• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, December 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Gurudawa

සර් ෆේල් වී රනිල්ව පාස් කිරීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

July 15, 2023
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
ගෝ කිව්වාම නෝ කියන අපූරු සහෝදරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on FacebookShare on Twitter

හරියටම 2022 ජුනි 07 එවක අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා කීවේ ඉදිරි සති තුන තෙල්, ගෑස් ගෙන්වා ගැනීම අසීරු බවත්, ඒ සති තුන ඉවසා සිටින ලෙසත්ය. ඒ වෙනකොටත් ජනාධිපති ගෝඨාභය තෙල් නැවකට සල්ලි සොයාදී තිබූ අතර, නැව ඒම ප්‍රමාද විය. එම තෙල් නැව් සමග ගනුදෙනු කළේ තෙල් ඇමැති කංචන විජේසේකරය. ඔහු තෙල් නැව අද එනවා හෙට එනවා කීවත් ආවේ නැත.Sri Lanka Latest News

‘ඒ තෙල් නැව වෙලාවට ආවා නම් ගෝඨා දැන් රටේ ජනාධිපතිද?’

තිත්ත ඇත්ත ඒකය. ගෝඨාට ගෙදර යන්න සිද්ධ වුණේ ඒ තෙල් නැවේ ප්‍රමාදයෙන්ය. තෙල් නැව එනකොට රනිල් ජනාධිපති වෙලා අහවරය. පෝලිම් නැතිවී දවස් ගණන් කෑමක් බීමක් නැතුව තෙල් පෝලිම්වල සිටි මිනිස්සු තෙල් ගහගෙන ගෙදර ගියහ. ඒ වෙනකොටත් තෙල් ඇමැති කංචන විජේසේකර තෙල් ගහන්න කිව් ආර් ඛේතය සකස් කර තිබුණේය. පළමුව තෙල් කූපන් ක්‍රමයට දිය යුතු යැයි යෝජනා කර තිබුණේ හිටපු තෙල් ඇමැති උදය ගම්මන්පිලය. ඊටත් කලින් තෙල් සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කළේ හිටපු ඇමැති වාසුදේව නානායක්කාරය.

‘අද තෙල් ආනයනය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම යෝජනා කරනවා තෙල් වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ විකිණීමට කූපන් ක්‍රමයක්…’
වාසුදේව නානායක්කාර
20.12.2021
ලංකාදීප

තෙල් ප්‍රශ්නය ගැන එවක තෙල් ඇමැති උදය ගම්මන්පිල පළ කළේ මෙවැනි අදහසකි.

‘මම ජුනි 21 කිව්වා ලංකාවේ විදේශ සංචිත ප්‍රශ්නයක් එනවා කියලා. තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ඩොලර් නැතිවෙයි කියලා මම කිව්වා. මම එහෙම කිව්වාම අපේ පක්ෂයේ අය කිව්වා මිනිස්සු බය කරන්න එපා කියලා…’

උදය මේ කතාව කිව්වේ 2022 ජනවාරි 20ය. එතකොට තෙල් පෝලිම් පටන්ගෙන නැත. අරගලය පටන්ගෙනත් නැත. ඔහු කිව්වේ ඔහු තෙල් ඇමැති ලෙස 2021දී මේ ප්‍රශ්නයට විසඳුම් 5ක් ඉදිරිපත් කළ බවය. ඒ විසඳුම් 5න් එකක් වූයේ තෙල් බෙදීමට කූපන් ක්‍රමයක් හඳුන්වා දීමය. තවත් විසඳුමක් වූයේ එන්ජින් ධාරිතාව අධික වාහනවලට තෙල් සීමා කිරීමය. ඔහු මේ යෝජනා කළේ 2021 තෙල් ඇමැති ලෙස සිටියදීය. ඔහු තෙල් සංචිත පාලනය කරන්න තෙල් මිල ඉහළ දමන්නත් යෝජනා කළේය.

‘ඉතින් ගෝඨාභය මේවා කළා නම් අදත් ජනාධිපති ගෝඨා නේ…?’

කතාව ඇත්තය. ඒ විතරක් නොව ගෑස් පෝලිම් ආ වෙලාවේ ලෝක බැංකුව හදිසි ආධාරයක් වශයෙන් ලංකාවට දුන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ගෑස් ගේන්න අනුමත කර ගත්තේත් ගෝඨාභයය. ඒ, රනිල් අගමැති වෙන්නත් කලින්ය. මේ, 2022 අප්‍රේල් 26 ලෝක බැංකු නියෝජිත චියෝ කුන්ඩා සමග ගෝඨා සාකච්ඡා කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ලබාගන්න පොරොන්දු කරගත් බවට ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනය ලංකාදීප පුවත්පත පළ කළ ආකාරයය.

