• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තීරණය ගත්තේ ක්‍රීඩාවේ තරගකාරීත්වය සහ දක්ෂතාව මතයි! විශිෂ්ටතම ක්‍රීඩිකාව තේරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළා! කාටවත් අසාධරණයක් කළේ නෑ! සම්මානය ගත් ක්‍රීඩිකාව නව ශ්‍රී ලංකා වාර්තා 3ක් තියලා ජාත්‍යන්තරයට ගිය සිසුවියක්! සම්මාන වේදිකාවේදී ප්‍රසිද්ධියේ අභියෝග කළ සිසුවියට සිරිමාවෝ විදුහල්පතිනිය උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ජාත්‍යන්තර තරගවලින් දිනලා රටටත් පාසලටත් කීර්තියක් ගෙනා සිසුවියකට සිරිමාවෝ විදුහල්පතිනිය රිහේසල් එකට ආවෙ නෑ කියලා සම්මානය දීලා නෑ! ඒ දරුවත් නිකම් හිටියේ නෑ! කලර්ස් නයිට් එකේදි මුළු පාසලටම ඇහෙන විදිහට තමන්ට වෙච්ච අසාධාරණය වේදිකාවට නැගලා කිව්වා..! මේ තමයි බය නැති අලුත් පරම්පරාව..! අසාධාරණයක් වුණාම ඒ පරම්පරාව නිහඬව ඉන්නෙ නෑ..! වහාම අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙලා සිද්ධ වෙච්ච මේ දේ ගැන විමර්ශනයක් කරන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පසුගියදා පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය (Colours Award Ceremony) අතරතුර, එම විදුහලේ 2023 වසරේ ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ චනිත්මා සිනලි ශිෂ්‍යාව තමාට අසාධාරණයක් වූ බවට වේදිකාව මතදීම කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය සහ පොදු සමාජය තුළ දැඩි කතා බහට ලක්ව තිබේ.

ශිෂ්‍යාවගේ පාර්ශවය ප්‍රකාශ කරන්නේ “විභාගය නිසා පෙර පුහුණුවට නොපැමිණීම සම්මානය අහිමි වීමට හේතුවක් වී ඇති බව ය.

තමාට හිමිවීමට තිබූ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි කුසලානය (Most Outstanding Award), විදුහල්පතිනිය විසින් වෙනත් සිසුවියකට ලබාදීමට කටයුතු කළ බවට චනිත්මා සිනලි ශිෂ්‍යාව චෝදනා කරයි. ඇය පවසන්නේ:

උත්සවයට පෙර දින පැවැති පෙර පුහුණුවීම් සඳහා සහභාගී වීමට නොහැකි වීම මෙම තීරණයට හේතු වූ බව පාසල් බලධාරීන් ප්‍රකාශ කළ බවයි.

එම පෙර පුහුණුවීම් පැවැති අවස්ථාවේ තමා විභාගයකට පෙනී සිටි බැවින් එයට සහභාගී වීමට නොහැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

තමාට හිමි වෙනත් සම්මානයක් ලබා ගැනීමට වේදිකාවට පැමිණි අවස්ථාවේදී, තමාට සිදුවූ මෙම අසාධාරණය පිළිබඳව ඇය එහි සිටි ආරාධිත අමුත්තන් සහ සෙසු පිරිස ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියාය.

විදුහල්පතිනියගේ පැහැදිලි කිරීම: “තීරණය ගත්තේ ක්‍රීඩාවේ තරගකාරීත්වය සහ දක්ෂතාව මතයි”

අදාළ සිසුවියගේ පාර්ශවයෙන් සිදු කරන ලද චෝදනාවට අවස්ථාව ලබා දුන් ලෙස ම විදුහල්පතිනියගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් අපි මෙසේ විදුහල්පතිනියගේ අදහස්වලට ද ඉඩ ලබාදෙන්නෙමු.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කරුණු දක්වන විදුහල්පතිනී සුමේදා ජයවීර මහත්මිය islandvoice.lk වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, විශිෂ්ටතම ක්‍රීඩිකාව තේරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ බවයි. කිසිදු අසාධාරණයක් ඉහත ශිෂ්‍යාවට සිදුව නොමැති බව ද ඇය අවධාරණය කරයි.

