ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් දෙමුහුම් පළතුරක් නිපදවීමට ජපාන ගොවීන් පිරිසක් සමත් වී තිබේ.Sri Lanka Latest News
මෙම පළතුර මෙතෙක් ජනතාව රස බලා නොමැති පළතුරක් වන අතර ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙය ලෙමන් පැණි කොමඩු ලෙස නම් කර තිබේ.
ලෙමන් පැණි කොමඩු ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් සඳහන් කරයි.
ජපාන වෙළඳපොළ තුළ මෙම පළතුර ඇමෙරිකානු ඩොලර් 23.30 ක එනම් ශ්‍රී ලංකා රුපියල් 7000ක් පමණ මුදලකට මිල කර ඇති බවද සඳහන් වේ.