‘ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක්
ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකරයි. ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කුන්ඩා මහත්මිය පවසයි. ලෝක බැංකු නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති හමුවේදී චියෝ කුන්ඩා මහත්මිය මේ බව සඳහන් කළාය….’
ජනාධිපති ලේකම් කාර්යාල නිවේදනය
ලංකාදීප
27.04.2022

ඉන් පසු ගෝඨාභය රනිල්ව අගමැති කළ පසු මැයි 18 රනිල් පාර්ලිමේන්තුව අමතා මෙසේ කීවේය.

‘ලෝක බැංකුවෙන් ලැබෙන මුදලින් ඩොලර් මිලියන 160ක් ගෑස් ගෙන්වීම සඳහා යොදවා ගන්නවා…’
18.05.2022
පාර්ලිමේන්තුව
ලංකාදීප

දැන් එතකොට රනිල් ජනාධිපති වීමෙන් පසු ආ තෙල්වලටත්, ගෑස්වලටත් සල්ලි ගෙවා ඒ තෙල් ගෑස් ආනයනය කර ඇත්තේ ගෝඨාභයගේ ආණ්ඩුවය.

‘ඉතිං එහෙම බලනකොට රනිල් කොහොමද පෝලිම් නැතිකළා කියන්නේ…?’

රනිල් පෝලිම් නැති කළේ නැත. වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යෝජනා කරපු තෙල් කූපන් ක්‍රමය තෙල් ඇමැති කංචන විජේසේකර ඩිජිටල්කරණය කළේය. ගෝඨා ගෙවපු තෙල් සහ ගෑස් නැව් රනිල් ජනාධිපති වූ විට ලංකාවට පැමිණියහ. රනිල් අගමැති වී කළ එකම දෙය තෙල් සහ ගෑස් මිල අහස උසට වැඩිකිරීමය. පාරිභෝගික සමීක්ෂණ වාර්තා කියන්නේ මෙලෙස තෙල් සහ ගෑස් වැඩිකිරීමෙන් මිනිස්සු තෙල් සහ ගෑස් භාවිතය විශාල වශයෙන් අඩු කළ බවය. උදාහරණයක් ලෙස ඔවුන් කියන්නේ ගෑස් මිල වැඩිකිරීමෙන් මිනිස්සු ගෑස් භාවිතය 40%කින් අඩු කළ බවය. තෙල් සහ ගෑස් මිල වැඩි කළ යුතුය යන යෝජනාව කලින් ගෙනාවේත් හිටපු තෙල් ඇමැති උදය ගම්මන්පිලය. එයට බැසිල් විරුද්ධ විය. ඒ යෝජනාව ක්‍රියාත්මක වූවා නම් අදටත් ජනාධිපති ගෝඨාභයය. අද තියෙන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවකි.

‘එතකොට රනිල්ට පින පෑදුණේ ගෝඨා ඕඩර් කරපු තෙල් නැවයි ගෑස් නැවයි පරක්කු වුණු නිසාද…?’