මෙම මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වන විදුහල්පතිනී සුමේදා ජයවීර මහත්මිය, විශිෂ්ටතම ක්‍රීඩිකාව තේරීමේදී පාසල අනුගමනය කළ තාක්ෂණික සහ විෂය මූලික නිර්ණායක පිළිබඳ වැඩිදුරටත් විස්තර කළා ය.

විදුහල්පතිනිය පෙන්වා දෙන්නේ සම්මානයක් පිරිනැමීමේදී ජයග්‍රහණයට පමණක් නොව, එම ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩාවේ පවතින තරගකාරීත්වය පිළිබඳවද සැලකිලිමත් වන බවයි.

දිවයින පුරා පාසල් 350කට අධික සංඛ්‍යාවක් ක්‍රියාකාරීව සහභාගී වන, ඉතා ඉහළ තරගකාරීත්වයක් සහිත ක්‍රීඩාවක් ලෙස ඇය එය හඳුන්වයි.

මෙරට පාසල් 50ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණක් නිරත වන ක්‍රීඩාවක් බැවින්, එහිදී ජයග්‍රහණයක් ලැබීම පිහිනුම් ක්‍රීඩාවට සාපේක්ෂව අඩු තරගකාරීත්වයක් සහිත වූවක් බව ඇයගේ තර්කයයි.

සම්මානය හිමි වූ නභාෂි පෙරේරා සිසුවිය සතු සුවිශේෂී දක්ෂතා ඇය සංඛ්‍යාත්මකව මෙසේ විස්තර කළා ය:

ඇය පිහිනුම් ක්‍රීඩාවෙන් නව ශ්‍රී ලංකා වාර්තා (New Island Records) තුනක් පිහිටුවා ඇති ක්‍රීඩිකාවකි.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැවති තරගාවලිවලදී අවසන් වටයට (Finalist) සුදුසුකම් ලබා ඇති අතර, බිම්ස්ටෙක් (BIMSTEC) ක්‍රීඩා උළෙලේදී ලංකාව නියෝජනය කරමින් ආසියානු මට්ටමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

එවැනි වාර්තාගත දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවක සිටියදී, වෙනත් අයෙකුට එම සම්මානය පිරිනැමීම අසාධාරණ බව විදුහල්පතිනියගේ අදහස ය.

එමෙන්ම, චනිත්මා සිනලි සිසුවියට සම්මානයක් දීමෙන් වැළකී සිටීමට තමා කිසිසේත් උත්සාහ නොකළ බව විදුහල්පතිනිය අවධාරණය කරයි.

බොහෝ දෙනෙකු ස්කොෂ් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ සම්මානයක් (Special Award) පිරිනැමීමට පවා විරුද්ධ වූ බවත්, එහෙත් තමා පෞද්ගලිකව මැදිහත් වී ඇය වෙනුවෙන් එම විශේෂ සම්මානය ලබාදීමට කටයුතු කළ බවත් ඇය පවසයි.

ශිෂ්‍යාව විසින් ඉල්ලා සිටින්නේ එම විශේෂ සම්මානය නොව, ජාතික වාර්තා තැබූ ක්‍රීඩිකාවට හිමි වූ “විශිෂ්ටතම ක්‍රීඩිකාව” සම්මානය බව විදුහල්පතිනිය පෙන්වා දෙයි.

විදුහල්පතිනිය පවසන්නේ චනිත්මා සිසුවියගේ මෙම ප්‍රකාශය පිටුපස කිසියම් වැඩිහිටි පාර්ශවයක පෙළඹවීමක් තිබිය හැකි බව ය.

තමා මීට පෙර විශාඛා විදුහලේ විදුහල්පති තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අවස්ථාවේදීද තමාට අසාධාරණයක් වූ බවත්, මෙම සිදුවීමද එහිම දිගුවක් ලෙස තමාට එරෙහිව කරන ලද්දක් විය හැකි බවත් ඇය සැක කරයි.

කිසියම් අතෘප්තිමත් බවක් ඇත්නම් ඒ පිළිබඳව අභියාචනයක් (Appeal) කිරීමට අවස්ථාව තිබියදී, එසේ නොකර උත්සවයක් අතරතුර මෙලෙස හැසිරීම පාසල් සම්ප්‍රදායට පටහැනි බව ඇයගේ මතයයි.

