පසුගිය සතියේ තවත් විශේෂ හමුවක් ආණ්ඩුවේ ප්‍රබලයකු හා පොහොට්ටුවේ ප්‍රබලයකු අතර සිදුවිය. ආණ්ඩුවේ ප්‍රබලයා වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාය. පොහොට්ටුවේ ප්‍රබලයා වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා හා මහින්ද අතර මේ ආකාරයට හමුවීම් කිහිපයක්ම පසුගිය කාලයේදී සිදුවිය. ෂැංග්‍රිලා හෝටලයේ සහ වෙනත් විශේෂ ස්ථානවල මේ දෙදෙනාගේ හමුවීම්වලින් පසු ඒ සම්බන්ධයෙන් විමසූ හිතවතුන්ට මහින්ද කියා තිබුණේ මෙම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා දෙශපාලන කරුණු කිසිවක් කතා නොකරන බවත්, එදිනෙදා වටපිට සිදුවන යම් යම් සිදුවීම් සම්බන්ධව පමණක් කතා කරන බවත්ය. නමුත් පසුගිය සතියේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති දෙදෙනාගේ මෙම හමුවීම නම් ඊට වඩා වෙනස් මුහුණුවරක් ගත් එකක් විය හැකි බව බොහෝ දෙනාගේ අදහසය. ඊට හේතුව ජනාධිපතිවරයා මේ වන විට දේශපාලන වශයෙන් යම් හිරවීමක සිටීමත්, රටේ දේශපාලනය ඉතා උණුසුම් වී තිබීමත්ය. ඒ අනුව එවැනි වටපිටාවක් මැද පැවැති මෙම හමුව දේශපාලන මාතෘකාවලින් පිරීගිය එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.