සමගි ජන බලවේගයේ ආර්ථික කේන්ද්‍රය විසින් රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීම සදහා නවමු ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ සියලු කොටස් සමග සාකච්ජා කොට එම වැඩපිළිවෙළ සකස් කිරීමට පියවර ගන්නා බවකි.
එම වැඩපිළිවෙළ කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන වශයෙන් සකස් කරන බවද ඒ මහතා කියා සිටියේය.