ඇත්තම කතාව ඒකය. ගෝඨාට තිබුණු ප්‍රශ්නය ඒ නැව්වලට සල්ලි ගෙව්වාම ඉන් එහාට ඩොලර් හොයන්නේ කෙසේද කියන ප්‍රශ්නයය. තමන්ව අගමැති කළොත් ඒ ප්‍රශ්නය විසඳන්න ජපානයෙන් ඩොලර් බිලියන 6ක් හෝ 7ක් තමාට අගමැති වූ සැණින් ලබාගත හැකි යැයි රනිල් පොරොන්දු විය. ගෝඨා, රනිල්ගේ කටවචනයට රනිල්ව අගමැති කළේය. රනිල් අගමැති වුණාට පසු ඩොලර් බිලියන 6 කතාව බොරුවක් බව ගෝඨාට ජපානයෙන් දැනගන්න ලැබිණි. අගමැති වූ රනිල් කීවේ ගෝඨා ලෝක බැංකුවට කතාකර ගත් මුදල කොටස් වශයෙන් තෙල් සහ ගෑස් නැව්වලට ගෙවිය හැකි බවය. ගෝඨාගේ ආණ්ඩුව චීන තෙල් නැව්වලට මුදල් ගෙවා කිව්.ආර්. ඛේතය දෙන්න ඒ වෙනකොටත් ගෝඨාගේ උපදෙස් මත කංචන ප්ලෑන ඇඳ තිබිණි. තෙල් නැව් ගෑස් නැව් එන්න කංචනගේ කිව්.ආර්. ඛේතය ක්‍රියාත්මක කරන්න කාලයක් අවශ්‍ය විය. ගෝඨාට ගෙදර යන්න සිදුවූයේ ඒ කාලයේය. රනිල් ජනාධිපති විය. ගෝඨා රට බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්කළේ 2022 අප්‍රේල් 22ය. එතැන් සිට ලංකාව විදේශ ණය ගෙවීම නතර කොට තිබිණි. මේ නිසා 2022 අප්‍රේල් සිට රනිල් ජනාධිපති වන තෙක් සංචාරකයන්ගෙන් සහ විදේශ සේවයේ නියුතු වූවන්ගේ ඩොලර් ලංකාවට ලැබෙමින් තිබිණි. ලෝකය කොවිඞ් සීමා ඉවත් කළේ 2022 අප්‍රේල් පමණය. ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරන විට ලංකාවට විදේශ සංචාරකයන් එන්න පටන්ගත්තේ ලංකාවට සංචාරකයෝ එන රටවල් කොවිඞ් සීමා ඉවත් කළ නිසාය. ඒ වගේම කොවිඞ් නිසා ලංකාවට ආ විදේශ ශ්‍රමිකයන්ද ඔවුන් සේවය කළ රටවල් කොවිඞ් සීමා ඉවත් කොට තාවකාලිකව වසාදමන ලද ව්‍යාපාරික ආයතන විවෘත කළහ. මේ නිසා ලංකාවේ විදේශ ශ්‍රමිකයන් 2022 මුල් මාසවල යළි විදේශයේ තම රැකියා ස්ථාන කරා ගියහ. එසේ ගිය විදේශ ශ්‍රමිකයෝ ඩොලර් එවන්න පටන්ගත්හ. මේ නිසා රනිල් ජනාධිපති වන විට ලංකාවේ ඩොලර් සංචිත වැඩි වෙමින් තිබිණි. බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ නිසා ණය ගෙවීම නතර වී ඒ ඩොලර් සංචිත ලංකාව තුළම ආරක්ෂා විය. මේ ඩොලර් සංචිත අතර ගෝඨාභය චීනයට කතාකොට ලබාගත් ඩොලර් බිලියන 1.4ද ඇතුළත්ය.

රනිල් ජනාධිපති වෙන විටත් ගෝඨාභය මූල්‍ය අරමුදල සමග ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් එකට යන්න අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර තිබිණි. ඔහු ඒ සඳහා ඉන්දියාවේ උදව් ගත්තේය. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පසුගියදා කීවේ ලංකාව අයි.එම්.එෆ්. සහාය ලබාගත්තේ ඉන්දියාවේ තීරණාත්මක සහාය නිසා යැයි කියාය. අයි.එම්.එෆ්. සහනය ගන්න ගෝඨාභය හිටපු මහබැංකු අධිපති කුමාරස්වාමිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබිණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලසාඞ් නමින් ලොව ප්‍රකට ආයතනයක සහාය ලබාගෙන තිබිණි. ගෝඨාභය අයි.එම්.එෆ්. සහනය ගන්න උපදෙස් ගන්න පත්කළ කමිටුව හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගෝඨා පත්කළ ලසාඞ් සමාගම රනිල් වෙනස් කළේ නැත. රනිල් ඒ වැඬේ ඉදිරියට ගෙන ගියේය.

‘එතකොට රනිල් ලයිට් කපන එක නතර කළේ…?’

ලයිට් කපන එක නතර කරන්න ලයිට් බිල අහස උසට වැඩිකරන ලෙස ගෝඨාට කිව්වේ කලක සිටය. ගෝඨා එය කළේ නැත. අනෙක් අතට ගෝඨාගේ කාලේ දැඩි නියඟයක් තිබිණි. රනිල් ජනාධිපති වූ විට නියඟය අවසන් විය. ලයිට් බිල අහස උසට වැඩිකිරීමෙන් අලාභය පියවා ලයිට් දීමට හැකි විය.

‘එහෙම බලනකොට රනිල් මොකක්ද කරලා තියෙන්නේ?’

