• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රංවල නම රටේම කියවෙන අස්සෙ ‘මව්රට’ හොයාගෙන ගිය රංවල දෙයියො! කවුද මේ? කොහෙද හිටියෙ? මොනවද කළේ? Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රංවල නම රටේම කියවෙන අස්සෙ ‘මව්රට’ හොයාගෙන ගිය රංවල දෙයියො! කවුද මේ? කොහෙද හිටියෙ? මොනවද කළේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල අපේ රටේ වැඩියෙන්ම කියන නමක් තමයි රංවල කියලා කියන්නේ. රංවල කිව්වම අපිට මතක් වෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රකට දේශපාලන නමක්. ඔහු දේශපාලකයෙක් විදිහට කරළියට ඇවිල්ලා, ලෙඩ ගොඩක් දාගෙන, ආණ්ඩුව විවිධාකාරයෙන් අපහසුවට පත්කරපු අයෙක් විදිහට තමයි බොහෝ දෙනෙක් අතර කතාබහක් තියෙන්නේ. ඒත් අපි මේ කතාකරන්න යන්නේ ඔන්න ඔය රංවල ගැන නම් නෙමෙයි.Sri Lanka Latest News

අපි කතා කරන්නේ රංවල කියන නම සම්බන්ධව තියෙන වෙනත් අතිශය සුවිශේෂ කාරණයක්. ඒ තමයි රංවල දෙයියෝ. රංවල දෙයියෝ කියලා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රබල ප්‍රාදේශීය දෙවි කෙනෙක්. ලංකාවේ ප්‍රාදේශීය දෙවිවරු විශාල ප්‍රමාණයක් ජනප්‍රවාද සාහිත්‍යය තුළ අපිට මුණගැහෙනවා. ඒ අය අතරින් කීප දෙනකුට දේවාල හදලා තියෙනවා. ඒ අය අතරින් තවත් කීප දෙනකුට සුවිශේෂ ඇදහිලි චාරිත්‍ර වාරිත්‍ර අපේ රටේ තියෙනවා. මේ අය එකින් එක ගෙන පැහැදිලි කරන්නටත් වෙලාවකට අපිට හිතෙනවා හොඳයි කියලා.
කැලණි ගඟට අධිපති ලෙස තමයි රංවල දෙවියන්ව හඳුන්වන්නේ. රංවල දෙවියන්ගේ ඉතිහාස කතාව අතිශය සුවිශේෂ එකක්. ඒ වගේම රංවල දෙවියන් සම්බන්ධව ඇති ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, පුද සිරිත් ක්‍රමවේදත් ඉතාම විශේෂයි. රංවල දෙවියන් සම්බන්ධයෙන් පුහුල් පහන් දැල්වීම කියන කාර්යය අපේ රටේ සිද්ධ වෙනවා. මේ පුහුල් පහන් කියලා කියන්නේ අපේ ඉතිහාස කතාව ඇතුළේ අපිට නිතර දෙවේලේ දකින්න ලැබෙන එකක් නෙමෙයි. නමුත් පුහුල් පහන් පත්තු කරලා රංවල දෙවියන්ට වැන්ද බව ඉතිහාසයේ සිටම කියනවා වගේම, අදත් මේ කැලණි ගං දෑලේ පුහුල් පහන් පත්තු කරලා රංවල දෙවියන්ව සිහිපත් කරන බව අපිට අහන්න ලැබෙනවා.
සාමාන්‍යයෙන් මේ රංවල දෙවියන් විදිහට සලකන්නේ එක්තරා සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු රංවල තොටුපළේ හිටපු තොටියා විදිහටත් ඇතැම් අය කියනවා. රංවල උපාසක කියන නමිනුත් ඔහු ගිහි කල හැඳින්වූ බවත් සමහර තැන්වල ජනප්‍රවාද සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා.

කොහොම වුණත් අපි මේ රංවල දෙවියන්ගේ ඉතිහාස කතාවේ වඩාත් ප්‍රකට කොටස හොයාගෙන ගියා. රංවල දෙවියන්ගේ ඉතිහාස කතාවට විවිධ දේවල්, විවිධ තැන්වලදී එකතු වෙලා තිබුණත් මේ කතාව මෙන්න මෙහෙමයි අපිට දැනගන්න ලැබුණේ. එක්තරා කාලෙක මහනුවර රජ කරපු දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ට අයිති වෙච්ච වී අටුවක් සතර කෝරළේ කෑගල්ල කියන පැත්තේ තිබිලා තියෙනවා. කෑගල්ලේ තිබුණු රංවල කියන ගමේ තිබුණා කියලා තමයි ඇතැම් අය කියන්නේ. ඉතින් මේ රංවල කියන ගමේ තිබුණු මේ වී අටුව කඩලා කවුදෝ කෙනෙක් වී හොරකම් කළ බවත්, මේ වී හොරකම් කිරීම සම්බන්ධව අලවතුරේ රාළත් ගනේගොඩ රාළත් කියන දෙන්නා සැක බව ඇතැම් තැනක කියවුණු බවත් ඉතිහාස කතන්දරයේ කියනවා.

