වත්මන් රජයත් විදුලි බල මණ්ඩලයත්, මහජන උපයෝගීතා කොමිසමත්, විදුලි බල අමාත්‍යවරයාත් අනීතික ලෙස රටේ නීති පවා උල්ලංඝනය කරමින් 3 වැනි වරටත් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව රාත්‍රී කාලයේ සාමකාමී පන්දම් විරෝධතා රැසක් සංවිධානය කර තිබිණ.Sri Lanka Latest News
ගාල්ල උඩුගම බන්දුලාල්!

වත්මන් රජයත් විදුලි බල මණ්ඩලයත්, මහජන උපයෝගීතා කොමිසමත්, විදුලි බල අමාත්‍යවරයාත් අනීතික ලෙස රටේ නීති පවා උල්ලංඝනය කරමින් 3 වැනි වරටත් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව රාත්‍රී කාලයේ සාමකාමී පන්දම් විරෝධතා රැසක් සංවිධානය කර ඇති අතර එහි එක් පියවරක් ගාල්ල උඩුගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන බන්දුලාල් බන්ඩාරේගොඩ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මේ සඳහා එම ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් එක් විය.
නුවරඑළිය අශෝක!
සමගි ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව රාත්‍රී කාලයේ සාමකාමී පන්දම් විරෝධතා රැසක් සංවිධානය කර ඇති අතර එහි එක් පියවරක් නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගෙන අශෝක සේපාල මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මේ සඳහා එම ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් ජනතාව ජනතාව ආගම් ජාති භේදයකින් තොරව එක් විය.
ජාඇල ශිරන්ත!
පන්දම් විරෝධය ගම්පහ දිස්ත්‍රික්කය ජාඇල ආසනය 2023/10/27 සවස 06 ජාඇල නගරයේදී පැවැත්විණ. එය සංවිධානය කර තිබුණේ ශිරන්ත අමරසේකර විසිනි.
චන්දිම වීරක්කොඩි හබරාදූව!

හබරාදුව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සංවිධානය කල විදුලි බිලට එරෙහි උද්ඝෝෂණය හබරාදූව නගරෙයේ පැවැත්විණ.
අක්මීමනදී ගයන්ත!
සමගි ජන බලවේගය විසින් දීප ව්‍යාප්තව රාත්‍රී කාලයේ සාමකාමී පන්දම් විරෝධතා රැසක් සංවිධානය කර ඇති අතර එහි එක් පියවරක් ඊයේ (25) රාත්‍රී ගාල්ල අක්මීමන නගරය කේන්ද්‍ර කර ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.