අවසාන වශයෙන්, චනිත්මා සිසුවිය මේ වන විට පාසලෙන් ඉවත්ව ගොස් ඇති නිසා (Old Girl), ඇයගේ අනාගතයට බාධාවක් වන අයුරින් පාසල මගින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්, ඇයගේ චරිත සහතික ඇතුළු ලිපිලේඛන නිසි පරිදි ලබාදී ඇති බවත් විදුහල්පතිනිය තහවුරු කරයි.

පහත පලවන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල්පතිනිය විසින් අප වෙත එවන ලද සටහන සහ රූපයයි.

උපුටා ගැනීම:

අවශ්‍ය අයගේ දැනගැනීම පිණිසයි!

සිරිමාවෝ වර්ණ ප්‍රධාන උළෙල 23/24*

අඩසිය වසක ඉතිහාසයක් ඇති සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය තුළ ක්‍රීඩා විෂය සමගාමී හා අධ්‍යාපන යන ත්‍රක්ෂේත්‍ර තුළින් ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍යාවන් විශාල පිරිසක් මේ වන විට බිහිවී ඇත.

ඒ අතරින් 2023 සහ 2024 වර්ෂයන්වල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දැක්වූ සිරිමාවියන් වෙත වර්ණ ප්‍රධානය කිරීම 2025/12/19 වන දින සිදුවිය. මෙම වර්ණ ප්‍රධානෝත්සවය වත්මන් විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර මැතිණියගේ මූලිකත්වයෙන් වසර 7 කට පසු සංවිධානය වූ බැවින් අප පාසල තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් විය. මෙම උත්සවයේ තම පාසල් ජීවිතය තුළ ක්‍රීඩිකාවකට එක් වරක් පමණක් හිමිවන ” විශිෂ්ටතම ක්‍රීඩිකාව ” ( The Most Outstanding Sports Women ” )යන ශීර්ෂය යටතේ සම්මානයක් ප්‍රදානය විය. එම සම්මානය අර්ථ දැක්වීමට සහ එය ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම් හා නිර්ණායක පාසල විසින් තීරණය කර අදාළ ක්‍රීඩිකාවන්ට කල්වේලා ඇතිව අයදුම් කිරීමට පෙර දැනුවත් කර ඇත. එම නිර්ණායක නම්,

1. සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි ඉසව්වකින් ලබා තිබීම සහ

2. සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම සහ

3. ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම සහ

4. සමස්ත ලංකා වාර්තාවක් සමඟ ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ

5. ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම.

මෙම වර්ණ ප්‍රධානයන්ගේ මූලික පරමාර්ථය වන්නේ හුදු පදක්කම් පැළඳවීමක්ම නොවන අතර ක්‍රීඩිකාවන් තුළින් දරුවන් ලබන ජය පරාජය ඉවසා ගැනීමට හුරු කිරීමයි. අන් අයගේ ජයග්‍රහණ ඉදිරියේ සතුටු වී සුභපැතීමට හැකියාව ලැබීම, හික්මීම ප්‍රගුණ කිරීම හා පාසලේ කීර්තිනාමය වඩා වර්ධනය කිරීමද ඇතුළත් වේ.

යම් ක්‍රීඩිකාවකට තමාට හිමි සම්මානය හෝ වර්ණ ප්‍රධාන නිර්දේශය සම්බන්ධව යම් ගැටළුවක් ඇති විනි නම් ඒ පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කිරීම හෝ ක්‍රීඩා මහත්මීන් හමුවී සාකච්ඡා කිරීම හෝ ගරු විදුහල්පතිනිය වෙත කරුණු දැක්වීමට සාධාරණ අවස්ථාවක් මෙහිදී ලබා දී තිබූ අතර කිසිදු ක්‍රීඩිකාවක් විසින් නිර්දේශ සම්බන්ධව කිසිදු ගැටළුවක් යොමු කර නොතිබුණි.

