනවා. එසේ සිදුනොවුනහොත් රට නැවත බංකොලොත්භාවයකට ලක්වෙන්න හැකියාව තිබෙනවා.
ඒ වගේම රටේ රාජ්‍ය සේවය දූෂිත බව ජනාධිපතිවරයා මිහින්තලයේදී ප්‍රකාශ කළා. රටේ තිබෙන්නේ අකාර්යක්ෂම දූෂිත රාජ්‍ය සේවයක් බව ඔහුගේ කතාව තුළ අන්තර්ගත වුණා. ඔහු මෙලෙස චෝදනා කරනු ලබන්නේ පහළොස් ලක්ෂයකටආසන්න ප්‍රමාණයක් වන රාජ්‍ය සේවයටයි. ඒ වගේම රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂම නිලධාරීන් , දූෂිත නිලධාරීන් සිටිය හැකියි. ඒවා වළක්වාගෙන රාජ්‍ය සේවය ඉදිරියට ගෙනයා යුත්තේ රටේ රාජ්‍ය නායකයායි. ඒ වගේම රාජ්‍ය සේවයේ සියයට අසූවක් පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළේ අනුර කුමාර දිසානායක මහතා දිනවීමටයි. ඒ අනුව ජනාධිපතිවරයා අර්ථ දක්වන ආකාරයට දූෂිත රාජ්‍ය නිලධාරීන් බහුතරයකගේ ඡන්දයෙන් තමයි අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති වී තිබෙන්නේ. කෙසේ නමුත් ආණ්ඩුවේ කළමනාකරණය ආණ්ඩුවේ ඉදිරි දැක්ම බිඳ වැටීම හේතු කරගෙන රාජ්‍ය සේවයට මුළුමනින්ම දෝෂාරෝපණය කිරීම හරහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීම අපහසුයි. කෙසේ නමුත් රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු බව අපි විශ්වාස කරනවා. ඒ වගේම රටේ ජනතාවට හොඳ රාජ්‍ය සේවයක් ලබාදීමට අවශ්‍ය වැඩ පිළිවෙල වර්තමාන ආණ්ඩුව විසින් සකස් කළ යුතුයි. ඒ වගේම වේදිකාවල රාජ්‍ය සේවය විවේචනය තමන් සතු විධායක බලය භාවිතා රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.‘‘