ඔන්න ඔය කාරණාවත් එක්ක රජ්ජුරුවන්ට මේක පැහැදිලි කරලා දීලා වැඩේ බේරගන්න බැරි බව දැනගත්තු මෙන්න මේ දෙන්නා, ඒ කියන්නේ මේ අලවතුරේ රාළත් ගනේගොඩ රාළත්, මේ ප්‍රදේශයේ ඉඳලා කැලණි ගඟ හරහා උණ ගස්වලින් පහුරක් හදාගෙන පැනලා ආවා කියලා කියනවා. එහෙම එද්දී අතරමගදී ගනේගොඩ රාළ පහුරෙන් පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අලවතුරේ රාළ තවත් පහළට තමන්ගේ මේ පහුර පැදගෙන ඇවිල්ලා. එහෙම එද්දී එක තැනකදී අලවතුරේ රාළට ඇහිලා තියෙනවා ඈත පැල් ගී රාවයක්. මෙන්න මේ පැල් ගී රාවය ඇහුණට පස්සේ ඒ ගී කියන්නේ කවුද කියලා හොයලා බලපු මෙන්න මේ අලවතුරේ රාළ දන්ගල්ල ප්‍රදේශයේදී තරුණියක් හොයාගෙන ඇය සමග විවාහ වුණා කියලා තමයි ඔය ජනප්‍රවාද සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ.

ඔන්න ඔය විදිහට මේ ප්‍රදේශයට ආපු මේ පුද්ගලයා බොහොම දැහැමින් සෙමින් ගමේ අයත් එක්කත් බොහොම සහයෝගයෙන් බොහොම හොඳින් කටයුතු කළ බවත්, ටික කාලයක් යද්දී ඔහුට අර ගිහි ජීවිතය පිළිබඳ විශාල කලකිරීමක් ඇති වුණා කියලත් මේ ජනප්‍රවාද කතන්දරය ඇතුළේ කියැවෙනවා. ඉතින් ඔය විදිහට ගිහි ජීවිතයේ ඇති වෙච්ච කලකිරීමත් එක්ක ඔහු ගෙදරින් නික්මිලා ගිහිල්ලා මේ එක්තරා තැනක බොහොම සිල්වත්ව ජීවිතය ගතකරන්න පටන් ගත්තාලු.

මෙහෙම ජීවිතය ගතකරන්න ගත්තු මේ පුද්ගලයා හැම පෝය දවසකම සිල් සමාදන් වෙලා සුදු වතින් සැරසිලා ගඟ දිගේ පාරුවකින් කැලණි විහාරයට ගියා කියලා කියනවා. මෙන්න මේ කටයුත්තත් එක්ක ගන්දෑලේ කා අතරත් ඔහුගේ මේ ක්‍රියාව ප්‍රසිද්ධ වෙනවා. ඔහුත් හැමෝටම මතක තියෙනවා. කැලණි ගඟේ තිබිලා තියෙනවා නයිගල කියලා වක්කලමක්. මේ නයිගලදී එන පහුරු, එන මග නිවැරදිව වටහා ගන්න බැරුව අනතුරට ලක්වුණාලු. මේ නිසාම රංවල උපාසක රාත්‍රියට එතැන පහනක් පත්තු කරන්න කටයුතු කරලා තියෙනවා. මේ පත්තු කරපු පහන අර ගඟ හරහා එන හුළඟට නිවෙන නිසා තමයි ඔහු ගොක්කොළවලින් ඒක ආවරණය කරලා තියෙන්නේ. ඉතින් මේක මේ පත්තු කළාම ඈතට පේන්නේ පුහුල් ගෙඩියක හැඩයට. කොහොම වුණත් මේ පහන දැකපු නිසා අර අනතුරුදායක විදිහට ඉදිරියට එන පහුරුකරුවෝ අනතුරට මුහුණ නොදී එතැනින් ගියා කියලා ඇතැම් අය කියනවා. ඒ නිසාම රංවලගේ නම තවත් ප්‍රසිද්ධ වුණා කියලා කියනවා.

අපි කියන්නේ මේ රංවල කියන දේශපාලකයා ගැන නෙමෙයි. රංවල උපාසක කොහොම නමුත් මරණයට පත්වුණා. ඔහු මරණයට පත්වුණාට පස්සේ ඔහුගේ මේ කල්ක්‍රියාව ගැන පැහැදීමෙන් හිටපු මිනිස්සු ඔහු වෙනුවෙන් ගං ඉවුරේ පුහුල් පහන් පත්තු කරන්න පටන් ගත්ත බව තමයි ඉතිහාස කතන්දරය ඇතුළේ කියන්නේ. මේ පුහුල් පහන කියලා කියන පහන අදටත් මේ අය පත්තු කරනවා. කොහොම වුණත් ඔහු මරණින් පස්සේ, පහුකාලීනව දෙවි කෙනෙක් විදිහට අදහන්න මේ අය පුරුදු වෙලා තියෙනවා. ඒ ඇදහීම අදටත් පවත්වාගෙන එනවා.

