• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර පාර්ලිමේන්තුවට ඇවිත් දානපතියන්ට විනාශ වෙච්ච පාසල්-රෝහල් හදන්න පොඩි පොඩි පැකේජ් යෝජනා කරද්දී විපක්ෂනායක සජිත් වැඩේට බැහැලා පටන් අරගෙනත් ඉවරයි! අරණායක ප්‍රාදේශීය රෝහලටත් ලක්ෂ 29ක උපකරණ දුන්නා! එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළිදැක්වීම සතුටට කරුණක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර පාර්ලිමේන්තුවට ඇවිත් දානපතියන්ට විනාශ වෙච්ච පාසල්-රෝහල් හදන්න පොඩි පොඩි පැකේජ් යෝජනා කරද්දී විපක්ෂනායක සජිත් වැඩේට බැහැලා පටන් අරගෙනත් ඉවරයි! අරණායක ප්‍රාදේශීය රෝහලටත් ලක්ෂ 29ක උපකරණ දුන්නා! එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළිදැක්වීම සතුටට කරුණක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ තමා ධානපතියන් සම්බන්ධ කර ගෙන පාසල් රෝහල් දියුණු කරන්න පුලුවන් බවට යෝජනා ඉදිරිපත් කරන විට ඒවා මැතිවරණ සමයේ විහිලුවට ගත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සහන පැකේජ නිර්මාණය කරන බවත් ඒවා සිදුවිය යුතු දේවල් බවත් මීට වසරකට දෙකකට පෙර තමා කියූ දේවල් එදා විහිලුවට ලක් කළත් එදා තමාගේ සංකල්ප විවේචනය කළ රජය අද ඒවා ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේම එළි දැක්වීම ගැන සතුටු වන බවත් සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී Patient Monitor 5ක්, Infusion Pump 1ක් සහ Syringe Pump 1ක් ලබා දීම සිදු විය

අවතැන් වු විපතට පත් නිවාස අහිමි සියලු දෙනාට ආරක්ෂිත ඉඩම් තුළ නිවෙස් සදා ගැනීමේ අවස්ථාව උදා කළ යුතු බවත් අනාරක්ෂිත තැනක පදිංචි වූ අයගේ අනාරක්ෂිත භාවය නිසා ඉවත් කර ඇති අතර මේ අයට ආරක්ෂිත භූමියක් තුළ හොද නිවසක් ඉදි කර ගැනීමට සහ තමන් සිටින නිවස කේන්ද්‍ර කර ගෙන ජීවනෝපාය ඇති කර ගැනීමේ අවස්ථාව ද නිර්මාණය කළ යුතු බවත් මේ සෑම දේම ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු බවත් මෙහි දී අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ජන ජීවිත සෑම දෙයක්ම සංවර්ධනය වන ඒකාබද්ධ වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වත් විහිලු නවත්වා වැඩ කරන්න

දිට්වා සුළි කුණාටුව කවුරුත් විහිලුවකට නොගත යුතු බවත් මේ විහිලු නිසා සුනාමියෙන්වත් පාඩම් ඉගෙන ගන්න නොහැකි වූ බවත් අදටත් ඩොෆ්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කරන්න නොහැකි වි ඇති බවත් මේ විහිලු නිසා සිදු වන්නේ දිට්වා සුළු කුණාටුව වැනි ස්වාභාවික ව්‍යවසනවලට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම බවත් මේවා විහිලුවලට ගැනීම රටෙත් ජනතාවගේත් පරිහානිය බවත් මේ ජීවිත අහිමි වීම ගැන කිසිදා සතුටු නොවන බවත් දැඩි ලෙස කම්පා වීම දුකට පත්වන නිසා සහන වැඩපිළිවෙළක් ලෙස සමගි ජන බලවේගය රෝහල් පද්ධතියට ආධාර උපකාර කරන බවත් විපක්ෂ නායකවරය පැවසීය.

රාජ්‍ය නිලධාරින් අසරණ නොකර එක් ප්‍රතිපත්තියක සිටින්න

අද වන විට අප රටේ පශ්චාත් සුළි කුණාටු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඇති වූ ව්‍යාකූලත්වය ගැන නම් කණගාටුවක් ඇති වන බවත් රජය විපතට පත් බල ප්‍රදේශ අවදානම් ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියද්දි ජනතාව කදවුරුවලට ගෙනවිත් නැවතත් ඒ අවදානම් බල ප්‍රදේශවලට යොමු කරන බවත් මේවා විහිලු සහගත කරුණු බවත් අධි අවදානම් බල ප්‍රදේශවලට ජනතාව යවා යම් හෙයකින් නැවත වරක් කරදරයක් සිදු වුවහොත් රජය මෙහි වගකීම බාර ගත යුතු බවත් මේ ජීවිත අහිමි විමට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව කුපිත කරවන අදහස් ප්‍රකාශ කරන්න එපා

ජනතාවට සහන දෙන්න රු. බි. 500ක පරිපූරක ඇස්තමේන්තුවට සහන දුන් නිසා කඩිනමින් මේ සහන ලබා දීමත් ඒ සහන ලබා දීම නිවැරදි ආකාරයට මෙන්ම විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කළ යුතු බවත් පරස්පර ප්‍රකාශ සිදු නොකර රාජ්‍ය නිලධාරීන් අමාරුවේ නොදමා සහන ලබා දීම් සිදු කරන ලෙසත් ජනතාව කුපිත නොකර සෘජු මතයක් දරන ලෙසට රජයට කියන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටට හොදක් වෙනවා නම් අපිත් සහාය දෙනවා

තමා සැම විටම යෝජනා කරන්නේ මේ විපත රටට සෞභාග්‍යයක් උදා කර ගැනීමට යොදා ගත යුතු බවත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවා ලෝකයාගේ දයාව කරුණුව රටට ලබා ගෙන තිබුණටත් වඩා ඉහළ සංවර්ධනයක් නිර්මාණය කළ හැකි බවත් තමා යෝජනා කළ නිසා එය ක්‍රියාත්මක නොකර සිටීමට රජය උත්සාහ දරනවාද කියා නොදන්නා බවත් යම් හෙයකින් එය පවත්වන්නේ නම් පක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පිරමිඩ් විල්මාර් කළමනාකාර අධ්‍යක්ෂ සජාඩ් මව්සූන් ආණ්ඩුවට රුපියල් මිලියන 50ක ආධාරයක් දෙයි! I Sri Lanka Latest News

Next Post

තීරණය ගත්තේ ක්‍රීඩාවේ තරගකාරීත්වය සහ දක්ෂතාව මතයි! විශිෂ්ටතම ක්‍රීඩිකාව තේරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළා! කාටවත් අසාධරණයක් කළේ නෑ! සම්මානය ගත් ක්‍රීඩිකාව නව ශ්‍රී ලංකා වාර්තා 3ක් තියලා ජාත්‍යන්තරයට ගිය සිසුවියක්! සම්මාන වේදිකාවේදී ප්‍රසිද්ධියේ අභියෝග කළ සිසුවියට සිරිමාවෝ විදුහල්පතිනිය උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.