රනිල් ජනාධිපති වී තවම අවුරුද්දකි. මේ අවුරුද්දට ගෝඨාභය පටන්ගත් අයි.එම්.එෆ්. ගනුදෙනුවෙන් රනිල් ඩොලර් මිලියන 330ක් ලබාගෙන ඇත. ලෝක බැංකුව අයවැය සඳහා ඩොලර් මිලියන 500ක්ද, දුප්පත්කම නැතිකරන්න ඩොලර් මිලියන 200ක්ද දෙන්න පොරොන්දු වී ඇත. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 350ක් දෙන්න පොරොන්දු වී ඇත. මේ මුළු ගණන ලැබෙන්නේ දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමෙන් පසුවය. ඒ කියන්නේ රනිල් ජනාධිපති වී අවුරුද්දක් ගතවන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 1,380කි. මෙයිනුත් දැනට ලැබී ඇත්තේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය වූ ඩොලර් මිලියන 330 පමණි. හැබැයි ගෝඨාභය අර්බුදය ඇතිවුණු වෙලාවේ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් පමණ ලබාගැනීමට සමත් විය. ඒ, අර්බුදය ඇතිවී මාසයක් දෙකක් ඇතුළතය. ඒ වගේම චීනයෙන් ඩොලර් සංචිත වැඩිකර ගැනීමට ඩොලර් බිලියන 1.4ක් ලබාගන්න සමත් විය.

එහෙම බලනකොට රනිල් ජනාධිපති නොවී ගෝඨා ජනාධිපති ධුරයේ හිටියත් රනිල් ලබාගත් අයි.එම්.එෆ්. ණය වාරිකය ලෝක බැංකු ණයවූ ඩොලර් මිලියන 700 ආසියානු සංවර්ධන බැංකු ණය වූ ඩොලර් මිලියන 350 ලංකාවට හිමිවනු ඇත.

‘එහෙනම් මේ අවුරුද්ද තුළ පාස්වුණේ රනිල්ද නැතිනම් ගෝඨා යන්න කලින් රනිල්ව පාස් කරලා ගියාද…?’

රනිල් අයි.එම්.එෆ්. පළමු ණය වාරිකය අරගෙන යූ.ඇන්.පී.කාරයන්ට රතිඤ්ඤා පත්තු කරන්න කියා ජාතිය අමතා මෙලෙස කීවේය.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන් කියලා සහතිකයක් දීලා තියෙනවා. මේ අනුව ලංකාව තවදුරටත් බංකොලොත් රටක් ලෙස සලකන්නේ නැහැ…’
රනිල් වික්‍රමසිංහ
21.03.2023
ලංකාදීප

රනිල්ගේ මේ කතාවෙන් පසු හැමෝම හිතුවේ රනිල් ලංකාව බංකොලොත්කමින් මුදාගත්තා කියාය.

ඉන් පසු රනිල් මැයි 21 දින කීවේ සැප්තැම්බර් මාසය වන විට ලංකාව බංකොලොත්භාවයෙන් මුදාගන්නා බවය. පහත දැක්වෙන්නේ ඒ කතාවය.

‘ඒකයි මේ රට බංකොලොත්භාවය ප්‍රකාශ කරපු අවස්ථාවේ මට පෙනුණේ පුළුවන් තරම් විගහට මේ බංකොලොත්භාවය නැති කරන්න. බංකොලොත් වෙනවා කියන්නේ හිඟන රටක් වෙන එක. මම ජනාධිපතිකම භාරගෙන අයි.එම්.එෆ්. ගියා. මම බලාපොරොත්තු වෙන්නේ ජූලි, අගෝස්තු වෙනකොට මේ අයි.එම්.එෆ්. වැඩකටයුතු අවසන් කරලා සැප්තැම්බර් වෙනකොට බංකොලොත්භාවයෙන් ඉවත් වෙන්න…’
රනිල් වික්‍රමසිංහ
21.05.23
ලංකාදීප

2023 මාර්තු මාසයේ ජාතිය අමතලා බංකොලොත්භාවයෙන් රට මුදාගත්තා කියපු රනිල් හරියටම මැයි මාසයේ කියනවා සැප්තැම්බර් වෙනකොට බංකොලොත්භාවයෙන් රට මුදාගන්න පුළුවන්ලු. ඒකෙන් පේන්නේ රනිල් ගහන්නේ දේශපාලන ගේමක් බවය. බංකොලොත්භාවයෙන් රටක් මුදාගන්න එක සෙල්ලමක් නොවේ. ඒත් රනිල්ට දැන් බංකොලොත්භාවය ඊළඟ ජනාධිතිවරණයට ගහන්න දේශපාලන පන්දුවකි. නැත්නම් මාර්තු මාසයේ නැති කළා කියපු බංකොලොත්භාවය ආයේ සැප්තැම්බර්වලට එන්න විදියක් නැත.