රංවල නමින් දේවාල කීපයක්ම අපේ රටේ ඉදිවෙලා තියෙනවා. ඉන් ප්‍රධාන එකක් තමයි අවිස්සාවේල්ල පුවක්පිටියේ තියෙන දේවාලය. ඊට අමතරවත් තවත් දේවාල කීපයක්ම අපේ රටේ දකින්න ලැබෙනවා. දන්ගල්ල පුරාණ රජමහා විහාරස්ථාන භූමියෙත් මේ රංවල දේවාලයක් තියෙනවා. ඒ වගේම නිකවල බෝධිය අසලත් රන්දෙව්පාය කියලා දේවාලයක් මේ බොහොම මෑත කාලයේ ඉදිවෙලා තියෙන බව කියනවා. ඒ වගේම අපි නොදන්නා තැන්වලත්, සමහර විට අපිට හොයාගන්න බැරි තැන්වලත් මේ දේවාල ඇති. අපි දන්න තැන් විදිහට ගත්තොත් මණ්ඩාවල කියන ප්‍රදේශයේ බොහොම මෑත කාලයේ රංවල දේවාලයක් ඉදිවෙලා තියෙනවා. ඒ වගේම කොළඹ කොස්ගම හිඟුරල කියන ප්‍රදේශයේ රංවල පහන නමින් ප්‍රසිද්ධ දේවාලයක් තියෙනවා. මේක හයිලෙවල් පාරේ යන එන අය නිතර වන්දනා කරන දේවාලයක්.

ඒ වගේම මේ රංවල දෙවියෝ ගැන සඳහන් කරද්දී කියනවා, රංවල ඇල්ලට, රද්දුවන් ඇල්ලට, කොග්ගලට, හිඟුරල අඹ වෘක්ෂයට, නිකවල බෝධීන් වහන්සේට, දන්ගල්ල රජමහා විහාරයට, කැලණි ගං මිටියාවතට රංවල දෙවියන්ගේ අණසක පතුරුවනවා කියලා. ගඩොල් පෝරනුවක් පටන් අරගනිද්දී, අලුතින් බස් රථයක් පාරට දාද්දී, ඒ වගේම වැලි තොටක් ආරම්භ කරද්දී රංවල දෙවියන් වෙනුවෙන් කන්නලව් කිරීම, රංවල දෙවියන්ගෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්.
රංවල දෙවියෝ මෑතකාලීනව දැකපු, අපි දන්න කියන ඉතිහාස කතාවක් සහිත කෙනෙක් විදිහට තමයි අපිට අහන්න ලැබෙන්නේ. රංවල දෙවියන් සම්බන්ධව පුද පූජා දේව දාන දීම ඉතාම මෑත කාලයේ ආරම්භ වෙච්ච බව තමයි අපිට හොයලා බලද්දී නම් දැනගන්න ලැබෙන්නේ. රංවල දෙවියන්ට සමහර අය කියන්නේ රංවල මුත්තා කියලා. අපි දන්නවා ප්‍රාදේශීය දෙවිවරුන් අදහද්දී මේ නෑදෑකම් කියමින් දෙවියන්ගේ නම් හඳුන්වා දීම සාමාන්‍ය සිරිතක්. කොහොම වුණත් අපි මේ කියවන සියලු දෙනාටම රංවල දෙවියන්ගේ පිහිට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. රංවල දෙවියෝ කියලා කියන්නේ ඉතාම භක්තිමත්ව අදහන, ඉතාම තේජාභිමානී දෙවි කෙනෙක් බවත් මේ මොහොතේ අපි සඳහන් කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තීරණය ගත්තේ ක්‍රීඩාවේ තරගකාරීත්වය සහ දක්ෂතාව මතයි! විශිෂ්ටතම ක්‍රීඩිකාව තේරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළා! කාටවත් අසාධරණයක් කළේ නෑ! සම්මානය ගත් ක්‍රීඩිකාව නව ශ්‍රී ලංකා වාර්තා 3ක් තියලා ජාත්‍යන්තරයට ගිය සිසුවියක්! සම්මාන වේදිකාවේදී ප්‍රසිද්ධියේ අභියෝග කළ සිසුවියට සිරිමාවෝ විදුහල්පතිනිය උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමා මන්ත්‍රීගේ මාමාගේ ඉඩමක කරගෙන ගිය ගංජා වගාවක් වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්! තෝ මරනවා කියමින් මන්ත්‍රීවරයායි තවත් පිරිසකුයි මට පහර දුන්නා! පොලිස් නිලධාරියා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වෙයි! මන්ත්‍රී ශාන්ත පද්මකුමාරත් පොලිස් නිලධාරියාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.