තවද උත්සවයට පෙර සියලුම වර්ණ හා සම්මානලාභී දියණියන්ගේ දෙමව්පියන් වෙනුවෙන් මෙම උත්සවයේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳවත්, වර්ණ ප්‍රධානය සිදුකළ නිර්ණායක පිළිබඳවත් දීර්ඝ පැහැදිලි කිරීමක් ගරු විදුහල්පතිනිය විසින් සිදු කරන ලදී. එම අවස්ථාවේද කිසිදු දියණියක් හෝ දෙමාපියෙක් කිසිදු ගැටළුවක් ඉදිරිපත් කර නොමැත.

කරුණු මෙසේ තිබියදී විශේෂ සම්මානය හිමි වූ ස්කොෂ් ක්‍රීඩිකාව ( මේ වන විට ඇය ආදි ශිෂ්‍යාවකි ) විසින් උත්සව අවස්ථාවේ සජීවීව යම් ගැටලුකාරී පරිසරයක් නිර්මාණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.මෙසේ ප්‍රසිද්ධ වේදිකාවක යම් ක්‍රීඩිකාවක් තමාට පෞද්ගලික වන ගැටලුවක් එකවර උත්සව සභාවට ඉදිරිපත් කර සිටීම මගින් පාසලේ කීර්ති නාමයට ඉමහත් හානියක් සිදුවූ අතර මෙවැනි වැදගත් උත්සවයක් සංවිධානය කර ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන විනය හා පාසලේ කීර්තිය ඔපනන්වීම යන කරුණු ඉටු කර ගැනීම අපහසුය. එසේම මෙමගින් ඉදිරි පරම්පරාවට ගම්‍ය වන්නේ වැරදි ආදර්ශයක් බැවින් එම ක්‍රියාව පාසලේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන සමස්ථ පාසල් ප්‍රජාව වශයෙන් , අප සියලු දෙනා තරයේ හෙලා දකිමු. තවද ඉදිරියේදී පාසැල් දියණියක් විසින් මෙවැනි ශික්ෂණයකින් තොරව කටයුතු කරයි නම් ඒ පිළිබඳව කරුණු සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පාසල් ප්‍රජාව ලෙස අප ඉල්ලා සිටිමු. ” විශිෂ්ටතම ක්‍රීඩිකාව ” ( The Most Outstanding Sports Woman ) සම්මානය ජයග්‍රහණය කෙරූ අති දක්ෂ පිහිනුම් ශූරියක් වන නභාෂි පෙරේරා සිරිමා දියණිය ලැබූ දෙස් විදෙස් තරග ජයග්‍රහණ පිළිබඳ විස්තර මේ සමග ඉහතින් දක්වා ඇත.

ස්තුතියි.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය*සමස්ත *පාසල් ප්‍රජාව .

උපුටා ගැනීම අවසන්.

ජාත්‍යන්තර තරගවලින් දිනලා රටටත් පාසලටත් කීර්තියක් ගෙනා සිසුවියකට සිරිමාවෝ විදුහල්පතිනිය රිහේසල් එකට ආවෙ නෑ කියලා සම්මානය දීලා නෑ! ඒ දරුවත් නිකම් හිටියේ නෑ! කලර්ස් නයිට් එකේදි මුළු පාසලටම ඇහෙන විදිහට තමන්ට වෙච්ච අසාධාරණය වේදිකාවට නැගලා කිව්වා..! මේ තමයි බය නැති අලුත් පරම්පරාව..! අසාධාරණයක් වුණාම ඒ පරම්පරාව නිහඬව ඉන්නෙ නෑ..! වහාම අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙලා සිද්ධ වෙච්ච මේ දේ ගැන විමර්ශනයක් කරන්න! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අනුර පාර්ලිමේන්තුවට ඇවිත් දානපතියන්ට විනාශ වෙච්ච පාසල්-රෝහල් හදන්න පොඩි පොඩි පැකේජ් යෝජනා කරද්දී විපක්ෂනායක සජිත් වැඩේට බැහැලා පටන් අරගෙනත් ඉවරයි! අරණායක ප්‍රාදේශීය රෝහලටත් ලක්ෂ 29ක උපකරණ දුන්නා! එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළිදැක්වීම සතුටට කරුණක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රංවල නම රටේම කියවෙන අස්සෙ ‘මව්රට’ හොයාගෙන ගිය රංවල දෙයියො! කවුද මේ? කොහෙද හිටියෙ? මොනවද කළේ? Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.