ඇත්ත කතාව බංකොලොත් වීමත් එක්ක ලංකාව ගොඩ යන්න චීනයට ලව් කරන්න ගනියි කියන බයට ඉන්දියාව සහ ඇමෙරිකාව ලංකාවට උදව් කරමින් සිටී. ජනාධිපති පුටුවේ ගෝඨා සිටියත් සජිත් හිටියත් අනුර කුමාර සිටියත් උදව් කරයි. එහෙම බලනකොට රනිල් ගහපු ගේමක් නැත.

හැබැයි මේ පලදීලා තියෙන්නේ රනිල්ගේ පෙර පිනකි. 2022 සටන් විරාමයෙන් එල්.ටී.ටී.ඊ.ය දෙකඩ කළේ රනිල්ය. ඔහු එය නොකරන්න ගෝඨාභය යුද්ධය දිනපු වීරයා වෙන්නේ නැත. රනිල් නිසා තමයි යුද්ධෙ දින්නේ කියලා දැන දැන මහින්ද, ගෝඨා ඇතුළු රාජපක්ෂවරු රනිල්ව ද්‍රෝහියා කළහ. ඒ රනිල්ට යුද ජයග්‍රහණයේ ෂෙයාර් එකක් දෙන්න වෙයි කියලාය. රනිල්ට ඒ අසාධාරණය කරපු ගෝඨා ඇතුළු රාජපක්ෂලාට අන්තිමේදී රනිල්ට ජනාධිපතිකම පමණක් නොව බංකොලොත් ආර්ථිකය ගොඩගන්න අවසන් මොහොතේ තමන් ගත්ත තීරණවල ක්‍රෙඩිට් එක රනිල්ට දී ‘සර් ෆේල්’ වී ‘රනිල් පාස්’ කරවන්න සිදුවිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

ShareTweetSendShare
Previous Post

ලෙමන්-පැණි කොමඩු එකතු කර ජපන්නු කව්රුත් නොකෑ අලුත්ම අලුත් පලතුරක් හදයි! I Sri Lanka Latest News

Next Post

රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවල වැඩ කරපු ස්පෙෂලිස්ට්ලා 30න් 23ක්ම රට ගිහින්! ස්නායු ‌ස්පෙෂලිස්ට්ලා 8න් 6ක්ම ගිහින්! සෞඛ්‍ය සේවය ඛේදවාචකයක! I Sri Lanka Latest News

MORE NEWS

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News
Exclusive

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අසූචි පොහොර නැවේ ගනුදෙනුව නිසා රටට ඩොලර් ලක්ෂ 69ක් නැති වුණා! මිලියන 1382ක්! අන්තිමේ සල්ලිත් නෑ පොහොරත් නෑ! නැනෝ පොහොර වංචාව නිසා මිලියන 7840ක් රටට නැතිවුණා! මේවා විගණන වාර්තාවේ තියෙනවා! ඒ විගණන වාර්තා හැදුවේ සියලු සුදුසුකම් ඇති විගණකාධිපතිවරයා! එහෙම නැතිව යූනියන්වලින් පත්කරපු හොර විගණකයෙක් නෙමෙයි! හිතවත්කම් නැතිව වහාම විගණන වාර්තාව ක්‍රියාත්මක කරන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර වංචාව ගැන ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

පොලිසිය ඇතුළේ ලොකු පුටු මාරුවක්! I Sri Lanka Latest News

Load More
Leave Comment
හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

ශානි අබේසේකර මහතාව වාහනයකින් හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරීන් විසින් පසුගිය දා...

Read more
සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අසූචි පොහොර නැවේ ගනුදෙනුව නිසා රටට ඩොලර් ලක්ෂ 69ක් නැති වුණා! මිලියන 1382ක්! අන්තිමේ සල්ලිත් නෑ පොහොරත් නෑ! නැනෝ පොහොර වංචාව නිසා මිලියන 7840ක් රටට නැතිවුණා! මේවා විගණන වාර්තාවේ තියෙනවා! ඒ විගණන වාර්තා හැදුවේ සියලු සුදුසුකම් ඇති විගණකාධිපතිවරයා! එහෙම නැතිව යූනියන්වලින් පත්කරපු හොර විගණකයෙක් නෙමෙයි! හිතවත්කම් නැතිව වහාම විගණන වාර්තාව ක්‍රියාත්මක කරන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර වංචාව ගැන ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version